Defenders දෙවන අදියරත් සමකරයි

77

2020 AFC කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාවේ Defenders FC කණ්ඩායම සහ භූතානයේ Paro FC කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවේදී තරග වැදුනු අතර එහි දෙවන අදියර අද (29) දින භූතානයේ Changlimithang ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි. එහිදී කණ්ඩායම් දෙකම ගෝල 2 බැගින් වාර්තා කරගෙන ජය පරාජයකින් තොරව තරගය අවසන් කිරීමට සමත් විය. 

Defenders-Paro කරට කර තරගයක

2020 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පළමු අදියරේ තරගයක් ලෙස ශ්‍රී…

ශ්‍රී ලංකාවේ Defenders SC කණ්ඩායමට තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට නම් Paro FC කණ්ඩායම මෙරට දී වාර්තා කළ ගෝල ත්‍රිත්වය අභිබවා යා යුතුව තිබිනි. තරගයේ දෙවන අදියර අවසානයේ දී කණ්ඩායම් දෙකම ගෝල 5 බැගින් වාර්තා කරගෙන සම තත්ත්වයක පසුවුවද Away goal නීතිය නිසාවෙන් ජයග්‍රහණය Paro FC කණ්ඩායම සතුවිය. 

තරගයේ මුල් මිනිත්තු කීපය තුළදීම ආගන්තුකයින්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට Paro FC කණ්ඩායම සමත් වූ අතර වැඩි වේලාවක් පන්දුව තමන් සන්තකයේ තබා ගනිමින් ඔවුන් තම ආක්‍රමණය එල්ල කළේය. තරගයේ 12 වන මිනිත්තුවේ දී Paro FC කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට Chencho Gyeltshen සමත් විය. ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ලුත්ෆිට එම පහර සාර්ථක ලෙස වැළැක්වීමට නොහැකි විය. 

කෙසේවෙතත් Defenders FC කණ්ඩායම එයට ඉක්මන් පිළිතුරක් ලබා දීමට සමත් වූ අතර තරගයේ 17 වන මිනිත්තුවේ දී Evans Asante ගෝල සීමාව ආසන්නයේ දී ලබා දුන් පන්දුව සාර්ථකව ගෝලය තුළට යැවීමට ජේසුරාජ් බර්නාඩ් සමත් විය. Paro FC කණ්ඩායමේ ගෝල රකින්නා වූ Gyeltshen Zangpo හට එම පහර වැළැක්වීමට කිසිඳු අවස්ථාවක් උදාවූයේ නැත. 

අසිකූර් රහ්මාන් ලබා ගත් Corner අවස්ථාවක් මඟින් Defenders FC කණ්ඩායමට තරගයේ පෙරමුණ ගැනීමට ප්‍රබල අවස්ථාවක් උදාවිය. එම අවස්ථාවේ දී ලක්ෂිත ජයතුංගගේ ප්‍රමාදයෙන් උපරිම ප්‍රයෝජනය ගත් Paro FC ආරක්ෂක ක්‍රීඩකයන් පන්දුව පිටතට යොමු කළේය. 

Paro FC කණ්ඩායම තම ඉදිරිපෙළ යොදා ගනිමින් ආක්‍රමණයක් දියත් කළ ද Defenders FC පසුපෙළ සහ ඉදිරිපෙළ හමුවේ එය සාර්ථක වූයේ නැත. කණ්ඩායම් දෙකටම corner අවස්ථා සහ නිදහස් පහර කීපයක් හිමි වුවද ඒවා සාර්ථක කර ගැනීමට කණ්ඩායම් ද්විත්වයම අපොහොසත් වීම නිසා තරගයේ පළමු අර්ධය නිමා වූයේ ගෝල 1-1ක් ලෙස සම තත්වයෙනි. 

පළමු අර්ධය : Defenders FC 1 – 1 Paro FC 

Manchester Unitedට නොසිතූ පරාජයක්

එංගලන්ත Premier League තරගාවලිය යටතේ ප්‍රබල Manchester United සහ Burnley FC…

තරගයේ දෙවනt අර්ධයේ දී Defenders FC කණ්ඩායම තම ඉදිරිපෙළ යොදා ගනිමින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ඔවුන් ආක්‍රමණ කීපයක් මඟින් ගෝල වාර්තා කරගැනීමට උත්සාහ කළ නමුත් ඒවා අසාර්ථක විය. 

