කාලිංග ටෝකියෝවේ දී දෙවැනි තැන ලබයි!

Seiko Golden Grand Prix 2024 Tokyo

115
Kalinga kumarage

ජපානයේ ටෝකියෝ හිදි පැවැත්වුණු Seiko Golden Grand Prix තරගාවලියේ දී පිරිමි මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ විසින් අද (19) සමත් වුනා. 

අද උදෑසන පැවැත්වුණු මෙම තරගයේ දී ජපානය, ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය වැනි රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වූ අතර, ඉසව්ව තත්පර 45.21කින් නිම කළ ජපාන ක්‍රීඩක Kentaro Sato ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී, කාලිංග කුමාරගේ තත්පර 45.57ක කාලයක් සමඟ දෙවැනි ස්ථානයට පත් වුනා. 

ඉසව්වේ තෙවැනි ස්ථානය ද ජපානය හිමි වූ අතර, තත්පර 45.77ක් සමඟින් Kaito Kawabata තෙවැනි තැන දිනාගත්තා. 

මේ අතර කාලිංග හෙට (20) දිනයේ දී ආසියානු සහය දිවීමේ ශූරතාවලියේ මිශ්‍ර 400×4 ඉසව්වට ද සහභාගී වීමට නියමිතයි. 

පළමු වරට පැවැත්වෙන මෙම සහය දිවීමේ තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳව ද ඔබ වෙත තොරතුරු සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<