ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට නව උපකරණ සහ ඇඳුම් කට්ට්ල

348
Players who received equipment with the Minister of Sports
Players who received equipment with the Minister of Sports

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සහ යොනෙක්ස් සන්රයිස් ආයතනය එක්ව බැඩ්මින්ටන් ක්‍රීඩකයන් 48 දෙනෙකුට සහ පුහුණුකරුවන් 8 දෙනෙකුට ක්‍රීඩා උපකරණ සහ ඇඳුම් ලබා දීමේ උත්සවයක් පසුගිය දා කොළඹ බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේ දී, ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගිය ලිපි: නිලූක 15 වැනි වරටත් ජාතික ශූරයා වෙද්දී යුගල සහ මිශ්‍ර යුගල පරදියි

මෙම ක්‍රීඩා උපකරණ යොනෙක්ස් සන්රයිස් ආයතනය හා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය එක්ව සම්මත කරගත් පස් අවුරුදු කොන්ත්‍රාත්තුවක් මත ලැබුණු බව සඳහන් ය. මෙම ක්‍රීඩා උපකරණ ජාතික මට්ට්මේ හා පාසල් සහ කනිෂ්ඨ තරඟාවලි වල දක්ෂතා අතරට පැමිණි නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙදා දෙන ලදී.

ශ්‍රී ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප් නැංවීම උදෙසා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මගින් ගෙන ඇති පියවර රාශියක තවත් එක් අංගයක් ලෙස මෙය හැඳින්වීමට හැකිය. මෙහිදී ඉහල දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන්ට ලබා දුන් මෙම උපකරණ කට්ටල, ඔවුන් ක්‍රීඩාව කෙරෙහි තව තවත් උනන්දු කරනවා නො අනුමානය. මෙම ක්‍රීඩා කට්ටල වල ක්‍රීඩා පාවහන්, බැඩ්මින්ටන් රැකට් සහ ක්‍රීඩා ඇඳුම් අඩංගු ය. මෙම උපකරණ යොනෙක්ස් සන්නාමය යටතේ යොනෙක්ස් සන්රයිස් ආයතනය මගින් ලබා දුන් ඒවා විය.

පසුගිය සමයේ දේශීය හා අන්තර්ජාතික තරඟාවලි වල දැක්වූ දක්ෂතා ද පදනම් කර ගනිමින් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ සංචිත වල කාන්තා හා පිරිමි ලෙස සමස්ථ වශයෙන් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 48 දෙනෙකුට මෙහිදී උපකරණ කට්ටල් බෙදා දෙනු ලැබිනි. මේ සඳහා සෑම සංචිතයකින්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු බැගින් තෝරා ගනු ලැබිනි. ඊට අමතරව පුහුණුකරුවන් අට දෙනෙකු සඳහා ද උපකරණ කට්ටල බෙදා දෙනු ලැබිනි.

උත්සවයේ දී අදහස් දක්වමින් අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කලේ මෙම උපකරණ ක්‍රීඩකයින් දිරිමත් කරවන සුළු හා මෙමගින් තවදුරටත් ක්‍රීඩාවේ නිරත වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු කරවනු ඇති බවය. එමෙන්ම ක්‍රීඩාවේ මතු වන ඕනෑම ගැටලුවක් ඔහු වෙත යොමුකරන ලෙස ප්‍රකාශ කල ඒ මහතා ඒ සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ද පොරොන්දු විය.

අප බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා ජාතික සංචිතයක් පිහිටුවීමට කටයුතු කරන අතර ම ප්‍රාදේශීය මට්ටමෙන් බැඩ්මින්ටන් ක්‍රීඩා පිටි ඉදි කිරීමට සැලසුම් කරනවා. ක්‍රීඩකයන් පුහුණුවීම් කටයුතු සඳහා ඇල්මැරුණු ස්වභාවයක් දක්වන බවට ආරංචි වී තිබෙන නමුත් ඒවා නිරාකරණය වනු ඇති බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

උපකරණ කට්ටල ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්

නිලුක කරුණාරත්න, දිනුක කරුණාරත්න, ඩිලුක කරුණාරත්න, චාමික කරුණාරත්න, කවිදි සිරිමාන්නගේ, තිලිනි හෙන්දහේවා, චන්ද්‍රිකා ද සිල්වා, අචිනි රත්නසිරි, සචින් ඩයස්, ඒෂානි පලිහේන, සෙව්මිණ ගුණතිලක, තරිඳු අඹේගොඩ, සචින්ත රාජපක්ෂ, තනුෂි රත්නායක, කාවින්දිකා බිනරි, ඉල්මි ද සිල්වා, ඉමේශ් හසරංග, විභවි මධුශා, සුපුන් ලංකරංග, අරුණ සෙනවිරත්න, උපුලි වීරසිංහ, අමාලි අමරසිංහ, නදීශ ගයන්ති, බුත්මි ගල්ගමගේ, හසිත චානක, තිසර නිම්මික, දිල්මි ඩයස්, තිලිණ ගෝනපිනුවල, මධුක දුලංජන, නදින් අනුශ්ක, අමාලි සමරනායක, යශ්මිතා දයාරත්න, ආර්. එස්. දහනායක, රන්තුශ්ක සසිදු, ලහිරු වීරසිංහ, ප්‍රමොද්‍ය රණවීර, තරින් පුංචිහේවා, හෂිණි අම්බලන්ගොඩගේ, කවිශ්ක ගුණරත්න, මධුශිකා දිල්රුක්ෂි, ගයනා පීරිස්, ගීත්මි අබේරත්න, ඉනුරි කුරුප්පු, කසුන් අමරසේන, රෙසින්ත රිද්ම, හසාරා විජේරත්න, ලසංග හෙට්ටිආරච්චි, භාග්‍යා දීමන්ති.

තවත් පුවත් සඳහා පිවිසෙන්න