කෙසේවෙතත් දෙවන අර්ධයේ දී පළමු ගෝලය වාර්තා කිරීමට Paro FC නායක Jigme Tshering සමත් විය. ඒ Corner අවස්ථාවක් උපයෝගී කර ගනිමින් Chencho Gyeltshen විසින් ලබා දුන් පන්දුව සාර්ථකව ගෝලය තුළට යැවීමෙනි. 

පළමු අර්ධයේ දී මෙන්ම Defenders FC කණ්ඩායම එයට ඉක්මන් ප්‍රතිචාර දැක්වූ අතර Francis Agbeti විසින් ලබා දුන් දිගු පන්දු පිරිනැමීමක් සාර්ථකව ගෝලය තුළට යොමු කිරීමට Ismail Abumere සමත් විය. එම ගෝලයත් සමඟ නැවතත් තරගයේ ලකුණු තත්ත්වය සමකිරීමට Defenders FC කණ්ඩායමට හැකි විය. 

තරගයේ 60 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කර ගැනීමට ප්‍රබල අවස්ථාවක් Paro FC කණ්ඩායමට ලැබුනු අතර පසුගිය අදියරේ තරගයේ වීරයා වූ Dieudonne Fabassou ගේ පහර මෙවර සාර්ථක වූයේ නැත. Ismail Abumere විසින් කළ වැරැද්දක් නිසාවෙන් ලැබුනු නිදහස් පහර ගෝලය තුළට යොමු කිරීමට Dieudonne Fabassou අසමත් විය. 

තරගයේ අවසන් මිනිත්තු 20 තුළ ගෝලයක් වාර්තා කර ගැනීමට Paro FC කණ්ඩායම ප්‍රබල උත්සාහයක් ගත් අතර Defenders FC කණ්ඩායම ගෝලයක් ලබානොදී ක්‍රීඩා කිරීමට උත්සාහ කරන ආකාරයක් දක්නට ලැබිනි. 

තරගයේ 85 වන මිනිත්තුවේ දී Dieudonne Fabassou හට ගෝලයක් වාර්තා කර ගැනීමට තවත් අවස්ථාවක් උදාවූ අතර කෙටි දුරක සිට එල්ල කළ එම පහර ගෝල කණුවේ වැදී ඉවතට ඇදී ගියේය. 

කෙසේවෙතත් Paro FC කණ්ඩායම කොළඹ දී ගෝල 3ක් වාර්තා කළ නිසා Away goal නීතිය අනුව මෙම තරගය ජය පරාජයකින් තොරව අවසන් කළහොත් තරගයේ ජයග්‍රහණය ඔවුන්ට හිමි වීමට තිබිනි. Defenders FC කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීමට නම් තවත් ගෝලයක් වාර්තා කර ගත යුතුව තිබිනි. 

Defenders FC කණ්ඩායම තම ඉදිරිපෙළ සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණක් යොදවමින් ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වූ අතර ඔවුන් Paro FC කණ්ඩායමට ආක්‍රමණයක් එල්ල කිරීමට සූදානම් වන විට කාලය ඉක්ම ගොස් තිබිනි. 

තරගයේ දෙවන අදියර අවසානයේ දී කණ්ඩායම් දෙකම ගෝල 5 බැගින් වාර්තා කර ගෙන සමතත්වයක පසුවුවද Away goal නීතිය නිසා තරගයේ ජයග්‍රහණය හිමි වූයේ Paro FC කණ්ඩායමටයි. 

අවසන් ලකුණු තත්ත්වය : Defenders FC 2 – 2 Paro FC 

>>2019 ThePapare පාපන්දු ශූරතාව දිනා ගන්නේ කවුද?<<

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්: 

  • Paro FC – Chencho Gyeltshen 12′, Jigme Tshering Dorji 51′ 
  • Defenders FC – ජේසුරාජ් බර්නාඩ් 17′, Ismail Abumere 53′ 

 >> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<