Home Sinhala දිමුත් සහ තිසර මහනුවර දිනවයි

දිමුත් සහ තිසර මහනුවර දිනවයි

526

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර් 4 සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා සිටිය ද තරගාවලියේ පළමු වටය අවසන් කරමින් අද (8) නිමා වූ දඹුල්ල සහ මහනුවර අතර තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.

 

වර්ෂාව හරස් කැපූ තරගයේ දී අකිලගෙන් කඩුලු 5ක්!

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක දඹුලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගය අවසන් වීමට තවත් පන්දු 111ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 199ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ නායක ඇන්ජලෝ මැතිව්ස් ය. ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව ඕෂධ ප්‍රනාන්දු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ ය.

සුපිරි පියවරුන්ගේ සටන් අවසානයේ වැඩි ගෞරව මොරටුවට

My Dad, My Superstar ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග 3 ඊයේ..

කඩුලු ලබා ගැනීමේ දී තිසර පෙරේරා ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි දක්ෂතා දක්වමින් තරගයේ හොඳම පන්දු යවන්නා බවට පත්විය. ඊට අමතරව ජෙෆ්රි වැන්ඩර්සේ ද කඩුලු 2ක් දවා ගත්තේ ය. කසුන් රාජිත, ඩිලේශ් ගුණරත්න සහ චතුරංග ද සිල්වා අතර බෙදී ගිය කඩුලු සංඛ්‍යාව 3කි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කිසිදු අපහසුවකින් තොරව ඉනිම ගොඩ නගන අයුරු දැක බලා ගත හැකි විය. එම ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 86ක් ලබා ගත්තේ ය. ඔහු සංගීත් කුරේ හා සමඟ එක්වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 72ක් එක් කිරීමට ද සමත් වෙමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය සහතික කරන ඉනිමක් ක්‍රීඩා කළේ ය. සංගීත් කුරේ පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේ ය.

Photos: Kandy vs Dambulla | Super Provincial One Day 2019

අනතුරුව දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක එක්ව මහනුවර කණ්ඩායම තව තවත් ජයග්‍රහණය සඳහා ළං කළහ. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවක් එක් කළහ. පැතුම් නිස්සංක තරගය අවසන් වෙන විට පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියේ ය. ඔහුත් සමඟ අනෙක් අන්තයේ සිටි සචිත්‍ර සේනානායක නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 13කි.

කඩුලු ලබා ගැනීමේ දී ඉෂාන් ජයරත්න, රමිත රඹුක්වැල්ල සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්හ.   

තරගාවලියේ අවසන් මහා තරගය ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර මේ මස 11 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිත ය. තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Team Kandy
199/3 (31.3)

Team Dambulla
198/10 (44.5)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Pathum Nissanka b Kasun Rajitha 2 10 0 0 20.00
Danushka Gunathilake c Sadeera Samarawickrama b Dilesh Gunaratne 0 7 0 0 0.00
Oshada Ferenado c Sachithra Senanayake b Jeffrey Vandersay 44 52 7 0 84.62
Bhanuka Rajapakse c Sadeera Samarawickrama b Thisara Perera 27 32 3 0 84.38
Angelo Mathews c Dimuth Karunaratne b Thisara Perera 47 67 3 0 70.15
Ashan Priyanjan run out (Sangeeth Cooray) 24 29 0 1 82.76
Ishan Jayaratne c Priyamal Perera b Chathuranga de Sliva 11 23 0 0 47.83
Isuru Udana c Dimuth Karunaratne b Thisara Perera 13 26 1 0 50.00
Ramitha Rambukwela c Sadeera Samarawickrama b Thisara Perera 17 16 4 0 106.25
Prabath Jayasuriya st Sadeera Samarawickrama b Jeffrey Vandersay 1 6 0 0 16.67
Lahiru Gamage not out 0 1 0 0 0.00


Extras 12 (b 0 , lb 4 , nb 0, w 8, pen 0)
Total 198/10 (44.5 Overs, RR: 4.42)
Bowling O M R W Econ
Kasun Rajitha 7 1 34 1 4.86
Dilesh Gunaratne 4 0 26 1 6.50
Dimuth Karunaratne 2 0 10 0 5.00
Thisara Perera 7 1 25 4 3.57
Malinda Pushapakumara 10 0 31 0 3.10
Jeffrey Vandersay 8.5 0 40 2 4.71
Chathuranga de Sliva 6 1 28 1 4.67


Batsmen R B 4s 6s SR
Sadeera Samarawickrama c Ashan Priyanjan b Ishan Jayaratne 12 9 2 0 133.33
Dimuth Karunaratne c Niroshan Dickwella b Ramitha Rambukwela 86 74 9 0 116.22
Sangeeth Cooray c Ashan Priyanjan b Prabath Jayasuriya 33 46 4 0 71.74
Pathum Nissanka not out 51 47 4 1 108.51
Sachithra Senanayake not out 13 13 2 0 100.00


Extras 4 (b 0 , lb 3 , nb 0, w 1, pen 0)
Total 199/3 (31.3 Overs, RR: 6.32)
Bowling O M R W Econ
Lahiru Gamage 6.3 1 45 0 7.14
Ishan Jayaratne 6 0 38 1 6.33
Isuru Udana 3 0 18 0 6.00
Ramitha Rambukwela 5 0 31 1 6.20
Ashan Priyanjan 3 0 15 0 5.00
Prabath Jayasuriya 8 0 49 1 6.12