පාපන්දු ශූරයාට අැමතිගේ අවධානය

1158
Justices for Blue star player E.B. channa news

සති කිහිපයකට ප්‍රථම මාධ්‍ය මඟින් අවදානයට ලක් කල වසර ගණනකට පෙර පාපන්දු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින පාපන්දු ක්‍රීඩකයෙකු වන ඊ. බී. චන්න නම් ඔහුගේ අද වෘත්තීය ජීවිකාව වී අැත්තේ මිනී වලවල් හාරමින් සහ තණකොල කපමින් තම ජීවිතයත් සිය පවුලේ සමාජිකයින්ගේ ජීවිතයත් ගැටගසා ගැනීමටයි.

පසුගිය ලිපි: සුපිරි 8 දෙනා කුසලානයට සූදානම්

වසර 16ක පාපන්දු ඉතිහාසයකට හිමිකම් කියන ඔහු ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්නේ 1998 වසරේ සිටයි. එදා සිට 2014 වර්ෂයේ සිය පාපන්දු ජීවිතය නිමා කරන තෙක් ඔහු සහභාගී වුනු ජාත්‍යන්තර පාපන්දු තරග ගණන 128ක්. 2012 වර්ෂයේදි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා ලෙස පවා කටයුතු කල ඔහු ජාත්‍යන්තර තරග ද්විත්වයකදි හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පවා පිදුම් ලද ක්‍රීඩකයෙකි.

දේශීය වශයෙන් පවා දස්කම් දක්වා අැති ඔහු ජාතික කණ්ඩායමට අමතරව රත්නම්, මීගමුව යූත් යන ප්‍රභල ක්‍රීඩා සමාජයන්හි පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සිය දස්කම් දැක්වූ අතර 2015 වර්ෂයේ සිට කළුතර බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය දස්කම් ප්‍රදර්ශණය කරයි.

එලෙස අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු හට අද දිනය වන විට උරුම වී අැති තත්ත්වය නම් සුළු කම්කරුවෙකු ලෙස ගාල්ල නගර සභාව යටතේ සේවය කිරීමටයි. එයද වසරක කොන්ත්‍රාත් පදනමක් යටතේය.

කෙසේනමුත් මෙරට ක්‍රීඩාව යහපත් තැනකට ගෙන යෑමට උත්සහ දරණ වර්තමාන ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතාගේ අවධානය ඔහු වෙත යොමුවන්නේ මේ අතරවාරයේදීයි.

මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අද (21) හෙට්ටිපොල ප්‍රදේශයේදි පැවති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කලේ චන්නගේ ජීවිතය වෙනුවෙන් සහ ඔහුගේ අනාගතය වෙනුවෙන් තමා කඩිනමින් පියවර ගැනීමට කටයුතු කරන බවයි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඊ. බී. චන්න පිළිබඳව මින් පෙර නිලධාරීන් විසින් කටයුතු කර ඇති බවත් මොනයම් හෝ හේතුවක් මත ඔහුට ස්ථීර රැකියාවක් ලබාගැනීමට නොහැකිවී ඇති බවත්ය. කෙසේ හෝ පාපන්දු සම්මේලනයේ සභාපති සමග සාකච්ඡා කොට චන්න ක්‍රීඩකයාගේ වර්තමාන දුක්ඛිත තත්වයෙන් ඔහුව මුදවා ක්‍රීඩකයෙක් ලෙස ඔහුට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී සුදුසු රැකියාවකට යොමුකිරීමට කටයුතු කරන බවත්  අමාත්‍යවරයා ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මාහැඟි මෙහෙවරක් ඉටුකල මෙවන් ක්‍රීඩකයින්ගේ හෙට දවස ගැන දැන් හෝ බලදාරීන්ගේ අවදානය යොමුවීම සතුටට කරුණක් වන අතර නවක පාපන්දු ක්‍රීඩකයින් හට ඔහු වැනි ක්‍රීඩකයෙකුගෙන් ලබා ගත හැකි අත්දැකීම් මිළ කල නොහැකිය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට