2 වන කාණ්ඩයේ අවසන් මහා තරගයට පෙර දැක්මක්

රත්නම් ජය මාවතේ ගෙලි ඔය අභියෝගය

495
Div II Final Preview: Geli Oya in the way of Ratnam glory translated

වරෙක ශ්‍රී ලංකා පාපන්දු පිටියේ දැවැන්තයින් වූ රත්නම් ක්‍රීඩා සමාජයට, මෙවර අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන කාණ්ඩයේ ශූරයන් වීමට තවත් ඇත්තේ එක් කඩුල්ලක් තරණය කිරීම පමණි. එම කාණ්ඩයේ ශූරයන් වෙමින් චැම්පියන්ස් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් අවසන් මහා තරගයේ දී ගෙලි ඔය පාපන්දු සමාජය අභිබවන්නට සමත් විය යුතු වෙයි.

මෙම කණ්ඩායම් දෙකම මේ වන විටත් එළඹෙන ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයට උසස් වීම් ලැබීමේ සුදුස්සන් බවට පත්ව සිටින අතර දෙවන කාණ්ඩයේ ප්‍රමුඛයන් වීමේ අවසන් මහා සටන නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ අද (පෙබරවාරි 11) අදයි.

Premier League Div II FinalPremier League Div II Final

මෙම කණ්ඩායම් දෙක දෙවන කාණ්ඩයේ මෙතෙක් පැමිණි ගමන් මග දෙස හැරී බලමින් ThePapare.com තබන සටහනක් මේ.

ශූරතා ගමන් මග

රත්නම් මෙන්ම ගෙලි ඔය කණ්ඩායමට ද පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වුණු පළමු වටයක් හරහා ලීග් ක්‍රමයේ දෙවන වටයට සුදුසුකම් ලබා එහිදී කණ්ඩායම් 3 ක් බැගින් සමඟ තරග වැදීමට සිදුවිය.

පිළිමලුන් පිටුදැකීමේ වටයේ දී රත්නම් කණ්ඩායම හමුවේ සන්ෂයින් ක්‍රීඩා සමාජය ගෝල 2 – 1 ක් ලෙසත්,  කොල්ලුපිටිය යුනයිටඩ් කණ්ඩායම ගෝල 6 – 0 ක් ලෙසත්, මාලිගාවත්ත තරුණ ක්‍රීඩා සමාජය ගෝල 3 – 0ක් ලෙසත් පරාජය කළ අතර එම වටයේ ජෙට් ලයිනර් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබු තරගයෙන් රත්නම් කණ්ඩායමට ගෝල 3 – 0 ක නිතරග ජයක් හිමිවිය.

දෙවන වටයේ දී ‘බී’ කාණ්ඩයට සුදුසුකම් ලැබූ ඔවුන් එහිදී ඉලෙවන් ස්ටාර්, ග්‍රේට් ස්ටාර් සහ රත්මලාන යුනයිටඩ් කණ්ඩායම් සමඟ තරග වැදුනි. ඉලෙවන් ස්ටාර් කණ්ඩායම ගෝල 3 – 1ක් ලෙස සහ රත්මලාන යුනයිටඩ් කණ්ඩායම් ගෝල 2 – 1 ක් ලෙස පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ රත්නම් කණ්ඩායමට ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව තරගයේ දී ‘ඒ’ කාණ්ඩයේ දෙවන ස්ථානය දිනු සිඟින් ෆිෂ් කණ්ඩායම හමුවීම සඳහා ග්‍රේට් ස්ටාර් සමඟ පැවතී තරගය ගෝල 0 – 0 ක් ලෙස ජය පැරදුමින් තොරව අවසන් කිරීම පමණක් ප්‍රමාණවත් විය.

අදියර දෙකක් යටතේ පැවැත්වුණු අවසන් පූර්ව තරගයේ පළමු අදියර ගෝල 2 – 0ක් ලෙස යාපනයේ දී ජය ගත් රත්නම් ක්‍රීඩකයින් සිය සත්කාරකත්වය යටතේ පැවති අදියර ජය ගත්තේ ගෝල 1 -0 ක් ලෙසින්. මේ අනුව සමස්ත අවසන් පූර්ව තරගයේ දී යාපනය සිඟින් ෆිෂ් ක්‍රීඩා සමාජයට ගෝල 3 – 0ක පරාජයක් අත්කර දෙන්නට ඔවුන්ට හැකි විය.

score.

