ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ලද අන්තර් සමාජ ඩයලොග් රග්බි ලිග් තරගාවලිය පසුගිය 20වැනිදා ආරම්භ විය.

තරගාවලිය ආරම්භ කරමින් ඒ කාණ්ඩයේ තරගයක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවැත්වුනු අතර එහිදි ලකුණු 36-08 ලෙස ජයගන්නට නාවික හමුදාව සමත් විය. ගෝල දිනුම් 4ක්, උත්සහක දිනුමක් සහ එක් දඩුවම් පහරක් සමගින් නැවියන් තම ලකුණු පුවරුවේ සටහන් කරගත් අතර ගුවන් හමුදා ක්‍රීඩකයන්ට ලැබුණේ උත්සහක දිනුමක් සහ එක් දඩුවම් පහරක් පමණි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික ක්‍රීඩා සමාජය අතර පැවති තරඟයේ ඡයාරෑප

හැව්ලොක් කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර එදිනම පැවති තරගයකින් ලකුණු 28-19 ලෙස ජය තහවුරු කරගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජයට හැකිවිය. හැව්ලොක් පිළ සිය ලකුණු ලබා ගත්තේ ගෝල දිනුම් 2ක් උත්සහක දිනුමක් සහ දඩුවම් පහර 3ක් සාර්ථක කර ගනිමිනි.මෙහිදී පොලිස් කණ්ඩායම එක් ගොලයක් සහ දඩුවම් පහර 4ක් ලබා ගනිමින් සිය ලකුණු 19 ලබා ගත්තේය.

හැව්ලොක්ස් සහ පොලිස් කණ්ඩායම් අතර පැවති තරඟයේ ඡයාරෑප

ඒ කොටසේ පැවති තවත් තරගයකින් ජය ගැනිමට CR & FC පිළ සමත් විය. ඒ ලකුණු 35-15 ලෙස යුධ හමුදා කණ්ඩායම පරාජය කරමිනි. පළමු අර්ධයේම ලකුණු 10-06 ලෙස පෙරමුණ ගත් CR ක්‍රීඩකයින් ගෝල දිනුම් 3ක්, උත්සහක දිනුමක් සහ දඩුවම් පහර 3ක් සමගින් සිය ලකුණු පුවරුව සටහන් කරගත් අතර යුධ හමුදා කණ්ඩායමට සාර්ථක කර ගත හැකි වුයේ උත්සහක දිනුමක්,ගෝල දිනුමක් සහ එක් දඩුවම් පහරක් පමණි.

CR කණ්ඩයම හා යුධ හමුදා කණ්ඩායම අතර තරගයේ ඡයාරෑප

මේ අතර කාගේත් අවධානය දිනා ගත් තරගයක් ඊයේ පැවැත්විය. ඒ පසුගිය වර ශුරයන් වු මහනුවර කණ්ඩායම සහ CH & FC කණ්ඩායම අතරයි. ඉතා ප්‍රවේගකාරි සටන් රටාවක් දියත් කළ මහනුවර ක්‍රීඩකයින් තරගය ජය ගත්තේ ලකුණු 80-03 ලෙසය. පළමු අර්ධයේම ලකුණු 46-03 ලෙස පෙරමුණ ගත් මහනුවර කණ්ඩායම සිය දෙවැනි අර්ධයේදී තවත්  ලකුණු 34ක් ලබා ගනිමින් සිය අණසක පැතුරුවේය. මහනුවර ක්‍රීඩකයින් ගෝල දිනුම් 5ක් සහ උත්සහක දිනුම් 9ක් සාර්ථක කරගනිමින් සිය ලකුණු රැස් කලේය.

මහනුවර සහ CH & FC කණ්ඩායම් අතර පැවති තරගයේ ඡයාරෑප