IPL අත්හිටුවයි!

IPL 2025

10
IPL 2025 suspended

ඉන්දු – පාකිස්තාන යුදමය වාතාවරණ තත්වය නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි 2025 IPL තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටවීමට තීරණය කර තිබෙනවා. 

වහා ක්‍රියාත්මක වන පරිදි ගත් මෙම තීරණය ක්‍රීඩකයින්, රසිකයින්, කණ්ඩායම් හිමිකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා ගැන අවධානය ලබා දෙමින් ගත් තීරණයක් බව වටහා ගත් හැකි. 

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ Delhi Capitals සහ Punjab Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගය පන්දුවාර 10ක් පමණක් ක්‍රීඩා කිරීමෙන් පසුව නතර කළ අතර, එයට හේතුව ලෙස සඳහන් කර තිබුණේ අඳුරු ආලෝක තත්වයන් බවයි. කෙසේ වෙතත් එම තරගය අත් හැර දැමීමට ද මෙම ගැටලුව හේතු වන්නට ඇති බව අනුමාන කළ හැකි. 

තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටවීමට තීරණය කර තිබුනත්, එය ඒ අයුරින් ම සිදු වේද යන්න සැක සහිතයි. 

මේ අතර හිටපු එංගලන්ත ක්‍රිකට් නායක Michael Vaughan විසින් තරගාවලියේ ඉතිරි කොටස එක්සත් රාජධානිය තුළ පැවැත්වීමට හැකි බව යෝජනා කර තිබෙනවා. එය මේ වන විට යම් කතාබහක් නිර්මාණය කර තිබුනත්, BCCI විසින් ඒ වෙනුවෙන් කුමන ආකාරයේ තීරණයක් ගනී ද යන්න තහවුරු කළ නොහැකි. 

දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<