සිදු වුනා යැයි පැවසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාවේ නවතම තත්වය

246

ලබන ඔක්තෝබර් මාසයේ ද ආරම්භ වෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක (රුපියල් මිලියන 900) මුදලක් විදේශීය පෞද්ගලික ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්  පසුගිය දා අදහස් දැක්වීමක් සිදු කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම් අංශයට සීල් තබයි

ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක වංචාවක් හසුවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශයට අද (10) සීල් තබා ඇතැයි වාර්තා වෙනවා. චන්දිමාල්ට ආසියානු කුසලානය මඟ හැරේ ශ්‍රී ලංකා…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් පවසන පරිදි ඔවුන්ගේ නිල විද්‍යුත් තැපැල් ලිපින සොරා ගෙන (hacking) නොමැති අතර හිටපු නිලධාරියෙක් මාර්ගයෙන් මේ මූල්‍ය අක්‍රමිකතාව සිදුව තිබේ. මෙහි දී හිටපු සභාපතිවරයෙකු හට අයත් සමාගමක සේවය කළ පුද්ගලයෙකු ද වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ සේවය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පිළිගත්තේය.

මේ සිදුවීම දැන ගත් වහාම ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳව වහාම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා කටයුතු කරන ලදි.

“අපි මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරන්න අදාළ තැන්වලට ලබා දීලා තියෙන්නේ. මූල්‍ය අංශයේ ප්‍රධානියාට Sony සමාගම සමඟ සමීප සබඳතාවයක් තියෙනවා. මේ පරීක්ෂණ වැඩ ඉවර වෙනකන් අපි ඔහුව නිවාඩු යවලා තියෙන්නේ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව එක්ක තරග කරනවා කියන්නේ පුහුණු තරගයක් වගේ – ගවස්කාර්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම පරාජය වීමට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු තාක්ෂණික අංශයේ කළමනාකරු වන නදීශාන් සූරියආරච්චිගේ සිය අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විද්‍යුත් ලිපිනයක් හරහා අදාළ ලිපි ලේඛන හුවමාරු වී ඇති බවත් එය සිදු වී ඇත්තේ ඒ අදාළ විද්‍යුත් ලිපිනයන් සොරා ගැනීමකින් (hacking) තොරව බවත් ඔහු සනාථ කළේය.

“අපි මේක දැනගත්තු ගමන්ම FCID එකට දුන්නට මේකේ පරීක්ෂණ කටයුතු කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරලා තියෙනවා. අපි අපේ උපරිම සහය ඔවුන්ට දෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා වන කමල් පත්මසිරි මහතා පැවසුවේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<