Home Sinhala Gladiators හමුවේ Falcons අපරාජිත බව බිඳ වැටෙයි

Gladiators හමුවේ Falcons අපරාජිත බව බිඳ වැටෙයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

638

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (12) පැවති Kandy Falcons සහ Galle Gladiators අතර තරගයෙන් ලකුණු 12ක ජයක් ලබා ගැනීමට සමත් වුනු Gladiators කණ්ඩායම Falcons අපරාජිත බව බිඳ දමන්නට සමත් වුනා.

LPL තරගාවලියේ 9 වැනි තරගය වූ මෙහි කාසියේ වාසිය දිනා ගත් කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Gladiators පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඊයේ (11) තෙක්ම ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් වුණු Gladiators Colombo Starsට එරෙහිව ලකුණු 25ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ නිසාවෙන් සිය ජයග්‍රාහී සංයුතියේ කිසිදු වෙනසක් නොකිරීමට කුසල් මෙන්ඩිස් වග බලාගෙන තිබුණා.

තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමට බවට පත්ව සිටි වනිඳුගේ නායකත්වයෙන් යුතු Falcons, මේ තරගයේ දී තුන් ඉරියව් ක්‍රීඩක Fabian Allen විවේක ගන්වමින් ඒ වෙනුවට අශාන් ප්‍රියන්ජන් කණ්ඩායමට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම

  • Kandy Falcons XI: Pathum Nissanka, Andre Fletcher (wk), Kamindu Mendis, Ashen Bandara, Wanindu Hasaranga (c), Carlos Brathwaite, Ashan Priyanjan, Chamika Karunaratne, Isuru Udana, Zahoor Khan, Ashen Daniel
  • Galle Gladiators XI: Thanuka Dabare, Kusal Mendis (c), Lahiru Udara, Azam Khan (wk), Iftikhar Ahmed, Nuwanidu Fernando, Imad Wasim, Wahab Riaz, Nuwan Pradeep, Nuwan Thushara, Lakshan Sandakan

Gladiators ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 10ක් තුල දවාගෙන ඉතාමත් හොඳ ආරම්භයක් සිය කණ්ඩායමට ලබා දෙන්නට Brathwaite ඇතුළු Falcons ක්‍රීඩකයින්ට හැකි වුනා.

කෙසේ නමුත් ආරම්භක පිතිකරු තනුක සමඟ පිටියේ එක්වූ නුවනිඳු 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87ක් තුල ලකුණු 113ක ශතක සබඳතාවයක් ගොඩනංවමින් Gladiator ලකුණු සටහන සටන්කාමී ලකුණක් දක්වා රැගෙන ගියා.

සෙමින් සීරුවේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළ තනුක 4 පහර 6ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 51ක දී ලකුණු 70ක් ලබාගෙන Gladiators පිතිකරණ සටහනේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනු අතර Falcons කණ්ඩායමේ දුර්වල උඩ පන්දු රැකීම ද (නිස්සංකගේ අතින් උඩපන්දු 2ක්) තනුකගේ ඉනිම මෙතරම් දුරක් රැගෙන එන්නට සහය වුනා.

කෙසේ නමුත් Falcons පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිය කණ්ඩායමට එල්ල වෙමින් තිබුණු පීඩනය පෙරලා අනෙක් කණ්ඩායමට යොමු කිරීමට තනුක සහ නුවනිඳු සමත් වුනා.

තනුක හට අගනා සහයක් ලබා දුන් නුවනිඳු පන්දු 50ක දී ලකුණු 56ක් ලබා ගත්තේ 4 පහර 5ක් සමඟිනුයි.

Powerplay පන්දුවාර 6 අවසානයේ 23/4ක් ලෙස සටහන් වුනු Gladiators ලකුණු සටහන පන්දුවාර 20 අවසානයේ දී 153/6ක් ලෙස (පන්දුවාර 14කදී – 130/2) දැවැන්ත ලකුණු සටහනක් වෙත රැගෙන එන්නට තනුක සහ නුවනිඳු ඇතුළු Gladiators පිතිකරුවන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී Brathwaite නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 17කට කඩුලු 3ක් දවාගෙන දස්කම් දක්වන විට, උදාන ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 154ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Falcons ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 12කට සීමා කරමින් Fletcherගේ කඩුල්ල ලකුණු 8කට දවා ගන්නට තුෂාර සමත් වුනා.

