ටෙන්දුල්කාර්ව හඹාගොස් පසුකළ කෝලි

13
Picture courtesy - cricket.com.au

“ලකුණු යන්ත්‍රය” (The run machine) ලෙස හැඳින්වෙන විරාත් කෝලි විසින් සචින් ටෙන්ඩුල්කාර් විසින් තබා තිබූ තවත් වාර්තාවක් බිඳලන්නට ඊයේ (06) සමත් විය. ලකුණු හඹායෑමේ ශූරයෙකු ලෙස ප්‍රචලිත කෝලි විසින් තමා යටතට ගත් මෙම වාර්තාව නම්, “ලකුණු හඹායමින් වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා” නමැති වාර්තාවයි.

ශ්‍රී ලංකා හා ඉන්දීය තරග කාලසටහන නිකුත් වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනි දා ආරම්භ වන අතර, එහි පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගයේදී මෙම වාර්තාව පසුකළ කෝලි මේ වන විට වාර්තා කොට ඇති ශතක ප්‍රමාණය 28ක් වන අතර ඉන් 18ක්ම වාර්තා වී ඇත්තේ ලකුණු හඹායෑමේදී යි. මින් පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ ටෙන්ඩුල්කාර් ලකුණු හඹායමින් රැස්කොට තිබූ ශතක ප්‍රමාණය 17කි. ටෙන්ඩුල්කාර්ට ඒ සඳහා ඉනිම් 232ක් අවශ්‍ය වූ අතර කෝලි ඊට වැයකොට ඇත්තේ ඉනිම් 102ක් පමණක් වීම විශේෂ ය.

ලකුණු හඹායමින් වැඩිම ශතක වාර්තා කළවුන් අතරින් තෙවැන්නා ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන් ය. ඔහු විසින් ලකුණු හඹායෑමේදී වාර්තා කොට ඇති ශතක ප්‍රමාණය 11කි. එහිදී ඩිල්ෂාන්ට වැයවී ඇති ඉනිම් ප්‍රමාණය 116කි

කෝලි විසින් වාර්තා කළ 28 වැනි ශතකයත් සමඟ ඉන්දියාව තරගාවලියේ ජය තමන් සතුකරගත් අතර රිකී පොන්ටින් විසින් වාර්තා කළ එක්දින ශතක 30 වාර්තාව සම කිරීමට ඔහුට ඇවැසි වන්නේ තවත් ශතක දෙකක් පමණි.  

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට