යුධ හමුදා ක්‍රීඩකයින් පෙරමුණ ගැනීමට සමත් වෙයි.

168

2018 වසරේ ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ ප්‍රථම දිනය ඊයේ (14) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී සාර්ථකව නිමාවට පත් විය. ඊයේ පැවති සියලුම තරග පිරිමි අංශයේ තරග වූ අතර එහි දී වැඩි ජයග්‍රහණ සහිතව පෙරමුණ ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

අනූෂා, තිවංක, ඉෂාන් මීළඟ පදක්කම් දඩයමට සැරසෙයි

එළඹෙන අගෝස්තු 21 වැනිදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර දී ඇරඹෙන ආසියානු බොක්සිං …

පිරිමි, කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ එස්. පී. බණ්ඩාර හා MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඒ. අයි. සංජය අතර තරගයෙන් සංජය තරගය ජයග්‍රහණය කළේ තෙවන වටයේ දී බණ්ඩාර වෙත නොක්-අවුට් පහරක් එල්ල කිරීම හේතුවෙනි.

පිරිමි, කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. සී. බණ්ඩාර හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ජී. කේ. රවින්ද්‍රනාත් අතර තරගයෙන් 3-2ක් ලෙස ජය ගැනීමට බණ්ඩාර සමත් විය.

පේරාදෙණිය බොක්සිං සමාජය නියෝජනය කළ පී. ඩී. විද්‍යාලංකාර හා MAS ක්‍රීඩා සමාජයේ එම්. ඒ. නුවන් අතර තරගයෙන් 5-0ක් ලෙස ජය ගැනීමට නුවන් සමත් විය.

විද්‍යාලන් ක්‍රීඩා සමාජයේ පී. එම්. හඳුවෙල හා MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඩබ්. බී. මනරම් අතර තරගය මනරම් නිතරගයෙන් ජය ගත්තේ හඳුවෙලගේ නොපැමිණීම හේතුවෙනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එම්. උදයකුමාර හා පොලිස් ක්‍රීඩා සමාජයේ වී. එල්. එරන්ද අතර තරගය විනිසුරුවරයා විසින් නවතන ලද්දේ උදයකුමාර වෙත ජයග්‍රහණය ලබා දෙමිනි.

පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. කේ. රාජපක්ෂ හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ජී. ඩබ්. සුගත් අතර පැවති තරගයෙන් 5-0ක් ලෙස ජය ගැනීමට රාජපක්ෂ සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. එම්. දසනායක හා පොලිස් ක්‍රීඩා සමාජයේ එම්. එම්. ෆර්ශාඩ් අතර තරගය දසනායක ජය ගැනීමට සමත් වූයේ 5-0ක් ලෙසයි.

ලෝක යොවුන් බොක්සිං කරළියට බසින ලක් කොල්ලන්

ලෝක යොවුන් බොක්සිං ශූරතාවය එළඹෙන අගෝස්තු 21 සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා …

පිරිමි, කි.ග්‍රෑ. 64 ලයිට්වෙල්ටර් වෙයිට් බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඩී. සී. නිලංග හා යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ එම්. ඒ. බණ්ඩාර අතර තරගයෙන් 4-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට බණ්ඩාර සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන එම්. එම්. ජයවීර හා එන්. කේ. පද්මකුමාර අතර තරගයෙන් 5-0ක් ලෙස ජය ගැනීමට පද්මකුමාර සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ටී. එස්. අධිකාරි හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. කේ. සමීර අතර තරගයෙන් 3-2ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ සමීර යි.

පිරිමි, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

MAS ක්‍රීඩා සමාජයේ එස්. එන්. හීල්බත්දෙණිය හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. ජී. පද්මසිරි අතර තරගයෙන් 5-0ක් ලෙස හීල්බත්දෙණිය ජය ගැනීමට සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එම්. ඒකනායක හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ වයි. කේ. අතුකෝරල අතර තරගයෙන් 5-0ක් ලෙස ජය ගැනීමට ඒකනායක සමත් විය.

MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඒ. අයි. රාජපක්ෂ හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. ජී. මදුරංග අතර තරගයෙන් 3-0ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ රාජපක්ෂ යි.

MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්. එම්. හෙට්ටිආරච්චි හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සී. ඒ. ජයලත් අතර තරගයෙන් හෙට්ටිආරච්චි ජය ගැනීමට සමත් වූයේ 5-0ක් ලෙසයි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ වයි. එම්. දිල්ශාන් හා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ කේ. කේ. බණ්ඩාර අතර තරගය 3-2ක් ලෙස ජය ගැනීමට දිල්ශාන් සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන පී. එස්. රත්නායක හා ඒ. ඩී. සම්පත් අතර තරගයෙන් 3-2ක් ලෙස ජය ගැනීමට සම්පත් සමත් විය.

පිරිමි, කි.ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. එස්. රූපසිංහ හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ජී. ඩී. රන්තිලක අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජය ගැනීමට රූපසිංහ සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සී. සම්පත් කුමාර හා MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඒ. එස්. කුමාර අතර තරගය සම්පත් කුමාර නිතරගයෙන් ජය ගැනීමට සමත් වූයේ ඒ. එස්. කුමාරගේ නොපැමිණීම හේතුවෙනි.

අද (15) දිනයේ දී ද තරගාවලිය පැවැත්වෙන අතර එහි සියලු පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<