රත්නම් අවසන් තරගයට

දෙවන අදියරේදී ගෝල 1-0ක් ලෙස සිඟින් ෆිෂ් කණ්ඩායම පරාජය කරමින් රත්නම් කණ්ඩායම, ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයේ අවසන් මහා තරගයට අසුන් වෙන්කරගන්නා ලදී.

කණ්ඩායම                P    W    D    L    GF    GA    GD    Pts

රත්නම් ක්‍රී. ස.       3    2    1    0    5    2    3    7

ග්‍රේට් ස්ටාර් ක්‍රී. ස.      3    2    1    0    3    1    2    7

රත්මලාන යුනයිටඩ්     3    1    0    2    4    3    1    3

ඉලෙවන් ස්ටාර් ක්‍රී. ස.  3    0    0    3    2    8    -6    0

  • P – තරග
  • W – ජය
  • D – ජය පැරදුමින් තොර
  • L – පරාජ
  • GF – කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ගෝල සංඛ්‍යාව
  • GA    – කණ්ඩායමට එරෙහිව වාර්තා වූ ගෝල සංඛ්‍යාව
  • GD – ගෝල පරතරය
  • Pts – ප්‍රසාද ලකුණු

2015/16 FA කුසලාන තරගාවලියේ ද විශිෂ්ට දස්කම් පෙන්වූ ගෙලි ඔය පාපන්දු සමාජය මෙම තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ වටය තුල අනුරුධියන්ස් ක්‍රීඩා සමාජය ගෝල 1 – 0 ක් කෙසත්, යංග් මේරියන්ස්  ක්‍රීඩා සමාජය ගෝල 5 – 1 ක් ලෙසත්, යංග් මේට්ස්  ක්‍රීඩා සමාජය ගෝල 3 – 1 ක් ලෙසත්, ස්මෝල් ඩ්‍රයිඩන්  ක්‍රීඩා සමාජය ගෝල 5 – 0 ක් ලෙසත් පරාජය කරන්නට සමත් විය.

දෙවන වටයට ‘ඒ” කාණ්ඩයෙන් සුදුසුකම් ලැබූ ඔවුන් එහිදී සහභාගී වූ පළමු තරග දෙකම අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි. මිඩ්ල් X කණ්ඩායම සමඟ පැවති  තරගය ගෝල 2 – 2 ක් ලෙසත් සිඟින් ෆිෂ් සමඟ තරගය ගෝල 1 -1 ක් ලෙසත් දැක්වුණි. මේ අනුව ඔවුන්ට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අවසන් තරගයේ දී විශාල පරතරයකින් යුතු ජයක් අවශ්‍ය විය.

මිඩ්ල් X සහ සිඟින් ෆිෂ් අතර තරගය ද ගෝල 1 – 1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වීමත්, ගෙලි ඔය කණ්ඩායම සිය දෙවන වටයේ අවසන් තරගයෙන් පයනියර් ක්‍රීඩා සමාජය පරදවා ලැබූ ගෝල 9 – 0ක දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ‘ඒ’කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන දැක්වුණේ ගෙලි ඔය කණ්ඩායම පෙරමුණේ සිටින ලෙසිනුයි.

අවසන් පූර්ව තරගයේ පළමු අදියර ගෝල 1 – 0 ක් ලෙස ජයගත් ගෙලි ඔය ක්‍රීඩකයන් දෙවන අදියර ගෝල 1 -1 ක් ලෙස ජය පැරදුමින් තොරව අවසන් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ගෙලිඔය ක්‍රීඩා සමාජය අවසන් තරගයට

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන කාණ්ඩයේ එක් අර්ධ අවසන් තරගයක දෙවන අදියර ගෙලිඔය ක්‍රීඩා සමාජයත්, Great Star ක්‍රීඩා සමාජයත් අතර අද (15) බෝගම්බරදී නිමාවට පත්වූයේ ගෝල 01:01ක් ලෙසිනි.

