ආචර්ට ජාතිවාදී පණිවිඩවලින් හිංසා

82

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආචර්ගේ Instagram පිටුවට ජාතිවාදී පණිවිඩ කිහිපයක් ලැබීම පිළිබඳ ඔහු සිය කනස්සල්ල පළ කරනවා.

24 හැවිරිදි ආචර් හට මින් පෙරත් ජාතිවාදී කරුණු නිසා හිංසනයට ලක් වන්නට සිදු වූ අතර පසුගිය වසරේ නවසීලන්තයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගය පරාජය වීමත් සමඟ තත්වය තවත් උත්සන්න විය. ඒ නිසාවෙන් එක්තරා ප්‍රේක්ෂකයෙක් හට නවසීලන්තය තුළ අන්තර්ජාතික හා දේශීය ක්‍රිකට් තරග නැරඹීම ද වසර දෙකක් යනතුරු සපුරා තහනම් කෙරුණා.

අතරමග නැවතුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි

පසුගිය වසරේ දෙසැම්බරයේ දී ලොව පුරා පැතිර යාම ආරම්භ කල නව කොරෝනා වයිරසය අද…

සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තරග හතක දී කඩුලු 30ක් දවාගෙන ඇති ආචර් කඩුලු පහක් බැගින් ලබා ගත් අවස්ථා තුනක් ද සටහන් කර තිබෙනවා.

“මට කවදාවත් තේරුම් ගන්න බැහැ කෙනෙක් තවත් කෙනෙක්ට කිසිම අපහසුතාවයකින් තොරව මෙහෙම කතා කියන්නේ කොහොමද කියලා.” ඔහු පවසා සිටියා.

“මම මේවාට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ගොඩක් සිතා බැලුවා, මම ප්‍රාර්ථනා කරනවා වෙන කාටවත් මේ වගේ තත්වයක් සිදුවෙන්න එපා කියලා. එය බලාපොරොත්තු විය නොහැකි තත්වයක් හා මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගන්නට ඕන.”

ආචර් මේ වන විට දකුණු වැලමිටේ අස්ථි බිඳීමකින් සුවය ලබමින් සිටින අතර ස්ටුවර්ට් බ්‍රෝඩ් මේ වසරේ 34 වැනි වියට පා තබන බැවින් ඔහුගෙන් පසුව එංගලන්තයේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වනුයේ ද ජෝෆ්රා ආචර් ය.

AFP ඇසුරෙනි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<