හිරු නොබසින රාජ්‍යයේ තහනම තවත් දීර්ඝ කෙරේ

85

පැතිර යන කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන එක්සත් රාජධානියේ මලල ක්‍රීඩා තරග සඳහා පනවා තිබූ තාවකාලික තහනම ජුනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.

ක්‍රීඩකයින්ව මූල්‍ය ගැටලුවලින් බේරගන්න අලුත් වැඩක්

පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ආර්ථික ගැටලුවලට මුහුණ පා ඇති මලල …………

එරට රජයේ සහ මලල ක්‍රීඩා සංගම්වල තීරණය පරිදි මින් පෙර මැයි මස 31 වැනිදා දක්වා සියලුම ක්‍රීඩා ක්‍රියාකාරකම් අත්හිටුවීමට තිරණය කෙරූ නමුත්, පවතින තත්වයේ වැඩි වීම නිසාවෙන් එය තවත් මාසයකින් දීර්ඝ කිරීමට බලධාරීන් පසුගිය දා තීරණය කරන ලදි.

මෙම තීරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මලල ක්‍රීඩා බලධාරීන් ප්‍රකාශ කර සිටියේ මෙම නැවත දිගු කළ තහනම මලල ක්‍රීඩා තරගාවලි සඳහා පමණක් වනු ඇති අතර මලල ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට සාකච්ඡා කරමින් ඇති බවයි.

“එක්සත් රාජධානිය තුළ දැනට පනවා ඇති මලල ක්‍රීඩා තහනම අවම වශයෙන් ජුනි 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය බොහෝ විට මලල ක්‍රීඩා තරගාවලි සඳහා පමණක් වලංගු වන අතර අනෙකුත් මලල ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා මෙම තහනම අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ ද යන්න මැයි මස මුල් සතියේ දී දැනුම් දීමට නියමිතයි” යන්න ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව ජුනි මස 6 සහ 7 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 23න් පහළ එංගලන්ත මලල ක්‍රීඩා තරගාවලිය දින නියමයකින් තොරව කල් යනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<