තර්ස්ටන් රග්බි ක්‍රීඩකයෝ කොග්ගල පිටිය සියතට ගනිති

849
2018 Schools Rugby B division

රිච්මන්ඩ් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර බ්‍රහස්පතින්දා (15 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 31-00 දැවැන්ත ජයක් ලබා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගය සිංගර් කුසලාන පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස කොග්ගල දී ක්‍රියාත්මක විය.

පාසල් රග්බි පිටියට ගොඩබහින්නට තර්ස්ටන් විද්‍යාලය සූදානමින්

ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ පාසල් රග්බි ක්‍රීඩාවට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක්. ඒ ජාත්‍යන්තරයට..

මෙම තරගයට කණ්ඩායම් දෙකම අවතීර්ණ වූයේ ඔවුන් මුහුණ දුන් පළමු තරග පරාජයට පත් වෙමිනි. එහි දී කොළඹ තර්ස්ටන් විද්‍යාලය මලියදේව විද්‍යාලය හමුවේ ලකුණු 23-19ක් ලෙස පරාජය වූ අතර රිච්මන්ඩ් විද්‍යාලය ප්‍රබල ලුම්බිණි විද්‍යාලය හමුවේ ලකුණු 62- 05ක් ලෙස පරාජය විය.

තරගය පුරාවට සිය ආක්‍රමණය තර කර ගත් තර්ස්ටන් විද්‍යාලය තරගයේ අවසානය දක්වාම එක ලෙස සිය රිද්මය පවත්වා ගැනීමට සමත් විය. එහි ප්‍රතිඵලය ලෙස රිච්මන්ඩ් විද්‍යාලයට එදිරිව උත්සාහක දිනුම් 5ක් ලබා ගත් තර්ස්ටන් විද්‍යාලය ප්‍රවර්තන අවස්ථාවන් 3ක් සාර්ථක කර ගන්නා ලදි.

පළමු අර්ධය: රිච්මන්ඩ් විද්‍යාලය 00  – 17 තර්ස්ටන් විද්‍යාලය

අවසාන ලකුණු තත්වය: රිච්මන්ඩ් විද්‍යාලය 00  – 31 (5T,3C) තර්ස්ටන් විද්‍යාලය

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<