LPL තරගාවලියේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

LPL තරගාවලිය 2022

3098

LPL තරගාවලියේ තුන්වැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (14) ආරම්භ කර බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

තරගාවලිය සඳහා ලියාපදිංචි වන ක්‍රීඩකයින් කාණ්ඩ කිහිපයක් යටතේ වර්ගීකරණය කිරීමට නියමිත අතර International Ruby, International Sapphire, International Diamond A, International Diamond B සහ International Platinum යනුවෙන් ඒ කාණ්ඩ නම් කර තිබෙනවා.

Ruby සහ Sapphire කාණ්ඩයේ ක්‍රීඩකයින් ලෙස තරගාවලියට එක්වන ක්‍රීඩකයින් ඔවුන්ගේ රටවල ජාතික ක්‍රිකට් පාලක මණ්ඩල වල ලියාපදිංචි වී ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයින් විය යුතුයි.

LPL ක්‍රීඩක වෙන්දේසියට එක්වන අනෙක් ජාත්‍යන්තර ක්‍රීඩකයින් ICCයේ අනුමත පූර්ණ සාමාජික හෝ අර්ධ සාමාජික රටවල ප්‍රධාන විස්සයි විස්ස තරගාවලි ක්‍රීඩා කරන හෝ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින් විය යුතුයි. ලියාපදිංචිය අවසන් කරන දිනය ලෙස ජුනි 23 වැනිදා ලෙස දන්වා තිබෙනවා.

තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු භාගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි භාගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<