ආසියානු ක්‍රිකට් සභාපති පුටුව ඉන්දියානු ක්‍රිකට් ලේකම්ට

237

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් වන Jay Shah මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) නව සභාපති ලෙස අද (30) පත්ව තිබෙනවා.

ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ Jay Shah මහතායි.

32 හැවිරිදි වියේ පසු වන Jay Shah මහතා ආසියානු ක්‍රිකට් ඉතිහාසය තුල මේ තනතුර සඳහා දැනට පත්ව තිබෙන ළාබාලතම පුද්ගලයා ද වෙනවා. ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩාව නව තලයකට ගෙන යාම සඳහා ඔහුගේ ජවසම්පන්න හා ක්‍රියාශීලී නායකත්වය විශාල සවියක් වනු ඇති බව ද ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසා සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

2018 වසරේ සිට 2021 වසරේ මේ දක්වා එහි සභාපති ලෙස කටයුතු කළ බංග්ලාදේශ ක්‍රිකට් සභාපති Nazmul Hasan Papon මහතාගේ ධුර කාලය දැන් අවසන් වනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සිය නිල Twitter ගිණුම හරහා නව සභාපති පත්වීම ගැන මෙසේ සටහනක් පළ කර තිබුණා.

මීට පෙර මේ තනතුර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගාමිණී දිසානායක, උපාලි ධර්මදාස, ජයන්ත ධර්මදාස, අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් කටයුතු කර තිබෙනවා.

වසර 1983 දී ආරම්භ කරන ලද ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සාමාජිකත්වය රටවල් 28ක් වන අතර මේ වසරේ දී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම ඔවුන් හමුවේ තිබෙන මීළඟ ප්‍රධානතම අභියෝගයයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපතිවරුන්ගේ නම් පහත දැක්වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<