කණ්ඩායම            P    W    D    L    GF    GA    GD    Pts

ගෙලි ඔය ක්‍රී. ස.    3    1    2    0    13    4    9       5

සිඟින් ෆිෂ් ක්‍රී. ස.   3    1    2    0    7     3    4       5

මිඩ්ල්  X ක්‍රී. ස.     3    1    2    0    6     5    1       5

පයනියර් ක්‍රී. ස.    3    0    0    3    2     16   -14    0

  • P – තරග
  • W – ජය
  • D – ජය පැරදුමින් තොර
  • L – පරාජ
  • GF – කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ගෝල සංඛ්‍යාව
  • GA    – කණ්ඩායමට එරෙහිව වාර්තා වූ ගෝල සංඛ්‍යාව
  • GD – ගෝල පරතරය
  • Pts – ප්‍රසාද ලකුණු

අවසන්  සටනේ බලාපොරොත්තු

වසර දෙකක් පුරා විශිෂ්ට ඉදිරි ගමනක යෙදී සිටින ගෙලි ඔය පාපන්දු සමාජය ප්‍රශස්ත කළමනාකරණයකින් සහ සහාය කාර්ය මණ්ඩලයකින් යුතු කණ්ඩායමකි.

ගෝල 14ක් වාර්තා කර ප්‍රතිවාදීන්ට ගෝල 2ක් පමණක් ලබා දී ඇතත් ඔවුන් දෙවන වටය තුල දී ජයග්‍රහණ වාර්තා කිරීමට පෙන්වූ දුර්වලතාව කැපී පෙනුනි.

කෙසේ වෙතත් පයනියර් කණ්ඩායමට එරෙහිව ලද ගෝල 9 – 0ක් දැවැන්ත ජය පිලිබඳ මතකය ඔවුන් තම මානසික ශක්තිය වර්ධනය ක‍ර ගැනීමේ අවියක් කර ගනු නොඅනුමානය.

ගෝල ලබා ගැනීම ඔවුන්ට ගැට‍ළුවක් නොවුනද, රත්නම් කණ්ඩායම සමඟ පැවැත්වෙන අවසන් මහා තරගයේ දී තම ආරක්ෂක පෙළ ශක්තිමත් කර ගැනීම ගෙලි ඔය කණ්ඩායමට වැදගත් වනු ඇති. එමෙන්ම තමන් හට හුරුපුරුදු නාවලපිටිය ක්‍රීඩාංගණයේ වාසිය ද ගෙලි ඔය කණ්ඩායම සතු වීම ඔවුන්ට අමතර වාසියකි.

රත්නම් කණ්ඩායමේ ශක්තිය වන්නේ ඔවුන්ගේ ආරක්ෂක පෙළ ස්ථාවරත්වයයි. තරග 7කදී ඔවුන් ලබා දී ඇත්තේ ගෝල 3ක් පමණයි. එනම් පළමු වටයේ දී ගෝල 2ක් සහ දෙවන වටයේ දී එක් ගෝලයක් ලෙසින්. පළමු වටයේ දී රිසි ලෙස ගෝල ලබා ගැනීමට සමත් වුවද දෙවන වටයේ දී ගෝලය අසල ක්‍රීඩා කිරීමේ දුර්වලතා රත්නම් කණ්ඩායමේ කැපී පෙනුණු දුර්වලතාවක් විය.

කෙසේ වෙතත් තම සත්කාරකත්වය යටතේ මෙන්ම ප්‍රතිවාදී ක්‍රීඩාංගන තුලදී ද ශක්තිමත් කණ්ඩායමක් ලෙස රත්නම් ක්‍රීඩා සමාජය සැලකෙන්නේ ප්‍රතිවාදී ක්‍රීඩාංගණ තුනක දී ඔවුන්  ගෝල 5ක් වාර්තා කර ලබා දී ඇත්තේ ගෝල 2ක් පමණක් වීම හේතුවෙන් එම තරග 3න් 2ක දීම, ප්‍රතිවාදීන් එකදු ගෝලයක් හෝ ලබාගෙන නැත. එබැවින් නාවලපිටියේ දී වුවද රත්නම් කණ්ඩායම ශූරතා කුසලානයේ අයිතිය තමන් සතු කර ගැනීම නොවිය හැක්කක් නම් නොවේ.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට