දීර්ඝ විරාමයකට පසු ලසිත් මාලිංග නැවතත් කැඳවයි

1442

වසරක විරාමයකට පසු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන්නට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා නම් කළ 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට මාලිංග නම් කර තිබේ.

“අනිත් අයට වගේම මාලිංගටත් කණ්ඩායමට එන්න පුළුවන්” – හතුරුසිංහ

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලානයට හා ඉදිරියේ දී ඇති ක්‍රිකට් තරගාවලි සඳහා කණ්ඩායමේ ඇති පෙර සූදානම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු…

35 හැවිරිදි ලසිත් මාලිංග එක්දින කඩුලු 301කට හිමිකම් කියන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ එක්දින තරගයෙන් පසු මාලිංගව නැවත කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව උනන්දු වූයේ නැත. මේ දිනවල ක්‍රියාත්මක වන SLC විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී මාලිංග පන්දු වාරයකට ලකුණු 8.67ක් ලබා දෙමින් තරග හයක දී කඩුලු තුනක් දවා ගෙන තිබේ.

තරග තහනමකට ලක්ව දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරගාවලිය ක්‍රීඩා නොකළ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නැවතත් කණ්ඩායමට කැඳවා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැනවූ තරග හයක තහනමෙන් පසු ධනුෂ්ක ගුණතිලක ද කණ්ඩායමට ඇතුළු වී තිබේ.

දකුණත් දඟපන්දු යවන ක්‍රීඩා දිල්රුවන් පෙරේරා ද සෑහෙන කලකට පසු නැවත එක්දින කණ්ඩායමට කැඳවා ඇති අතර ආබාධයකින් සුවය ලැබූ දුෂ්මන්ත චමීර ද කණ්ඩායමට එක්වන්නේ කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණිය සවි ගන්වන්නටය.  

ICCය ශ්‍රී ලංකාවට තවත් කල් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (29) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විධායක නිලධාරීන් මුණගැසුණු අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට්…

දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කළ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල, වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, මැදපෙළ පිතිකරු ෂෙහාන් ජයසූරිය හා ලක්ෂාන් සඳකැන් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ආබාධයක් හේතුවෙන් ලහිරු කුමාර කණ්ඩායම තේරීම සඳහා සලකා බලා නැත.  

2018 ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකාව ඩුබායි හිදී බංගලාදේශය හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, දිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග

අතිරේක ක්‍රීඩකයින් – නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් මදුසංක, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ෂෙහාන් ජයසූරිය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<