දකුණු අප්‍රිකාවේ තවත් ක්‍රීඩකයෙකුට ආබාධයක්

187
ICC

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ දකුණු අප්‍රිකා සංචිතයේ තවත් ක්‍රීඩකයෙකු ආබාධයට ලක්ව තිබේ. ඊයේ (02) බංග්ලාදේශ කණ්ඩායම සමඟ නිමාවට පත්වූ තරගයේ දී යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ලුන්ගි න්ගිඩි මෙලෙස ආබාධයට ලක්විය.

ව්‍යාඝ්‍රයින් පළමු තරගයේ දී ම ඉතිහාසගත ජයක් ලබයි

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට ……..

ඊයේ තරගයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවාර 4ක් යොමු කළ ලුන්ගි න්ගිඩි එම පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 34ක් ලබා දෙන ලදි.

නමුත් පසුව ඔහු තරගයේ හත්වැනි පන්දුවාරය වන විට වහා ක්‍රියාත්මක වන පරිදි විවේකාගාරයට ගමන් කළේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙනුයි. කෙසේ වෙතත් ආබාධය හේතුවෙන් ඔහුට යළිත් තරගයේ පන්දු යැවීමට අවස්ථාව හිමි නොවීය.

මෙම ආබාධය හේතුවෙන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ජුනි 5 වැනිදා පැවැත්වෙන තරගාවලියේ තුන්වැනි තරගය අහිමි වන බව වාර්තා වේ. ඉන්දියාවට එරෙහි තරගයේ දී ෆෆ් ඩු ප්ලෙසිස් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ලෝක කුසලාන කණ්ඩායමට ලුන්ගි න්ගිඩිගේ දායකත්වය නොමැති වීම අවාසි සහගත බව විචාරකයින් පෙන්වා දෙයි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ කළමණකරු වෛද්‍ය මොහොමඩ් මොසාජි මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ලුන්ගි න්ගිඩිගේ දායකත්වය මෙවර ලෝක කුසලානයේ දී සිය කණ්ඩායමට වැදගත් බැවින් ඉන්දියාවට එරෙහි තරගයේ දී ඔහුව විවේක ගන්වන බවය.

මෙම ආබාධය හේතුවෙන් ලුන්ගි න්ගිඩිට දින 7ත් 10ත් අතර කාලයක් විවේක ගැනීමට සිදු වන බවත්, අද දිනයේ දී ඔහුව පරීක්ෂණයකට ලක් කරන බවත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ කළමණකරු වෛද්‍ය මොහොමඩ් මොසාජි මහතා වැඩිදුරටත් සඳහන් කරමින් පවසා ඇත.

හයිඩර් – රොහායිල් සත්කාරකයින් මව් රටේ දී අසරණ කරයි

සත්කාරක ශ්‍රි ලංකා (19 පහළ) යොවුන් කණ්ඩායමේ ……..

කෙසේ හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයට ලුන්ගි න්ගිඩිගේ සහභාගීත්වය තහවුරු කර ගැනීම සඳහා දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය යුහුසුළුව කටයුතු කරමින් සිටි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා සහ ආරම්භක පිතිකරු හෂීම් අම්ලාට සහ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට ද ආබාධ හේතුවෙන් ඊයේ පැවති තරගය අහිමි විය.

සුපිරි ආරම්භක පිතිකරු හෂීම් අම්ලා එංගලන්තයට එරෙහි පළමු තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් ආබාධයකට ලක් වූ අතර ඔහු ඉන්දියාවට එරෙහිව ලබන 5 වැනිදා පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ.

නිමාවට පත්වු ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී උරහිසෙහි ආබාධයකට ලක් වූ ඩේල් ස්ටේන් ද ඉන්දියාවට එරෙහි තරගය සඳහා ක්‍රීඩා කිරීමේ වැඩි සම්භාවිතාවක් පවති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<