ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා කවුන්සිලයට එක්වන ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන මහත්වරුන් හට ආරාධනා කර තිබේ.
අගනගරයෙන් පිට ක්‍රිකට් පිටි හයක් නවීකරණයට
මෙම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සිටින සාමාජිකයින් සියලු දෙනාගේ නම් ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධ කරනු ඇති බවත්, 1973 ක්‍රීඩා පනතේ 25.4 යන වගන්තිය යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට වසර දෙකක කාලයක් සඳහා මෙම කවුන්සිලයේ සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට හැකි බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් News Wire වෙබ් අඩවිය වෙත පවසා ඇත.
Upon the invitation of Hon. @RajapaksaNamal the new members of the National Sports Council will have its inaugural meeting tomorrow at the ministry premises. The council boasts of a dynamic mix of professionals who have been consistently committed toward uplifting sports in #LKA
— Ministry of Youth Affairs and Sports (@MoYS_SriLanka) August 19, 2020
මෙම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සිටින සාමාජිකයින්ගේ ප්‍රධාන කර්තව්‍යය වනුයේ රටේ ක්‍රීඩා සංවර්ධනයට අදාළ කරුණු පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමයි.
සංගක්කාර සහ ජයවර්ධන හැරුණු විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා නිරන්තරයෙන් කැපවී සිටින වෘත්තිකයන් සහ එක් එක් ක්‍රීඩා කේෂ්ත්‍රවල තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු මෙම ලැයිස්තුවේ කොටසක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<