ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක මණ්ඩලයට පළමු වතාවට කාන්තා මුහුණක්

219

ඉන්දියාවේ ජී. එස්. ලක්ෂ්මි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරග තීරක විනිසුරු මණ්ඩලයට තේරී පත්වූ පළමු කාන්තා තරග තීරකවරිය ලෙස අද (14) දින ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට එකතු විය.  

ජාත්‍යන්තර පිරිමි ක්‍රිකට් තරගයක පළමු විනිසුරුවරිය ඇයයි

ඕමානය සහ නැමීබියාව අතර අද (27) දින පැවැත්වෙන දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය….

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ජී. එස්. ලක්ෂ්මි හට ලොව පැවැත්වෙන ඕනෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක තරග විනිසුරුවරිය ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලැබේ. එසේම පසුගිය 27 වැනිදා ඕමානය සහ නැමීබියාව අතර පැවති දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය විනිසුරු කරනු ලැබූ ඕස්ට්‍රේලියානු ජාතික ක්ලෙයාර් පොලෝසැක්, ජාත්‍යන්තර පිරිමි එක්දින ක්‍රිකට් තරගයක් විනිශ්චය කරනු ලැබූ පළමු කාන්තාව ලෙස ලෝක ක්‍රිකට් ඉතිහාසයට එකතු වූවාය.

තවද පොලෝසැක්ගේ මිතුරියක් වන ඕස්ට්‍රේලියාවේ එලොයිස් ෂෙරීඩන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරුන්ගේ සංවර්ධන කමිටුව වෙත ඇතුළත් වීමට වරම් දිනාගැනීමත් සමඟම එම කමිටුව තුළ සිටින කාන්තා විනිසුරුවරියන් ගණන 8 දක්වා ඉහළ නැංවේ.

ලෝරන් ඇගන්බග්, කිම් කෝටන්, ශිවනී මිශ්‍රා, සූ රෙඩ්ෆර්න්, මේරි වෝල්ඩ්රන් සහ ජැකලින් විලියම්ස් ඉහත දැක්වූ සංවර්ධන කමිටුව තුළ සිටින අනෙකුත් තරග විනිසුරුවරියන් වන අතර මෙම කමිටුවේ පළමු සාමාජිකාව වූ කැතී ක්‍රොස් පසුගිය වසර අවසානයේ දී එම තනතුරින් විශ්‍රාම ගියාය.

“ලක්ෂ්මි සහ එලෝයිස්ව මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙනුවෙන් සාදරයෙන්  පිළිගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා නිලධාරීන් පැමිණීම දැන් එන්න එන්න වර්ධනය වෙලා තියෙනවා. ඒ ගමන දිරිගන්වන්න සිදුකරන අපගේ කැපවීමෙහි වැදගත් පියවරක් තැබූ දිනයක් ලෙස මම අද දවස නම් කරන්න කැමතියි. මම ඔවුන්ගේ ප්‍රගතිය පිළිබඳව ඇත්තටම සතුටට පත්වෙනවා. මේ සියලුම දෙනාට දිගු හා විනෝදජනක විනිසුරු දිවියක් ගෙවන්න හැකිවේවා යැයි මම ඔවුන්ට සුබපැතුම් එක් කරන්න මෙය අවස්ථාවක් කරගන්න කැමතියි.” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක සහ තරග විනිසුරු අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් වන ඇඩ්රියන් ග්රිෆිත් මහතා පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරග තීරක විනිසුරු මණ්ඩලයට තේරී පත්වූ පළමු කාන්තා තරග තීරකවරිය වන 51 හැවිරිදි ජී. එස්. ලක්ෂ්මි, 2008/09 යන වසර වලදී පළමු වතාවට දේශීය කාන්තා ක්‍රිකට් තරගයක තරග විනිසුරුවරියක් ලෙස කටයුතු කර තිබේ. ඉන් නොනැවතුණු ඇය ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනකදී තරග විනිසුරුවරියක් ලෙස සිය දායකත්වය දක්වා ඇත.

අමීර්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුව වැට උඩ?

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු වන මොහොමඩ් අමීර් හට….


“මේක මගේ ජිවිතේ තිබ්බ ලොකු හීනයක් සැබෑවුනා වගේ කියලා මට දැනෙනවා. ඒ වගේම මට ලැබුණු විශාල ගෞරවයක් ලෙස මම මේක දකිනවා. මම ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස වසර ගණනාවක් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ඒ වගේම තරග තීරකවරියක් ලෙසත් මම මගේ සේවාව මගේ රටට ගොඩාක් කාලයක ඉඳන් ලබාදුන්නා. දැන් ඒ තුළින් ලබාගත් අත්දැකීම් මට ලෝකයාට ලබාදෙන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තියෙනවා කියලා මම හිතනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා ඉන්දීය ක්‍රිකට් පරිපාලනයට මම ගොඩාක් ස්තූති වන්ත වෙනවා.”
යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරග තීරක විනිසුරු මණ්ඩලයට තේරී පත්වූ පළමු කාන්තා තරග තීරකවරිය වන ජී. එස්. ලක්ෂ්මි පැවසීය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<