මත්පැන්, දුම්කොළ සහ ඔට්ටු ආයතන BCCI තහනම් කරයි

1449
India's cricketers wait for the third umpire's decision for the dismissal of Bangladesh's Nurul Hasan (not pictured) during the second day of the first cricket Test match between Bangladesh and India at the Zahur Ahmed Chowdhury Stadium in Chittagong on December 15, 2022. (Photo by Munir uz ZAMAN / AFP)

ඉන්දීය ජාතික කණ්ඩායම, කාන්තා කණ්ඩායම ඇතුළු කණ්ඩායම් සඳහා ප්‍රධාන අනුග්‍රාහකයින් තෝරා ගැනීමට ලංසු කැඳවීම ආරම්භ කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

මෙතෙක් ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කළ BYJU’S ආයතනයේ ගිවිසුම පසුගිය මූල්‍ය වර්ෂයෙන් අවසන් වීමෙන් පසු ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදු වුනා.

නිමා වූ ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයේ දී ඔවුන් එලෙස අනුග්‍රාහකයෙකු නොමැතිව ක්‍රීඩා කළත්, එම තරගාවලියේ දී අනුග්‍රාහක සලකුණ විශාල ලෙස ප්‍රදර්ශනයට අවසර හිමි නොවූ නිසා එය අවධානයට යොමු වුනේ නැහැ.

එම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමට සිටියේ ඔවුන්ගේ නව ඇදුම් කට්ටල අනුග්‍රාහකයා වන Adidas සමාගම පමණයි.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉතා ඉක්මනින් නව ප්‍රධාන අනුග්‍රාහකයෙකු තෝරා ගැනීමට නියමිත අතර ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ලේකම් Jay Shah සඳහන් කළේ,

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන අනුග්‍රාහක සඳහා ලංසු තැබීමට ආරාධන කර සිටිනවා,” යනුවෙනුයි.

එම ලංසු තැබීම සඳහා නැවත ලබා ගැනීමට හැකි ඉන්දීය ලක්ෂ 5ක මුදලක් සහ අයදුම්පත ජුනි 26 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බව ද ඔවුන් වැඩි දුරටත් නිවේදනය කර සිටියා.

කෙසේ නමුත් මූල්‍ය සමාගම් වලට අවශ්‍ය වූවද සියල්ලන්ටම මෙම අනුග්‍රාහකත්වය සඳහා ඉල්ලීම් කළ නොහැකි අතර ඒ සඳහා ඉල්ලුම් කිරීම තහනම් කළ පාර්ශව කිහිපයක් ද ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා.

1)  මලල ක්‍රීඩා සහ ක්‍රීඩා ඇදුම් නිෂ්පාදකයින්.

2) මත්පැන් සමාගම්.

3) ඔට්ටු සමාගම්.

4) Cryptocurrency ආයතන.

5) සැබෑ මුදල් ක්‍රීඩා තරග ආයතන (Fantasy ක්‍රීඩා සමාගම් හැර)

6) දුම්කොළ සමාගම්.

7) පොදු සදාචාරයට හානිදායක ආයතන. (අසභ්‍ය දර්ශන ඇතුළත් වැනි)

ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලෝක ටෙස්ට් ශූරතාවය පරාජය වීමෙන් පසු ඉන්දීය කණ්ඩායම මීළඟ තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<