මොරටුව විශ්ව විද්‍යාල තාක්ෂණික ආයතනයේ ක්‍රීඩා උළෙල සාර්ථකව නිම වෙයි

2024 ITUM Sport Meet

61

මොරටුව විශ්ව විද්‍යාල තාක්ෂණික ආයතනය විසින් 2වන වරට පවත්වනු ලැබූ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සිකුරාදා (03) දිනයේ දී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවැත්වුනා. 

22/23 ශිෂ්‍ය කණ්ඩායම විසින්  ඔවුන්ගේ ක්‍රීඩා අධ්‍යනය විෂය සඳහා වන ප්‍රදාන ව්‍යාපෘතිය ලෙස අධ්‍යන කාර්යමණ්ඩලයේ මග පෙන්වීම යටතේ මෙය සංවිධානය කර තිබුණා. 

ක්‍රීඩාව තුළින් ශිෂ්‍ය  නායකත්වය හැකියාවන්, එකමුතුව වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් පැවැත්වුණු මෙම ක්‍රීඩා උළෙලේ දී දැල්පන්දු, වොලිබෝල්, බැඩ්මින්ටන්, ක්‍රිකට්, කැරම්, මේස පන්දු, පාපන්දු සහ මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා ඉසව් රැසක් අප්‍රේල් 29 වන දින සිට මැයි 02 දින තෙක් ආයතනය තුල පැවැත්වුනා.  

මෙම උළෙලේ අවසන් දිනයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස පූජිත උඩුවන මහතා සහභාගී වූ අතර, උළෙල අවසානයේ Griffin කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ලබා ගනිමින් ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, Draghar කණ්ඩායම අනුශූරතාවය හිමි කර ගත්තා. 

මේ අතර තෙවැනි ස්ථානය Horus කණ්ඩායමට ද හිමි වුනා. 

මෙවර ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස J.A.K.G. සමන්සිරි ක්‍රීඩකයා විසින් සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස S.Ankayatkanny ක්‍රීඩිකාව විසින් සම්මාන දිනා ගැනීමට සමත් වුනා. 

දේශීය ක්‍රීඩා පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන් සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<