කොදෙව් සීමිත පන්දුවාර නායකත්වයේ වෙනසක්

99

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වය කිරන් පොලාර්ඩ් වෙත ලබා දීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

රවීගේ වැටුප කෝටි දෙකකින් පමණ ඉහළට!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිය කොන්ත්‍රාත්තුව දිගු කළ රවී ශාස්ත්‍රී හට 20%ක වැටුප් වැඩි වීමක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක .

කෙසේ නමුත් 2015 වසරේ සිට මේ දක්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ අංශයන් තුනේම නායකයා ලෙස කටයුතු කළ ජේසන් හෝල්ඩර් තවදුරටත් ඔවුන්ගේ ටෙස්ට් කණ්ඩායමේ නායක්වත්වය දරනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තුන් ඉරියව් ක්‍රීඩක හෝල්ඩර්ගේ නායකත්වය යටතේ තරගාවලියට පිවිසි නමුත්, ක්‍රීඩා කළ තරග නවයෙන් ඔවුන්ට ජය ගැනීමට හැකි වූයේ තරග දෙකකි. ඒ නිසාවෙන් එම ලෝක කුසලානයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම් දහය අතරින් කොදෙව් කණ්ඩායමට දිනා ගැනීමට හැකි වූයේ නවවැනි ස්ථානයයි. 

හෝල්ඩර් මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ එක්දින ක්‍රිකට් තරග 107ක් ක්‍රීඩා කර තිබෙන අතර ඉන් තරග 86ක දී ඔහු කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබේ. නව නායක පොලාර්ඩ් 2007 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 101ක දී කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දක්වා තිබෙන අතර 2012 වසරේ දී ලෝක විස්සයි විස්ස ක්‍රිකට් කිරුල කොදෙව් දේශයට දිනා දුන් කණ්ඩායමේ ද සාමාජිකයෙකි. 

ආරක්ෂාව පිළිබඳ සැහීමකට පත්නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගෙදර නවතියි

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වීමට

“මම කොදෙව් කණ්ඩායමේ සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය ඉතාමත් කැමැත්තෙන් ගෞරවයෙන් භාරගන්නවා. ඒ වටිනා තනතුර මට ලබා දීම පිළිබඳව මම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ස්තුතිවන්ත වනවා. ඒ ගොල්ලෝ මාව විශ්වාස කරලා තමයි මේ වටිනා කාර්‍ය භාර මට දුන්නේ. මම අපේ පුහුණුකරුවන් ක්‍රීඩකයින් එක්ක වැඩ කරන්න ගොඩක් කැමැත්තෙන් ආසාවෙන් ඉන්නවා. මොකද ඉදිරියේ දී තවත් වටින ක්‍රිකට් තරගාවලි ගොඩක් පැවැත්වෙනවා.” යැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නව නායක පොලාර්ඩ් පැවසීය.

පොලාර්ඩ්ගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම මුහුණ දෙනු ලබන තරග තුනකින් සමන්විත එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොවැම්බර් මාසයේ දී ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වේ. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<