ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හත්වන තරගය ඊයේ (12) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩයම අතර හයිද්‍රාබාද් හී රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර ඉතා තියුණු තරගයකින් අනතුරුව අවසන් පන්දුවේ දී එක් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩයම සමත් විය.
මුත්තයියා මුරලිදරන් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ රෂිඩ් ඛාන් ප්‍රමුඛ දඟපන්දු යවන්නන් ප්‍රබල මුම්බායි කණ්ඩායම ලකුණු 147කට සීමා කිරීමට සමත්වූ අතර මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස හා ලසිත් මාලිංග පන්දු යැවීමේ උපදේශක ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ ලකුණු 147ක පහසු ඉලක්කය සන්රයිසස් පන්දු යවන්නන්ට ඉතා අසීරු කිරීමට සමත් විය.
ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට
ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ලබා දීමට ICC තීරණය කර ඇත.
කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු රැකීමට තෝරාගත් අතර පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩයම කඩුලු 8කට ලකුණු 147ක් රැස්කිරීමට සමත් විය.
මුම්බායි ඉනිම ආරම්භ කරමින් මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ශර්මා හා එවින් ලුවිස් පිටියට පැමිණි අතර පළමු තරගයේ මෙන්ම මෙවර ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩයමේ ආරම්භය සාර්ථක වූයේ නැත. හයේ පහරක් හා හතරේ පහරක් සමඟින් වේගවත් ආරම්භයක් ලබාගත් නායක රෝහිත් ශර්මා දෙවන පන්දුවාරයේ දී ලකුණු 11කට දවා ගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක බිලි ස්ටෑන්ලේක් සමත් විය.

සූරිය කුමාර් යාදව් ඉනිම ස්ථාවර කරමින් පන්දු 31ක දී ලකුණු 28ක් රැස්කරගත් අතර කුරුනාල් පාන්ඩයා පන්දු 10ක දී ලකුණු 15ක් රැස්කර ගැනීමට සමත් විය.
ඉනිමේ ලකුණු 20 සීමාව ඉක්මවා ගිය අවසාන පිතිකරු වූ කිරන් පොලාර්ඩ් පන්දු 23ක දී හතරේ පහර 3ක් හා 6 පහර දෙකකින් ලකුණු 28ක් රැස් කළ අතර බිලී ස්ටෑන්ලේක්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගිය පසු අනෙකුත් පිතිකරුවන් කිසිවෙකුත් ලකුණු 10 සීමාව ඉක්මවා නොගිය අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩයමට පන්දුවාර 20 තුල දී කඩුලු 8ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.
ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන්ගේ නොදත් සංඛ්‍යා වාර්තා
පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවල දී පැවති බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවට 1-0ක ජයග්‍රහණයක් හිමි කර දෙමින් අවසන් විය.
මුත්තයියා මුරලිදරන්ගේ අඩිපාරේ ගිය රෂිඩ් ඛාන් ප්‍රබල මුම්බායි පිතිකරුවන් දැඩි පීඩනයකට නතු කරමින් පන්දුවාර 4ක දී ලකුණු 13ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවාගත් අතර රෂිඩ් ඛාන් යෙදූ පීඩනයෙන් ප්‍රයෝජන ගත සන්දීප් ශර්මා, බිලී ස්ටෑන්ලේක් හා සිද්ධාර්ත් කෞල් කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් ඉනිම ආරම්භ කරමින් ව්රිද්ධිමාන් සහා හා ශිකර් ධවාන් වේගවත් පිතිහරඹයක යෙදෙමින් පළමු පන්දුවාර 6යි පන්දු පහක් තුල දී ලකුණු 65ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ශිකර් ධවාන් පන්දු 28ක් තුල දී හතරේ පහර අටක් සමඟින් ලකුණු 45ක් රැස්කළ අතර ව්රිද්ධිමාන් සහා හතරේ පහර තුනක් සමඟින් ලකුණු 22ක් රැස්කිරීමට සමත් විය.

මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් ආභාෂය ලත් රෝහිත් ශර්මා පන්දුවෙන් පන්දුවට ආක්‍රමණකාරී ලෙස පිටිය සකසමින් සන්රයිසස් පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් විය
ලසිත් මාලිංග නැති අඩුපාඩුව මනා ලෙස පිරවු මුස්ටෆිසුර් තරගයේ වැදගත්ම කඩුල්ල වූ ශිකර් ධවාන්ගේ කඩුල්ල දවා ගනිමින් මාර්කන්ඩේ හට අනගි සහයක් ලබා දුන් අතර පිට පිටම කඩුලු දැවී ගිය මොහොතක සන්රයිසන් කණ්ඩායමට ජය ගෙනා සබඳතාව ගොඩගැනීමට දීපක් හුඩා හා යුසුෆ් පතාන් සමත් විය.
සංගක්කාරට ජාත්‍යන්තර උපදේශක තනතුරක්
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) උපදේශක මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර සංගක්කාර මහතා පත් කර තිබේ.
අවශ්‍යම මොහොතේ ප්‍රවේසමෙන් පන්දුවට පහර දෙමින් පතාන් හා හුඩා ලකුණු 29ක් ලකුණු පුවරුවට එක්කරමින් සන්රයිසන් ඉනිම ස්ථාවර කළ අතර එක් අවස්ථාවක දී කඩුලු 5ක් අතැතිව ජයග්‍රහණය සඳහා සන්රයිසස් කණ්ඩායමට අවශ්‍ය වූයේ පන්දු 24ක දී ලකුණු 24ක් පමණි.

18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මුස්ටෆිසුර් රහ්මාන්, බුම්රාහ්ට නොදෙවෙනි සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් 18 වන පන්දු වාරයේ 4 වන පන්දුවේ සිද්ධාර්ත් කෞල් හා සන්දීප් ශර්මා ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.
බුම්රාහ්ගේ හා මුස්ටෆිසුර්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ අවසාන පන්දු වාරයේ දී සන්රයිසස් කණ්ඩායමට එක් කඩුල්ලක් ඉතිරිව තිබූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 11ක ඉලක්කයක් හිමි වී තිබුණි.
පැට් කමින්ස් අවසාන පන්දුවාරය ක්‍රියාත්මක කළ අතර පිටියේ ස්ථාවර වී සිටි දීපක් හූඩා පළමු පන්දුවටම මිඩ් විකට් කලාපයෙන් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රණය අතේ දුරට ගෙන ඒමට සමත් විය. පහසු ජයග්‍රහණය අපහසු කරමින් පැට් කමින්ස් ද සුපිරි පන්දු යැවීමක නිරත වූ අතර හයේ පහරකට හෝ හතරේ පහරකට ඉඩ නොදී හොඳ පන්දු ත්‍රිත්වයක් ක්‍රියාත්මක කිරීමට ඔහු සමත් විය. අවසාන පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී තරගයේ තීරණය වූ පන්දුව පැට් කමින්ස්ගෙන් නිකුත් වූ අතර ‘හුක්’ පහරකට ගිය දීපක් හුඩාගේ, පිත්තේ ඉහළ ගැටුණු පන්දුව ‘ෂෝර්ට් ෆයින් ලෙග්’ කලාපයට ඉගිල්ලුණු අතර එහි සිටි ජස්ප්‍රිත් බුම්රාහ් ප්‍රබල උත්සාහයක යෙදුනත් අවසාන කඩුල්ලේ උඩපන්දුව රැක ගැනීමට ඔහුට හැකි වූයේ නැත.

මුම්බායි ඉන්දියන්ස් 147/8 (20.0) එවින් ලුවිස් 29, කිරන් පොලාර්ඩ් 28, සූරියකුමාර් යාදව් 28, සන්දීප් ශර්මා 25/2, බිලී ස්ටෑන්ලේක් 42/2, සිද්ධාර්ත් කෞල් 29/2
සන්රයිසස් හයිද්‍රාබාද් 151/9 (20.0) ශිකර් ධවාන් 45, ව්රිද්ධිමාන් සහා 22, දීපක් හූඩා 32*, මායන්ක් මාර්කන්ඩේ 23/4, මුස්ටෆිසුර් රහ්මාන් 23/3
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















