සාන්ත ජෝසප් සහ මියුසියස් දක්ෂතම පාසල් ලෙස කිරුළු දරයි

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2019

279

50 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද (30) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය. වයස අවුරුදු 12න් පහළ, 13න් පහළ, 14න් පහළ හා 15න් පහළ ලෙස තරගාවලියේ කාණ්ඩ 4ක් පැවති අතර එය බාලක හා බාලිකා ලෙස අංශ දෙකක් යටතේ පැවැත්විය.

කනිෂ්ඨයින් තිදෙනෙක් නව වාර්තාවලට උරුමකම් කියති

කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ…

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ මියුසියස් විද්‍යාලය දක්ෂතම පාසල් ලෙස සම්මානයට පාත්‍ර විය. දක්ෂතම ක්‍රීඩකයා වූයේ කඳාන ඩී මැසනඩ් විද්‍යාලයේ එම්. කෞෂාන් ය. ඔහු සහභාගි වූ වයස අවුරුදු 15න් පහළ දුර පැනීම තරග ඉසව්වේ දී මීටර් 6.49ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.

මහනුවර කොළඹ ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් වයස අවුරුදු 15න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව තත්පර 25.7කින් නිමා කළ සේනකා ගුණරත්න හොඳම කනිෂ්ඨ ක්‍රීඩිකාව ලෙස නම් කෙරිනි.

තරගාවලියේ එක් එක් වයස් කාණ්ඩවල ශූරතාව හා අනුශූරතාව ජයග්‍රහණය කළ පාසල් පහත පරිදි වේ.

වයස් කාණ්ඩ ශූරතාව – වයස අවුරුදු 12න් පහළ බාලක

  • ශූරතාව: විද්‍යා විද්‍යාලය – ගල්කිස්ස
  • අනුශූරතාව: විජිත මධ්‍ය විද්‍යාලය – දික්වැල්ල
  • තුන්වැනි ස්ථානය: සාන්ත පීතර විද්‍යාලය උඩුගම්පොළ

වයස් කාණ්ඩ ශූරතාව – වයස අවුරුදු 12න් පහළ බාලිකා

  • ශූරතාව: විජයපුර කනිෂ්ඨ විද්‍යාලය තණමල්විල
  • අනුශූරතාව: ලයිසියම් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ
  • තුන්වැනි ස්ථානය: Our Lady Of Victory’s Convent – මොරටුව, උසස් බාලිකා විද්‍යාලය – මහනුවර

වයස් කාණ්ඩ ශූරතාව – වයස අවුරුදු 13න් පහළ බාලක

  • ශූරතාව: ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල
  • අනුශූරතාව: ලීඩ්ස් ජාත්‍යන්තර පාසල
  • තුන්වැනි ස්ථානය: රාජකීය විද්‍යාලය – හොරණ

 වයස් කාණ්ඩ ශූරතාව – වයස අවුරුදු 13න් පහළ බාලිකා

  • ශූරතාව: මියුසියස් විද්‍යාලය – කොළඹ
  • අනුශූරතාව: අඹගමුව මධ්‍ය විද්‍යාලය උඩබුලත්ගම සහ විජය කටුපොත මහා විද්‍යාලය

 වයස් කාණ්ඩ ශූරතාව – වයස අවුරුදු 14න් පහළ බාලක

  • ශූරතාව: ඩී. එස්. සේනානායක විද්‍යාලය – කොළඹ
  • අනුශූරතාව: රාහුල විද්‍යාලය – මාතර
  • තුන්වැනි ස්ථානය: සාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ

 වයස් කාණ්ඩ ශූරතාව – වයස අවුරුදු 14න් පහළ බාලිකා

  • ශූරතාව: සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – කොළඹ
  • අනුශූරතාව: විසාකා විද්‍යාලය – බදුල්ල සහ මාතර මධ්‍ය විද්‍යාලය

 වයස් කාණ්ඩ ශූරතාව – වයස අවුරුදු 15න් පහළ බාලක

  • ශූරතාව: සාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ
  • අනුශූරතාව: ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර
  • තුන්වැනි ස්ථානය: සර් ජෝන් කොතලාවල විද්‍යාලය කුරුණෑගල

 වයස් කාණ්ඩ ශූරතාව – වයස අවුරුදු 15න් පහළ බාලිකා

  • ශූරතාව: විසාකා බාලිකා විද්‍යාලය – කොළඹ
  • අනුශූරතාව: ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – කොළඹ
  • තුන්වැනි ස්ථානය: රත්නාවලී බාලිකා විද්‍යාලය – ගම්පහ

සාන්ත ජෝසප් සහ හෑගල්ල ක්‍රීඩකයින්ගෙන් පළමු දිනයේ වාර්තා

දින තුනක් පුරා පැවැත්වීමට නියමිත 2019 කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අද…

විශේෂ ඇගයීමට ලක්වූ දක්ෂතාවයන් පහත පරිදි වේ.

දුර පැනීම හොඳම දක්ෂතාව

  • ඩී. හේවාවසම් – ලයිසියම් ජාත්‍යන්තර පාසල – යක්කල
  • වයස අවුරුදු 15න් පහළ බාලිකා දුර පැනීම 5.27m (ලකුණු 841)

මීටර් 400 හොඳම කාලය

  • සේනකා ගුණරත්න – කොළඹ ජාත්‍යන්තර පාසල – මහනුවර
  • වයස අවුරුදු 15න් පහළ බාලිකා මීටර් 400 59.5 Sec (ලකුණු 850)

සහය දිවීම ශූරතාව  – බාලක

  • ශූරතාව: රාජකීය විද්‍යාලය – කොළඹ
  • අනුශූරතාව: සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කොළඹ
  • තුන්වැනි ස්ථානය: සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය කුරුණෑගල

 සහය දිවීම ශූරතාව – බාලිකා

  • ශූරතාව: මියුසියස් විද්‍යාලය කොළඹ
  • අනුශූරතාව: Our Lady Of Victorys Convent – මොරටුව
  • තුන්වැනි ස්ථානය: අඹගමුව මධ්‍ය විද්‍යාලය – උඩුබුලත්ගම, කාර්මෙල් බාලිකා විද්‍යාලය – හලාවත

දක්ෂතම ක්‍රීඩකයා

  • එම්. කෞෂාන් – ඩී. මැසනඩ් විද්‍යාලය කඳාන
  • වයස අවුරුදු 15න් පහළ බාලක දුර පැනීම 6.49m (ලකුණු 814)

දක්ෂතම ක්‍රීඩිකාව

  • සේනකා ගුණරත්න – කොළඹ ජාත්‍යන්තර පාසල – මහනුවර
  • වයස අවුරුදු 15න් පහළ බාලිකා මීටර් 200 – 25.7 Sec (ලකුණු 857)

>> තෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දක්ෂතම කනිෂ්ඨ පාසල් ශූරතාව  – බාලක 2019

  • ශූරතාව: සාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ
  • අනුශූරතාව: ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල
  • තුන්වැනි ස්ථානය: ඩී. එස්. සේනානායක විද්‍යාලය – කොළඹ

දක්ෂතම කනිෂ්ඨ පාසල් ශූරතාව  – බාලිකා 2019

  • ශූරතාව: මියුසියස් විද්‍යාලය කොළඹ
  • අනුශූරතාව: විසාකා විද්‍යාලය කොළඹ
  • තුන්වැනි ස්ථානය: Our Lady Of Victorys කන්‍යාරාමය – මොරටුව

>>Day 03 Results <<

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<