චෙන්නායි සුපර්කිංග්ස් කබලෙන් ලිපට

1527
(DNA India)

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ අර්බුද තවත් උග්‍ර කරමින් සුපිරි ක්‍රීඩක හර්බජාන් සිං මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.  පෞද්ගලික හේතුවක් නිසා ඔහු මෙවර තරගාවලියෙන් ඉවත්ව ඇති අතර පසුගිය සතියේ දී සුරේෂ් රයිනා ද චෙන්නායි කණ්ඩායම අතහැර නැවත ඉන්දියාවට ගියා.

මීට දින කිහිපයකට පෙර හර්බජාන් කණ්ඩායම අතහැර යන බවට කටකතාවක් වාර්තා වී තිබුණා. හර්බජාන් චෙන්නායි හිදී පැවැත්වුණු පුහුණු කඳවුරට ද සහභාගී වී නැති අතර ඔහු එක්සත් අරාබි එමීර් වෙත පැමිණීම ද පමා කර තිබෙනවා. සැප්තැම්බර් මාසයේ මුල් සතියේ දී ඔහු එක්සත් අරාබි එමීර් වෙත පැමිණීමට නියමිතව තිබුනත්, ඔහු පවසා තිබුණේ තමන් සම්පූර්ණයෙන්ම තරගාවලියෙන් ඉවත් වන බවයි.

NDTV පුවත් සේවයට අනුව හර්බජාන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තමන් තරගාවලියට සහභාගී නොවන බවට පණිවිඩයක් යොමු කර තිබෙනවා. ඒ අනුව එම්. එස් දෝනිගේ චෙන්නායි කණ්ඩායමට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවන්නේ හර්බජාන් ඔවුන්ගේ ප්‍රධානතම දඟපන්දු යවන්නෙක් වූ නිසාවෙනුයි.

තවත් ක්‍රිකට් පුවත්

කෙසේ වෙතත් චෙන්නායි කණ්ඩායමට පියුෂ් චව්ලා, මිචෙල් සැට්නර්, කර්න් ශර්මා, ඉම්රාන් තාහිර්, ආර් සායි කිෂෝර් වැනි දඟ පන්දු යවන්නන් රැසක් සිටින අතර අවශ්‍ය වුවහොත් කෙඩාර් ජාදව් හටත් දඟපන්දු යවන්නට හැකියාව පවතිනවා. හර්බජාන් වෙනුවට මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් නම් කර නැහැ.

මේ අතරම COVID-19 ආසාදනය නොවුනු ක්‍රීඩකයින් සමඟින් චෙන්නායි කණ්ඩායම සිකුරාදා සිට පුහුණුවීම් ආරම්භ වීමට නියමිතයි.COVID-19 පරීක්ෂණවලින් සමත් වූ ක්‍රීඩකයින්, සහය කාර්ය මණ්ඩලය සමඟින් අද (4) පුහුණුවීම් ආරම්භ කරනවා” චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක කාසි විශ්වනාතම් ESPNCricinfo වෙත පවසා තිබුණා. 

කෙසේ වෙතත් සැප්තැම්බර් 1 වැනිදා ඩුබායි වෙත පැමිණි ෆෆ් ඩූ ප්ලේසිස් හා ලුන්ගි න්ගිඩි නිරෝධායන කාලසීමාව ගත කරන හෙයින් ඔවුන් අද ආරම්භ වන පුහුණුවීම්වලට සහභාගී වෙන්නේ නැහැ. ඔවුන්ට දින හයක නිරෝධායන කාලසීමාවක් ගත කිරීමට සිදුවෙනවා.

CricTracker ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<