ප්‍රබල ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක Lionel Messi විසින් සිය ජාත්‍යන්තර පාපන්දු දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.
මෙම වසරේ පැවැත්වුණු පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව ඔහු විසින් මෙම තීරණය ලබා ගෙන ඇති අතර, ඒ අනුව ආජන්ටිනාව සමඟ ලෝක කුසලාන අවසන් මහා තරග ත්‍රිත්වයක් ක්‍රීඩා කරමින්, 2022 වසරේ පාපන්දු ලෝක ශූරයින් ලෙස ද කිරුළු දරමින් Messi දැක් වූ විශේෂ දක්ෂතා සියල්ලේ අවසන් කඩ ඉම ලෙස මෙය සටහන් වනු ඇති.
ඊයේ (31) දිනයේ දී සමාජ මාධ්‍ය ජාල හරහා සිය අත් අකුරින් ලියූ සමු ගැනීමේ සටහනක් සමඟ Messi සිය සමු ගැනීම පිළිබඳ ලෝකයාට දැනුම් දුන්නා.
“මම මේ සටහන ලෝක කුසලානය නිම වී දින දෙකකට පසු, ජුලි මස 21 දින ලියූ අතර, මාගේ පියාට සිදු වූ දෙයින් අනතුරුව, මෙම තීරණය සඳහා මාව තවත් ඒත්තු ගැන්වීය.”
මීට දින කිහිපයකට පෙර පසුගිය අගෝස්තු මස 08 වැනි දා Messiගේ පියා වූ Jorge Messi ජීවිතයට සමු දුන් අතර, Messiගේ පාපන්දු දිවිය තුළ පියාගෙන් හිමි වූ සහයෝගය අතිමහත් එකක් බව ලොවම දන්නා කරුණක්. එම සමු ගැනීම Messiගේ තීරණය ද ඉක්ම කිරීමට හේතු වූ බව නොරහසක්.
Messi විසින් සිය වසර 20කට ආසන්න ක්‍රීඩා දිවිය තුළ ආජන්ටිනාව සමඟ ලෝක කුසලාන 06ක් නියෝජනය කළ අතර, පළමු වරට 2014 අවසන් තරගය නියෝජනය කිරීමට වරම් ලැබුවා. නමුත් එවර ජර්මනිය හමුවේ ආජන්ටිනා සිහින බොඳ වූ අතර, ඉන් වසර 02 කට පසුව අඛණ්ඩ අවසන් තරග පරාජයන් හේතුවෙන් Messi පළමු වරට ජාත්‍යන්තර තරග බිමට සමු දීමට තීරණය කළා.
නමුත් මාස දෙකකට ආසන්න කාලයකින් පසුව Messi නැවත ආජන්ටිනාව සමඟ එක් වූ අතර, ඉන් අනතුරුව ඔහු ආජන්ටිනාවට තිබූ වසර 28ක කුසලාන අහිමි ශාපය නිම කිරීම සඳහා 2021 Copa America ශූරතාව ජය ගැනීමට අවශ්‍ය සහය ලබා දුන්නා.
ඉන් අනතුරුව වසර 36කට පසුව ආජන්ටිනාවට ලෝක කුසලාන ජයක් හිමි කර දීමට ද Messiට 2022 දී හැකියාව ලැබුණු අතර, පසුව 2026 ලෝක කුසලාන අවසන් මහා තරගය තෙක් ද කණ්ඩායම රැගෙන ඒමට Messiට හැකි වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
Messi විසින් ආජන්ටිනාව වෙනුවෙන් තරග 205ක් නියෝජනය කරමින් ගෝල 125ක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට 39 හැවිරිදි වියේ පසු වන Lionel Messi තවදුරටත් ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරන අයුරු දක්නට නොලැබෙනු ඇති. නමුත් ඉදිරියේ දී ද MSL පාපන්දු ලීගය සමඟ ඔහු පාපන්දු ලීග් තරගවල දී දක්නට ලැබෙතැයි බලාපොරොත්තු තබා ගත හැකි.
ලෝක පාපන්දු ක්‍රීඩාව පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















