පළමු වාර්තාව සාන්ත ජෝසප් ක්‍රීඩකයෙකුගෙන්

299
Junior John Tarbat athletic championship 2018

ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා ශූරතාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ කනිෂ්ඨ තරගාවලිය ඊයේ (17) අනුරාධපුරයේ දී ආරම්භ විය.

ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ තරගාවලිය සැප්තැම්බර් මස අග දී  පැවැත්වුණු අතර පිළිවෙළින් සාන්ත පීතර විද්‍යාලය හා වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය බාලක හා බාලිකා ශූරතා දිනා ගැනීමට සමත් විය.

පාරමී ප්‍රථම යොවුන් ඔලිම්පික් පදක්කම ලක්මාතාවට දිනා දෙයි

ආර්ජෙන්ටිනාවේ දී පැවැත්වෙන 3 වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම…

ඊයේ දිනයේ දී බොහෝ ඉසව්වල මූලික වට පැවැත්වුණු අතර එක් නව තරගාවලි වාර්තාවක් ද ඊයේ දිනයේ බිහි විය. වයස අවුරුදු 15න් පහළ යගුලිය විසි කිරීමේ ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ නවීන් මාරසිංහ සමත් වූ අතර ඔහු මීටර 15.71ක දුරක් වාර්තා කිරීමට සමත් විය. එම ඉසව්වේ දෙවන ස්ථානය ආනමඩුව මධ්‍ය විද්‍යාලයේ යසිරු ලක්ෂාන් (12.23) සමත් වූ අතර තෙවැනි ස්ථානය බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ දහන් නෙත්සර (11.86) දිනා ගැනීමට සමත් විය.

88 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ අභිෂේක

ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තිඹිරිගෙය බඳු “ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය..

දුර පැනීම, යගුලිය විසිකිරීම, උස පැනීම, කවපෙත්ත විසි කිරීම හා හෙල්ල විසි කිරීම යන පිටියේ ඉසව්වල මූලික අදියරයන් ද ඊයේ පැවැත්වුණු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම අපේක්ෂිත දක්ෂතා මට්ටම් ඉක්මවා යෑම දක්නට ලැබුණි.

තරගාවලියේ දෙවන දිනය අද (18) පැවැත්වෙන අතර තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<