ඉන් අනතුරුව කමිඳු සමඟ එක්වූ නිස්සංක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් ගොඩනංවමින් ඉනිම යම් මට්ටමකට ස්ථාවර කරගත්තා.

Powerplay පන්දුවාර 6 තුල කඩුල්ලක් දැවී ලකුණු 29ක් ලබා ගත් Falcons මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙක් ලකුණු 9කට අඩුවෙන් දැවී ගිය නිසා, ඔවුන්ගේ ආරම්භය එතරම් සාර්ථක වුනේ නැහැ.

පන්දුවාර 14කුත් පන්දු 2ක් අවසානයේ 70/6ක් ලෙස සටහන් වුනු Falcons ලකුණු සටහනට ජීවයක් එකතු කරමින් තරගය උණුසුම් තැනකට රැගෙන එන්නට 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ අශේන් සහ චාමික සමත් වුනා.

පන්දු 24ක දී ලකුණු 55ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් LPL තරගාවලි ඉතිහාසය තුල 7 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවය ගොඩනැංවූ ඔවුන් දෙදෙනා තරගය තීරණාත්මක ස්ථානයකට රැගෙන ආ නමුත්, පන්දු 15ක දී ලකුණු 35ක් (4 පහර 5) ලබා ගත් චාමික දුවද්දී දැවී යාමකට හසු වීම නිසා එම සබඳතාවය අවසන් කිරීමට Gladiators ක්‍රීඩකයින් හට හැකියාව ලැබුණා.

අවසානයේ දී Falcons නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබා ගත් අතර පෙර තරගයේ දී ද අගනා ඉනිමක් දියත් කළ අශේන් මේ තරගයේ දී ද නොදැවී ලකුණු 41*ක් ලබා ගත්තා.

පන්දු 30ක දී වාර්තා වුනු අශේන්ගේ ඉනිම 4 පහර 3කින් සහ 6 පහරකින් වර්ණවත් වුනා. පන්දු යැවීමේ දී තුෂාර සහ සඳකැන් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

Result


Kandy Falcons
141/7 (20)

Galle Gladiators
153/6 (20)

Batsmen R B 4s 6s SR
Thanuka Dabare run out (Pathum Nissanka) 70 51 6 2 137.25
Kusal Mendis c Pathum Nissanka b Carlos Brathwaite 1 4 0 0 25.00
Lahiru Udara b Isuru Udana 5 6 1 0 83.33
Azam Khan lbw b Carlos Brathwaite 1 3 0 0 33.33
Iftikhar Ahmed c Pathum Nissanka b Carlos Brathwaite 0 1 0 0 0.00
Nuwanidu Fernando lbw b Isuru Udana 56 50 5 0 112.00
Imad Wasim not out 15 5 2 1 300.00


Extras 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0)
Total 153/6 (20 Overs, RR: 7.65)
Bowling O M R W Econ
Isuru Udana 4 0 19 2 4.75
Carlos Brathwaite 4 1 17 3 4.25
Ashan Priyanjan 1 0 17 0 17.00
Wanidu Hasaranga 4 0 23 0 5.75
Zahoor Khan 3 0 42 0 14.00
Chamika Karunaratne 4 0 33 0 8.25


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c & b Lakshan Sandakan 29 32 3 0 90.62
Andre Fletcher c Azam Khan b Nuwan Thushara 8 9 1 0 88.89
Kamindu Mendis c Nuwan Pradeep b Lakshan Sandakan 9 14 1 0 64.29
Wanidu Hasaranga c & b Imad Wasim 6 7 1 0 85.71
Ashan Priyanjan run out (Thanuka Dabare) 1 1 0 0 100.00
Ashen Bandara not out 41 30 3 1 136.67
Carlos Brathwaite c Kusal Mendis b 4 9 0 0 44.44
Chamika Karunaratne run out () 32 15 5 0 213.33
Isuru Udana not out 3 3 0 0 100.00


Extras 8 (b 4 , lb 0 , nb 0, w 4, pen 0)
Total 141/7 (20 Overs, RR: 7.05)
Bowling O M R W Econ
Imad Wasim 4 0 15 1 3.75
Nuwan Thushara 4 0 26 2 6.50
Wahab Riaz 4 0 34 0 8.50
Nuwan Pradeep 3 0 34 0 11.33
Lakshan Sandakan 4 0 22 2 5.50
Iftikhar Ahmed 1 0 6 0 6.00



2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු එසැණින් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<