2021 IPL අවසන් මහා තරගයේ වීරයා Jaffna කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

280
faf du plessis

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක Faf Du Plessis ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයෙකු ලෙස තෝරා ගෙන තිබෙනවා.

ඊයේ (15) පැවති 2021 IPL අවසන් මහා තරගයේ දී චෙන්නායි කණ්ඩායමට ශූරතාවය සඳහා අවශ්‍ය මඟ සකස් කරමින් තරගයේ වීරයා වුනු Faf Du Plessis පන්දු 59ක දී ලකුණු 86ක් ලබා ගත්තේ 4 පහර 7 ක් සහ 6 පහර 3ක් එල්ල කරමිනි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීමට (Player Draft) පෙර ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා සහ තවත් එක් විදෙස් ක්‍රීඩකයෙක් තෝරා ගැනීමට ඒ ඒ කණ්ඩායම් හිමිකරුවන්ට අවසර දී තිබෙන බව ද වාර්තා වෙනවා.

මේ ක්‍රීඩක තෝරාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තරග සංවිධායක ලෙස කටයුතු කරන IPG ආයතනය ද අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් 699ක් අයැදුම් පත් යොමු කර තිබෙන අතර, ඒ අතරින් ඔක්තෝබර් 29 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player draft)  සඳහා 225 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කර තිබෙනවා.

>>LPL තරග කාලසටහන 2021<<

LPL.තරගාවලියේ දී කණ්ඩායමකට තබා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 6ක් වන අතර තරගයකට උපරිම වශයෙන් ක්‍රීඩා කළ හැක්කේ සිව් දෙනෙකුට පමණයි. ඒ අනුව LPL. දෙවැනි අදියර නියෝජනය කිරීමට වරම් හිමිවන්නේ ලියාපදිංචිව සිටින ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයින් 30 දෙනෙකුට පමණයි.

මෙවර තරගාවලියට සහභාගි වීම සඳහා ලියාපදිංචිව සිටින ක්‍රීඩකයින් මෙසේයි.

සිම්බාබ්වේ – සිකන්දර් රාසා, ක්‍රෙග් අර්වින්, ෂෝන් විලියම්ස්.

බටහිර ඉන්දීය කොදෙව් – ඩ්වයින් ස්මිත්, දිනේෂ් රාම්ඩීන්, රොස්ටන් චේස්, ජොන්සන් චාල්ස්, කෙමා රෝච්, ෂායි හෝප්, කිරන් පවෙල්, රඛීම් කෝන්වෙල්, ෆිදෙල් එඩ්වර්ඩ්ස්, ජොන්සන් චාල්ස්, ෂෙල්ඩන් කෝට්‍රල්, ෆේබියන් ඇලන්, චැඩ්වික් වෝල්ටන්, ඇන්ඩ්‍රෙ රසල්, ලෙන්ඩ්ල් සීමන්ස්, ජෙරම් ටේලර්, කාලෝස් බ්‍රැත්වේට්, ශිම්රන් හෙට්මේයර්, අල්සාරි ජෝෂප්.

බංග්ලාදේශය – මෙහෙදි හසන්, සොහාග් ගාසි, ශෆියුල් ස්ලාම්, අෆීෆ් හොසේන්, මෙහෙදි හසන්, ටස්කින් අහමඩ්, ඉම්රුල් කේස්, එබොදත් හොසේන්, මහමුදුල්ලා.

පාකිස්තානය – අන්වර් අලී, මොහොමඩ් හෆීස්, ෆකාර් සමාන්, මොහොමඩ් ඉර්ෆාන්, අහමඩ් ෂේසාඩ්, සොහෙල් ටන්වීර්, ඉමාම් උල් හක්, උමර් අක්මාල්, කම්රන් අක්මාල්, ශෆ්‍රාස් අහමඩ්, ජුනයිඩ් ඛාන්, උස්මාන් ශින්වාරි, හැරිස් සොහෙල්, ශහිඩ් අෆ්රිඩි, ෂොයෙබ් මලික්, මොහොමඩ් අමීර්, හසන් අලී, වහාබ් රියාස්.

දකුණු අප්‍රිකාව – බියෝන් ෆෝර්ටේන්, රිචර්ඩ් ලෙවී, වේන් පානෙල්, ඩ්වේන් ඔලිවර්, ඉම්රාන් තහීර්, ෆෆ් ඩු ප්ලෙසිස්, රාසි වැන්ඩර් ඩසන්, මෝර්න් මෝකල්.

ඉන්දියාව – යුසුෆ් පතන්, ඉර්ෆාන් පතන්, විනේ කුමාර්.

ඕස්ට්‍රේලියාව – ජේම්ස් ෆෝල්ක්නර්, ක්‍රිස් ලින්.

එංගලන්තය – ලොරී එවන්ස්, ලුක් රයිට්, ලියම් ප්ලන්කට්, ඩෑන් ලෝරන්ස්, සමිත් පටෙල්, ස්ටීව් ෆින්, ඩේවිඩ් මාලන්, අදිල් රශීඩ්, සෑම් බිලිංග්ස්, ඔලී රොබින්සන්, රවී බොපාරා.

නවසීලන්තය – මිචෙල් මැක්ලෙන්හම්, නීල් බෲම්.

LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<