ICCය ශ්‍රී ලංකාවට තවත් කල් දෙයි

206
Image Courtesy: Faiszer Musthapha’s Official Facebook page

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (29) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විධායක නිලධාරීන් මුණගැසුණු අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දී තිබූ කාලය තවත් දිගු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමත්ව ඇත.

මේ වසර අවසන් වීමට පෙර නිලවරණය තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වර්තමානයේ දී ඉතාමත් භයානක පරිපාලනමය අවදානමක් අබියසට…

ඩුබායි හිදී පැවති ඒ හමුවේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ ලබන වසරේ එනම් 2019 වසරේ පෙබරවාරි මස 9 වැනිදාට පෙර නිලවරණය පවත්වන ලෙසයි. එනම් මීට පෙර ඔවුන් විසින් ලබා දී තිබූ කාලය තවත් සති පහක පමණ කාලයකින් ඉදිරියට ගැනීමක් මෙහි දී සිදුවී තිබේ.

මේ හමුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, ක්‍රීඩා අමාත්‍යතුමා මඟින් පත්කළ බලයලත් නිලධාරි කමල් පද්මසිරි මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා හා නියෝජ්‍ය සෝලිස්ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂනක් මනෝහර් හා ICC විධායක නිලධාරි ඩේවිඩ් රිචර්ඩ්සන් යන මහත්වරුන් සමඟින් සාකච්ඡා කළේය.

ඊට අමතරව නිලවරණය පවත්වන ආකාරය, නිලවරණය සඳහා බලපැවැත්වෙන රෙගුලාසි ඇතුළු කරුණු කාරණා කිහිපයක් සම්බන්ධව ද දෙපාර්ශවය අතර යම් යම් එකඟතාවයන් කිහිපයකටම පැමිණ ඇත.

කුසල් ජනිත් හා ශානකගෙන් හයේ හතරේ සැණකෙළියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 ක්‍රිකට් තරගාවලියේ තවත්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක්, මැතිවරණ කොමිසමේ විශ්‍රාමික සාමාජිකයෙක් හෝ  මැතිවරණ කොමිෂන් සභාවේ හෝ වෙනත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු වැනි අත්දැකීම් බහුල නිලධාරීන් සහිත කමිටුවක් තෝරාපත්කරගෙන නිලවරණයේ ඉදිරි කටයුතු පැවැත්වීමට බලාපොරොත්තු වේ.

මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීම තහනම් කරමින් ගරු අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළ අතර ඒ නිසාවෙන් නියමිත දිනයට නිලවරණය පැවැත්වීමට නොහැකි නිසා ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පසුගිය ජුනි පළමු වැනිදා සිට නිලවරණය පවත්වා අවසන් වන තෙක් එහි වැඩ කටයුතු බැලීමට එම අමාත්‍යංශයේ ලේකම් වන කමල් පද්මසිරි මහතාව පත් කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<