පාකිස්තාන ක්‍රීඩකයෝ හමුවේ නවසීලන්තය බාල්දු වෙයි

197

පාකිස්තානය සහ නවසිලන්තය අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ලකුණු 47ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය ඊයේ (04) සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරග ජයග්‍රහණයත් සමඟින් පාකිස්තානය 3-0ක් ලෙසින් සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කළේය.

අවසන් තරගයේ වීරයා ලෙසින් පාකිස්තානයේ බාබර් අසාම් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා ලෙසින් පාකිස්තානයේ මොහොමඩ් හෆීස් නම් කෙරුණි.

පාකිස්තානුවෝ නවසිලන්තයට යනඑන මං නැති කරයි

පාකිස්තානය සහ නවසිලන්තය අතර පැවැත්වෙන් තරග 3කින් ……..

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගත්තේ ය. ඒ අනුව පිටියට පිවිස ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ගත්හ. පිළිතුරු ලෙසින් නවසීලන්ත කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 119ක් පමණි. ඒ තරගයේ තවත් පන්දු 47ක් ඉතිරිව තිබිය දී ය.

පාකිස්තාන ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ෆකාර් සමාන් (11) පාකිස්තාන ඉනිම ලකුණු 29ක් වෙද්දී හැර ගිය පසු බාබර් අසාම් සහ මොහොමඩ් හෆීස් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 94ක සබඳතාවක් ගොඩ නැගූහ.

එම සබඳතාව බිඳ වැටුණේ බාබර් අසාම්ගේ දැවී යෑමත් සමඟිනි. බාබර් පන්දු 58කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 79ක් ලබා ගත් අතර එය ඔහුගේ විස්සයි විස්ස පිටියේ හොඳම ඉනිම් අතර තෙවැනි තැන ගත්තේ ය. එමෙන්ම ඔහු අද තරගයේ දී තම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ 8 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ද සමත් විය.

ඊට අමතරව මොහොමඩ් හෆීස් ඊයේ තරගයේ දී තම විස්සයි විස්ස පිටියේ 10 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගන්නේ ය.

මොහොමඩ් හෆීස් සහ ෂොයිබ් මලික් අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 31කි. ෂොයිබ් මලික් පන්දු 9ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී කොලින් ඩි ග්‍රෑන්ඩ්හූම් ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත්තේ ය.   

දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක්

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවර දී අද (04) අවසන් වූ පළමු එක්දින…

නවසිලන්ත ඉනිමේ පළමු කඩුල්ල දෙවැනි පන්දු වාරයේ දී ද දෙවැනි කඩුල්ල සිව්වැනි පන්දු වාරයේ දී ද දවා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. එවිට ලකුණු 13ක් ව තිබූ ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 96ක් දක්වා රැගෙන ඒමට ආරම්භක පිතිකරු ග්ලේන් පිලිප්ස් සහ නායක කේන් විලියම්සන් සමත් වූහ.

ඔවුන් දෙදෙනා එක්ව රැස් කළ ලකුණු 83ක සබඳතාව කේන් විලියම්සන්ගේ දැවී යෑමත් සමඟින් නිමා විය. විලියම්සන් පන්දු 38කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 60ක් රැස් කළේය. එය ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 9 වැනි අර්ධ ශතකයයි.

විලියම්ස් දැවී ගොස් යැවුණ දෙවැනි පන්දුවේ දී පිලිප්ස් ද දැවී ගියේ ය. ඒ වෙද්දී පිලිප්ස් පන්දු 24කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 26ක් ලබා සිටියේ ය. එම කඩුලු දෙකේම හිමිකාරිත්වය ෂාදත් ඛාන්ට හිමි විය.

නවසීලන්ත ඉනිමේ ඉතිරි කඩුලු 6 ලකුණු 22ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. ඉන් ලකුණු 11ක් ම ලබා ගත්තේ ඉෂ් සෝධි ය. ඔහු ඉනිම නිමා වෙන විට හතරේ පහරක් සමඟින් පන්දු 9කට මුහුණ දී සිටියේ ය. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට හෝ නොහැකි විය.

කන්ද උඩරට උණුසුම් කළ සාන්ත තෝමස් විද්‍යාලයට වැඩි වාසිය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු….

නවසීලන්ත ඉනිමේ පිට පිට පන්දු 3ක දී කඩුලු 3ක් දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනි. ඉමාඩ් වසීම් විසින් යැවුණ ඉනිමේ 14 වැනි පන්දු වාරයේ අවසන් පන්දු දෙකේ දී මාක් චැප්මන් (02) සහ ටිම් සෙයිෆර්ට් (00) දැවී ගිය අතර ඊළඟ පන්දු වාරයේ පළමු පන්දුවේ දී ටිම් සවුති (00) කිසිදු පන්දුවකට මුහුණ නොදී දුවද්දී දැවී ගියේ ය.

කඩුලු දවා ගැනීමේ දී ෂාදත් ඛාන් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව ඉමාඩ් වසීම් සහ වකාස් මක්සූඩ් කඩුලු 2 බැගින් දවා ගත්හ. මොවුන් දෙදෙනා විසින් දවා ගත් කඩුලු එකම පන්දු වාරයක දී දවා ගැනීමට හැකි වීම කැපී පෙණුනි.  

පාකිස්තානය; කඩුලු 3ක් දැවී 166 (20): බාබර් අසාම් 79, මොහොමඩ් හෆිස් නොදැවී 53, ෂොයිබ් මලික් 19, කොලින් ඩි ග්‍රැන්ඩ්හූම් 2/41

නවසීලන්තය; සියලුම දෙනා දැවී 119 (16.5): ග්ලේන් පිලිප්ස් 26, කේන් විලියම්සන් 60, ඉමාඩ් වසීම් 2/28, වකාස් මැක්සූඩ් 2/21, ෂාදත් ඛාන් 3/30

දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 07 වැනි දින ආරම්භ වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<