“එදාමෙදාතුර ලෝකයේ හොඳම වේගපන්දු බල ඇණිය අපි” – ශාමි

950
Indian Cricket

1970 දශකයේ හා 1980 දශකවල ටෙස්ට් ක්‍රිකට් පිටියේ රජ කළ බටහිර ඉන්දීය වේගපන්දු යවන්නන්ටත් වඩා වත්මන් ඉන්දීය වේගපන්දු බල ඇණිය ප්‍රබල බව ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමි පවසා සිටිනවා. 

ඔහු පවසන්නේ එදාමෙදාතුර ලෝකය දුටු භයානකම වේගපන්දු බල ඇණිය වත්මන් ඉන්දීය කණ්ඩායම සතුව ඇති බවයි.

බංග්ලාදේශ සුපිරි ක්‍රීඩකයෙකුත් කොරෝනා දැලේ පැටලේ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන Mashrafe Mortaza හට කොරෝනා වයිරසය ආසාදනය

සම්ප්‍රදායිකව දඟපන්දු යවන්නන් ප්‍රිය කරන කණ්ඩායමක් වන ඉන්දීය කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නන් ලෙස මොහොමඩ් ශාමි, ඉශාන්ත් ශර්මා, ජස්ප්‍රිත් බුම්රාහ්, උමේෂ් යාදව් හා බුවනේශ්වර් කුමාර් හැඳින්විය හැකියි.

“ඔබ සහ ලොව හැම දෙනාම මෙයට එකඟ වෙයි. ලෝකයේ එකදු කණ්ඩායමකවත් වේගපන්දු යවන්නන් පස් දෙනෙක් එකට ක්‍රීඩා කළේ නැහැ” ශාමි ESPNcricinfo වෙත පවසා තිබුණා. 

“දැන් පමණක් නෙවෙයි, මුළු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයටම, මේක වෙන්න පුළුවන් ලෝකයේ හොඳම වේගපන්දු බල ඇණිය” ඔහු පවසා සිටියා. 1970 හා 1980 දශකවල ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු බල ඇණිය පිළිබඳ මතක් කළ විට ඔහු පවසා සිටියේ ඉන්දියාවට සතුව අතිරේක ක්‍රීඩකයින් ලෙස ද තවත් වේගපන්දු යවන්නන් සිටින බවයි.

“අප සතුව ඉන්නවා පැයට කිලෝමීටර 145-148 වගේ වේගයෙන් පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නෙක්” ටෙස්ට් තරග 49ක දී කඩුලු 180ක් දවාගෙන සිටින ශාමි පවසා සිටිනවා.

දරුණු දණහිසේ ආබාධයකින් සුවය ලබා ආපසු කණ්ඩායමට පැමිණ සිටින 29 හැවිරිදි වේගපන්දු යවන්නා තවදුරටත් පවසා සිටියේ නව පන්දුව බෙදා ගන්නට ඉන්දීය වේගපන්දු යවන්නන් අතර කිසිදු ගැටුමක් නොමැති බවයි.

“අපි විරාත් කෝලි ළඟට ගිහින් කියනවා ඔහුට තීරණය ගන්න කියලා. නමුත් ඔහු බොහෝ වේලාවට කියන්නේ මම එන්නේ නැහැ ඕකට සම්බන්ධ වෙන්න ඕගොල්ලෝ කතා කරලා තීරණයක් ගන්න, මට ප්‍රශ්නයක් නැහැ, කියලයි.”

ශාමි පවසා සිටියේ අනෙක් පන්දු යවන්නන් දෙදෙනාට නව පන්දුව ලැබීම පිළිබඳව තමාගේ අකමැත්තක් නොමැති බවයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු වෙනස් වන ලකුණු

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු

“අපිට කඩුලු ලැබුනත් නැතත් අපි අනෙක් අයට සහයෝගය දෙනවා.”

ශාමි හට සිය බර පාලනයේ ගැටලු ඇති වුණු අතර 2019 වසරේ ලෝක කුසලානයට එක්වුණු ඉන්දීය කණ්ඩායමට එකතු වීමට පෙර ඔහුට සිය බිරිඳ සමඟ නීතිමය ප්‍රශ්න කිහිපයක් ද විසඳා ගැනීමට ද සිදු වුනා. 

ඔහු ලෝක කුසලානයේ තරග හතරක දී කඩුලු 14ක් දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක් ද තමාගේ නමට ලියා ගනිමින්. පසුගිය වසරේ ඉන්දියාව දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ දී ටෙස්ට් තරග තුනක් තුළ ඔහු කඩුලු 13ක් දවා ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<