WATCH – ශ්‍රී ලංකාවට වැඩි වටිනාකමක් ලැබුණු 2022 IPL වෙන්දේසිය

957

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 13 වැනිදා නිමා වුනා. විදෙස් ක්‍රීඩකයින් 67ක් ද ඇතුලත්ව ක්‍රීඩකයින් 204ක් මෙවර වෙන්දේසියේ දී අලෙවි වුනා.

වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න සහ භානුක රාජපක්ෂ මෙවර වෙන්දේසියේ දී අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්. එකිනෙකට වෙනස් කණ්ඩායම් 5ක් විසින් ඔවුන්ව මිල දී ගැනීම විශේෂත්වයක්.