ඉන්දිකට හා හංසනීට නව ශ්‍රී ලංකා වාර්තා තුනක්

87

අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ තායිලන්තයේ පතායා නගරයේ දී පැවැත්විය. එහි දී ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කළ ඉන්දික දිසානායක හා හංසනී ගෝමස් නව ශ්‍රී ලංකා වාර්තා තුන බැගින් බිහි කිරීමට සමත් විය. 

වාර්තාගත පීතර, වලල සුසංයෝගය නැවතත් පාසල් මලල ක්‍රීඩා පිටිය කළඹයි

පුරා දින තුනක් මුළුල්ලේ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ 2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවලිය අද (22) නිමාවට පත් වූයේ නව තරග වාර්තා 34ක් බිහිකිරීමට අවශ්‍ය …

තරගාවලියේ කිලෝග්‍රෑම් 73ට අඩු බර පන්තියෙන් තරග වැදුණු අතර එහි දී ඔහු Snatch ක්‍රමයේ දී කිලෝග්‍රෑම් 134ක් හා Clean and Jerk ක්‍රමයේ දී කිලෝග්‍රෑම් 161ක් ද ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටවූ අතර ඔහු වාර්තා කළ මුළු බර ප්‍රමාණය වන කිලෝග්‍රෑම් 298 ද නව ශ්‍රී ලංකා වාර්තාවක් විය. මීට පෙර ද මෙම වාර්තා තුනම ඉන්දික සතුව පැවති අතර එහි දී Snatch ක්‍රමයේ දී කිලෝග්‍රෑම් 133ක් ද, Clean and Jerk ක්‍රමයේ දී කිලෝග්‍රෑම් 161ක් ද මුළු බර ප්‍රමාණය ලෙස කිලෝග්‍රෑම් 291ක් ද වාර්තා වී තිබුණි. 

කෙසේ වෙතත් දේශීය පෙර පුහුණුවීම් අවස්ථාවල දී මීට පෙර ඉන්දික Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 140 ක් හා Clean and Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 166 ක් ද ඔසවමින් මුළු බර ප්‍රමාණය ලෙස කිලෝග්‍රෑම් 306 ක් වාර්තා කර තිබිණි. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නව තරග වාර්තා තුනක් බිහි කිරීමට කිලෝග්‍රෑම් 49ට අඩු බර පන්තිය නියෝජනය කළ හංසනී ගෝමස් සමත් විය. ඇය Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 72ක් හා Clean and Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 85ක් වාර්තා කිරීමට සමත් විය. ඇය වාර්තා කළ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 157ක් වූ අතර එය ද නව වාර්තාවකි. කෙසේ වෙතත් තරගාවලියේ දී ඇයට හිමි වූයේ 27 වැනි ස්ථානයයි. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කිලෝග්‍රෑම් 55ට අඩු බර පන්තිය නියෝජනය කළ දිලංක ඉසුරු තරගාවලියේ 10 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූයේ කිලෝග්‍රෑම් 242ක් වාර්තා කරමිනි. තවමත් 23 වැනි වියෙහි පසුවන දිලංක Snatch ක්‍රමයේ දී කිලෝග්‍රෑම් 108ක් හා Clean And Jerk ක්‍රමයේ දී කිලෝග්‍රෑම් 134ක් ද වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයකි. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කිලෝග්‍රෑම් 81ට අඩු බර පන්තිය නියෝජනය කළ චින්තන ගීතාල් Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 133ක් හා Clean and Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 165ක් ද වාර්තා කිරීමට සමත් විය. ඔහු වාර්තා කළ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 298කි. 

පාසල් සහය දිවීමේ යෂ්ටිය තවදුරටත් වලල ක්‍රීඩකයින් ග්‍රහණයට

2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවය දෙවන දිනයටත් සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් අද (21) ක්‍රියාත්මක වූ අතර නැඟී එන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සුපිරි දක්ෂතා …

කිලෝග්‍රෑම් 61ට අඩු බර පන්තිය නියෝජනය කළ චතුරංග ලක්මාල් තරගාවලියේ 21 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ කිලෝග්‍රෑම් 262ක මුළු බර ප්‍රමාණයක් වාර්තා කරමිනි. එහි දී ඔහු Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 117ක් හා Clean and Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 145ක් වාර්තා කිරීමට සමත් විය. 

මෙවර තරගාවලිය සඳහා කිලෝග්‍රෑම් 73ට අඩු බර පන්තිය නියෝජනය කරමින් සහභාගි වූ ඇන්ටන් සුදේශ් පීරිස් 

Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 130ක් හා Clean and Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 166ක් ද වාර්තා කරමින් මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 290ක් ලෙස සටහන් කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ තිලංක විරාජ් පළඟසිංහ මෙවර තරගාවලිය සඳහා කිලෝග්‍රෑම් 61ට අඩු බර පන්තිය නියෝජනය කරමින් සහභාගි වූ අතර ඔහු Snatch ක්‍රමයේ දී අසාර්ථක වීම නිසා තරගාවලියේ ස්ථානයක් හිමි වූයේ නැත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<