ලොව සුපිරි බලවතා ක්‍රිකට් පුහුණුකරු වෙනස් කරයි

101

ඇමරිකා එක්සත් ජනපද පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස, කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන ජගදීශ් අරුන්කුමාර් තෝරා පත්කර ගත් බව ඊයේ (28) ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කළේය. 

“ඒක මගේ ක්‍රිකට් ජීවිතයේ හැඟීම්බර අවස්ථාවක්”

නවසීලන්ත නායක කේන් විලියම්සන් පිළිබඳව මුළු මහත් ක්‍රිකට් ලෝකයටම…..

එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉයන් හිගින්ස් මහතා  ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා මේ පිළිබඳව අදහස් පළකර තිබුණේ මෙසේයි. 

“අපි අරුන්කුමාර් මහතාව අපේ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගත්තේ වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් යටතේයි. ඔහු අපිත් එක්ක තිබ්බ ඉතාමත් සුහද හමුවෙන් පස්සේ ඔහු සිය පවුලේ සාමාජිකයින් සමඟ අප රට තුළම සිටිමින් මේ සඳහා ඔහු සහභාගී වීමට සිය කැමැත්ත පළකරා. ඒක අපිට ගොඩක් වටිනවා.” 

නව තනතුර පිළිබඳව අරුන්කුමාර් මහතා මෙසේ සිය අදහස් දක්වා සිටියේය. 

“මේක තමයි ජාත්‍යන්තර මට්ටමින් මට ලැබුණු ක්‍රිකට් හා සම්බන්ධ පළමු තනතුර. මේ තනතුර මට ලබා දීම පිළිබඳව එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. වසර දෙකක කොන්ත්‍රාත් කාලයකටයි මාව ගිවිසුම් කළේ. මේක තමයි මට ලැබුණු අලුත්ම අභියෝගය. මම කවුරු හරි අභියෝගයක් ලබා දෙනවා නම් මම ඒක මගේ උපරිමය දාලා කරනවා.” 

“මගේ කාලය තුළ ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම හැකි උපරිම මට්ටමින් සංවර්ධනය කරලා හොඳ ක්‍රිකට් කණ්ඩායම්වලට හොඳ අභියෝගයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇමරිකාවේ ක්‍රිකට් ගොඩනගන්න මෙහේ හැම පහසුකමක්ම වගේ තියෙනවා. ක්‍රීඩකයින් ටිකට හරි මඟ පෙන්වීමක් යටතේ නිසි පුහුණුවීමක් ලැබුනොත් ඔවුන්ට ඔවුන්ගේ රටේ ක්‍රිකට් ඉදිරියට ගෙන යන එක ලොකු ගැටලුවක් නෙමෙයි. මගෙන් දෙන්න පුළුවන් උපරිමය මම දෙනවා.”

තවත් විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකුගේ ප්‍රාන්ත ගිවිසුම් අහෝසි!

මෙම වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත එංගලන්ත ප්‍රාන්ත පළමු ක්‍රිකට්…..

මේ වන විට එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් සියලුම දෙනාගේ ක්‍රීඩා හැකියාවන් නව තාක්ෂණය ඔස්සේ පරිගණක ගත කරමින් සිටින අතර දක්ෂතාවයෙන් සපිරි දෙවන පෙළ ක්‍රිකට් සංචිතයකුත් ඔවුන් මේ වන විට සකසා අවසන්. ඒ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව යන රටවල් වල පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙන ක්‍රීඩකයින් රැසක් සිටින බව ද වාර්තා වේ. 

වයස අවුරුදු 45ක් වන ජගදීශ් අරුන්කුමාර් ඉන්දියාවේ පැවැත්වෙන පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය (රංජි ක්‍රිකට් තරගාවලිය) තුළ කර්ණාටක කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර ඔහු එම කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු ද වේ. ක්‍රීඩකයෙකු ලෙස සහ පුහුණුකරුවෙකු ලෙස සිය කණ්ඩායම රංජි කුසලාන ශූරතාවය දක්වා රැගෙන යාමට ද ඔහු සමත් වී තිබීම සුවිශේෂී වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<