හස්රතුල්ලාගේ ඉනිම ඇෆ්ගනිස්තානයට ජය ගෙනේ

456

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර අයර්ලන්තයේ, බ්‍රෙඩී ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ දී අද (21) නිමා වූ විස්සයි විස්ස ජාත්‍යන්තර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාර ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් වාර්තා කළ අතර ප්‍රතිවාදී අයර්ලන්ත ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 144ක් පමණයි.

විස්සයි විස්සේ වුන දේ ගැන ලසිත් මාලිංග කට අරියි

ඔහු සාම්ප්‍රදායෙන් පිට තමන්ගේ රටාවකටම පන්දු යවයි. සාමාන්‍ය පන්දු යවන්නෙකු මෙන් හිස …

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් අයර්ලන්තයට එරෙහි ව පිට පිට ලබා ගත් 5 වැනි තරගයයි මෙය වන අතර නිමා වූයේ දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයයි. ඒ අනුව තරගයේ 1-0ක් සේ ඉදිරියට පැමිණීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වුනා.  

පැවති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් තරගය පන්දුවාර 18කට සීමා වුන අතර කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා.

ඔවුන්ගේ ඉනිමේ වැඩි වැඩ කොටසක් කළේ 20 හැවිරිදි ආරම්භක වමත් පිතිකරු හස්රතුල්ලා සසායි. ඔහු පන්දු 33ක දී ලකුණු 74ක් ලබා ගත්තා. තම දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට සහභාගී වෙන සසායි තම මංගල අර්ධ ශතකය පන්දු 22ක දී වාර්තා කළා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් ඇතුලත් වුනා. අනෙක් ආරම්භක පිතිකරු මොහොමඩ් ශාෂාද් ලබාගත් ලකුණු සංඛ්‍යාව 29ක්. ඔහුගේ ඉනිම පන්දු 21කින් සමන්විත වූ අතර හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත් වුනා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 87ක්.

“SLC T20” ශූරයින්ටත්, අනුශූරයින්ටත් සුපිරි ත්‍යාගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20” ක්‍රිකට් තරගාවලියේ …

නායක අස්ගර් ස්ටැනික්සායි පන්දු 30කට මුහුණ දී ලකුණු 31ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුනා. අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට ප්‍රතිවාදීන් ඉඩ තැබුවේ නැහැ.  

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 151ක් ලබා ඉතා ප්‍රබල තත්ත්වයේ පසු වූව ද ජෝෂුවා ලිට්ල් විසින් යැවුණු 16 වැනි පන්දු වාරයේ දී කඩුලු 2ක් ද ටිරෝන් කානේ විසින් යැවුණ 17 වැනි පන්දු වාරයේ දී ද කඩුලු 2ක් දවා ගනිමින් ද අයර්ලන්ත ක්‍රීඩකයෝ ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව පාලනය කළා.

පන්දු යැවීමේ දී ටිරෝන් කානේ සහ ජෝෂුවා ලිට්ල් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සත්කාරක අයර්ලන්ත ක්‍රීඩකයෝ පන්දු වාර 18 අවසානයේ ලබා ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 144ක් පමණයි.

එම ඉනිමේ දී නායක ග්‍රේ විල්සන් පන්දු 23ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. ඊට අමතරව ආරම්භක පිතිකරු පෝල් ස්ට්‍රිලින් ලකුණු 27ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට පන්දු 19ක් වැය වූ අතර හතරේ පහරක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුනා.

ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු දහයෙන් මෙපිට තැබීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත් වුනා. එම තත්ත්වයෙන් මදකට හෝ මිදීමට හැකි වුනේ සිමී සිං සහ ජෝර්ජ් ඩොක්රෙල් හට පමණි. ඔවුන් දෙදෙනා කඩා වැටෙමින් තිබූ ඉනිම යම් තරමකින් ඔසවා තැබීමට සමත් වූයේ 7 වැනි කඩුල්ලට ලකුණු 41ක් එක් කරමිනි. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූ අතර ඒ අතුරින් ජෝර්ජ් ඩොක්රෙල්ලා නොදැවී ලකුණු 22ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට පන්දු 13ක් වැය වී තිබූ අතර ඊට හයේ පහරක් ඇතුලත්ව තිබුණා. සිමි සිං පන්දු 17ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20ක්.

පන්දු යැවීමේ රෂීඩ් කාන් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ පිතිකරු වූ අතර අෆ්ටාබ් එලාම් සහ මුජ්බර් රහ්මන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී මුජීබර් රහ්මන් කඩුලු 2ක් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර සීමිත පන්දුවාර තරගය මේ මස 22දා සුපුරුදු ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානය; කඩුලු 7ක් දැවී 160 (18.0): මොහොමඩ් ශෂාද් 29, හසරතුල්ලා සසායි 74, අස්ගර් ස්ටැනික්සායි 31, ටිරෝන් කානේ 2/50, ජොෂුවා ලිට්ල් 2/20

අයර්ලන්තය; කඩුලු 9ක් දැවී 144 (18.0): පෝල් සට්‍රිලින්ග් 27, ග්‍රේ විල්සන් 34, සිමි සිං 20, ජෝර්ජ් ඩොක්රෙලා නොදැවී 22, අෆ්ටාබ් අලාම් 2/30, මුජිබර් රහ්මන් 2/14, රෂීඩ් කාන් 35/3

තරගාවලියේ තවත් උණුසුම් පුවත් සමගින් රැඳී සිටින්න අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<