2022 IPL තරගාවලිය ප්‍රේක්ෂකයින්ට විවෘත වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

205
FirstSport

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 25%ක ප්‍රේක්ෂක ප්‍රමාණයක් සහභාගී කරගැනීමට අවසර ලැබෙනු ඇතැයි වාර්තා වෙනවා.

Maharashtra ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා එම ප්‍රාන්ත රජය ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 1/4ක ප්‍රේක්ෂක ප්‍රමාණයක් සහභාගී කරගැනීමට අවසර දී ඇතත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින්නේ තරගාවලිය ආරම්භ කිරීමෙන් අනතුරුව වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් සහභාගී කරගැනීමට හැකි වනු ඇති බවයි.

“අපි හිතාගෙන ඉන්නේ එහෙමයි. තරගාවලිය ඉදිරියට පවත්වා ගෙන යද්දී ප්‍රේක්ෂකයින් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වෙයි.” BCCI නිලධාරියෙකු Cricbuzz වෙබ් අඩවිය වෙත පවසා තිබුණා.

“කොරෝනා ආසාදිතයින් දිනෙන් දින අඩු වෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා ක්‍රීඩාගාරවල ප්‍රේක්ෂක ධාරිතාව වැඩි කරගන්න.”

දැනට කර ඇති ඇස්තමේන්තුවලට අනුව Wankhede ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 9800-10,000ත් අතර ප්‍රමාණයකට තරග නැරඹීමේ අවකාශ පවතිනවා. Brabourne ක්‍රීඩාංගණයේ මුළු ධාරිතාව 28,000ක් පමණ වන අතර තරගාවලිය ආරම්භයේ දී ප්‍රේක්ෂකයින් 7000-8000කට පමණ තරග නැරඹීමේ හැකියාව පවතිනවා. DY Patil ක්‍රීඩාංගණයේ හා පූනේහි Maharashtra ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 12,000කට පමණ තරග නරඹන්නට හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන් වල දී Kolkata, Dharamsala, Mohali සහ Bengaluru යන ක්‍රීඩාංගණ වල තරග පැවැත්වුනේ ප්‍රේක්ෂක සහභාගීත්වයත් සමඟයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<