ජීවන් මෙන්ඩිස්ගේ වේගවත් පිතිහරඹයෙන් අවසන් වු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු වටය

349
Jeevan Mendis

ලංකාවේ ප්‍රමුඛ පෙලේ ක්‍රීකට් සැණකෙළියක් වන  ඒ.අයි.ඒ ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියට අයත් පළමු වටයේ මුලික තරඟ සියල්ල පසුගිය සති අන්තයේ අවසන් විය.

ඒ ලැබු ජයග්‍රහණ අනුව  ‘ඒ’ කාණ්ඩයෙන් මුවර්ස්, ටැමිල් යුනියන්, රාගම සහ සී.සී.සී යන  ක්‍රීඩා සමාජයත්, ‘බී’ කාණ්ඩයෙන් එන්.සී.සී, එස්.සී.සී, කෝල්ට්ස් සහ ගාල්ල ක්‍රීඩා සමාජත් සුපිරි අට දෙනා වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

තරග සතිඅන්තය ආරම්භ කරමින් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සහ මිගමුව මේරියන්ස් ක්‍රීඩා සමාජය තරග වැදුණු අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 150ක් හා තරංග පරණවිතාන පළමු ඉණිමේ දි ලකුණු 117ක් රැස් කරමින් ටැමිල් යුනියන් ඉණිම ශක්තිමත් කළ අතර දෙවන ඉණිමේදි නැවත ක්‍රියාත්මක වු තරංග පරණවිතාන ලකුණු 150ක් රැස් කිරිමට සමත් විම විශේෂත්වයකි. දෙවන ඉනිමේදී ජීවන් මෙන්ඩිස් වේගවත් ලකුණු 123ක් ලබාගැනීමට වැය කලේ පන්දු පන්දු 112ක් පමණි. පන්දු යැවිමේදි  මිගමුව  මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් මදුක ලියනපතිරණගේ ලකුණු 142කට කඩුලු 9ක් බිඳහෙළීමට සමත් වීම කාගෙත් අවධානයට ලක්විය.

තරගාවලියේ පළමු වටයේ පැවති අවසන් මුලික තරගයකදි  රාගම ක්‍රීඩා සමාජය සහ සරසන් ක්‍රීඩා සමාජය තරඟ වැදුණු අතර එහිදි රාගම කණ්ඩායම ඉනිමක සහ ලකුණු 159ක ජයක් හිමිවිය. රාගම කණ්ඩායම වෙනුවෙන් රොශේන් සිල්වා 145ක් ලබාගැනිම විශේෂිත විය. මේ අතර තවත් මුලික වටයේ අවසන් තරගයක් මුවර්ස් ක්‍රීඩා සමජය සහ කොළඹ ක්‍රීඩා සමාජය  තරග වැදුණු අතර එහිදි මුවර්ස් ක්‍රීඩා සමාජයට  ලකුණු 235ක ජයක් හිමිවිය. මුවර්ස් වෙනුවෙන් මහේල උඩවත්ත අගනා  ලකුණු 120ක් ලබාගැනිම කැපි පෙනුණි . බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා යුධ  හමුදාව පැවති අතර  තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට කඩුලු 8ක විශිෂ්ට  ජයක් හිමිවිය. පන්දු යැවිමේදි  බ්ලූම්ෆීල්ඩ් වෙනුවෙන් උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 72ට කඩුලු 5ක් දවාලන්නට සමත් විය.

අවසන් වටයේ තවත් තරගයකදි  බදුරලිය ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රීඩා සමාජය තරග වැදුණු   අතර  එම  තරගයෙන් ගාල්ල ක්‍රිකට් සමාජයට ඉනිමක සහ ලකුණු 101ක දැවැන්ත  ජයක් හිමි විය. රුමේෂ් බුද්ධික ගාල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 193ක් ලබාගැනිම කැපිපෙනුණු අතර පන්දු යැවිමේදි  ගයාන් සිරිසෝම  ලකුණු 90කට කඩුලු 6ක් දවාගන්නට සමත් විය. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී ක්‍රීඩා සමාජය අතර පැවති තරගයද  ජය පරාජයෙන් තොරව අවසන් විය. එස්.එස්.සී. වෙනුවෙන් දිමුත් කරණාරත්න  ලකුණු 101ක් රැස් කිරිමට සමත් විය.

මෙසේ අවසන් වු මුලික වටයේ තරග වලින් අනතුරුව එළැඹෙන  පෙබරවාරි මස 12 වැනිදා සුපිරි අට වටයේ තරග ආරම්භ කිරීමට නියමිතය. සුපිරි අට වටයේ අවසන් තරග මාර්තු මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වෙයි.
පළඟ කුසලානය සඳහා වූ තරග වටය එළැඹෙන  පෙබරවාරි 12 වැනිදා සිට පෙරවාරි 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර පළඟ කුසලානය සඳහා ශූරයන් තොරාගන්නේ  ලීග් ක්‍රමයකටය.