අසේල, ජීවන් සහ චානක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021/22

263

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවති තරගවල දී ශ්‍රී ලංකා යුද හමුදාවේ අසේල ගුණරත්න, බදුරලිය ක්‍රීඩා සමාජයේ ජීවන් මෙන්ඩිස් සහ ගාල්ල ක්‍රිකට් සමාජයේ චානක රුවන්සිරි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වුනා.

අසේල ගුණරත්න මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දු යැවීමේ දී ලකුණු 42ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක්වුවා.

පන්දු යැවීමේ දී ලකුණු 45කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ බදුරලිය කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් පන්දුවට පහර දීමේ දී ලකුණු 38ක් ලබා ගත්තා.

චානක රුවන්සිරි බදුරලිය ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 75ක් ලබා ගනිමින් පන්දු යැවීමේ දී ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත්තා.

චානක ලබා ගත් අර්ධ ශතකයට අමතරව මීගමුව ක්‍රිකට් සමාජයේ ඇන්ජලෝ ජයසිංහ (72), Tamil Union ක්‍රිකට් සමාජයේ නවෝද් පරණවිතාන (79), Kandy Customs ක්‍රිකට් සමාජයේ හසිත නිර්මාල් (53) සහ මූවර්ස් ක්‍රීඩා සමාජයේ පබසර වඩුගේ (71) ද අර්ධ ශතක ලබා ගත්තා.

Group A, Kandy Customs සහ මූවර්ස් (BRC)

මූවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්

Kandy Customs; සියලුම දෙනා දැවී 139 (39.1) මින්හාජ් ජලීල් 40, හසිත නිර්මාල් 53, දුශාන් විමුක්ති 3/25, චානුක ඩිල්ශාන් 2/35, අයන සිරිවර්ධන 3/20

මූවර්ස්; කඩුලු 3ක් දැවී 140 (30.1) පබසර වඩුගේ 71, දුශාන් විමුක්ති 44


Group A, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මීගමුව ක්‍රිකට් සමාජය (වැලිසර)

නාවික හමුදාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 2ක ජයක්

නාවික හමුදාව; සියලුම දෙනා දැවී 200 (49.5) ඩබ්ලිව්. මයන්ත 44, බුද්ධික මධුශාන් 45, තුෂාර සමරකෝන් 37, උපුල් ඉන්ද්‍රසිරි 2/28, පසිඳු උස්හෙට්ටිගේ 3/41

මීගමුව; කඩුලු 7ක් දැවී 185 (48) අශේන් සිල්වා 25, ඇන්ජලෝ ජයසිංහ 72, රොස්කෝ තටිල් 20, බුද්ධික මධුශාන් 2/44, පසිඳු මධුශාන් 2/19, ඩිලංක අවර්ඩ්ට් 3/26


Group A, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ කළුතර Town Club (කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය)

ගුවන් හමුදාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 39ක ජයක්

ගුවන් හමුදාව; කඩුලු 9ක් දැවී 167 (50) ඩිල්හාන් කුරේ 36, ලසඳ රුක්මාල් 24, දුලාංජන මෙන්ඩිස් 28, සෙනාල් ද සිල්වා 3/30, මහේෂ් ප්‍රියදර්ශන 3/25

කළුතර Town Club; කඩුලු 7ක් දැවී 95 (34.2) මහේෂ් ප්‍රියදර්ශන 22, දිනෙත් මුණසිංහ 30, ගයාන් සිරිසෝම 2/17, දුලාංජන මෙන්ඩිස් 3/24


Group A, ශ්‍රී ලංකා යුද හමුදාව සහ BRC (දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණය)

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්

BRC; කඩුලු 9ක් දැවී 153 (20) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 20, ශෂීන් ප්‍රනාන්දු 35, Hitesh Solanki 26, තිලාන් තුෂාර 20, අසේල ගුණරත්න 4/28, ගයාන් බණ්ඩාර 2/33

යුද හමුදාව; කඩුලු 5ක් දැවී 156 (27.3) හිමාෂ ලියනගේ 44, අසේල ගුණරත්න 42, මළිඳු ෂෙහාන් 2/30


Group B, බදුරලිය සහ ගාල්ල (මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණය)

බදුරලිය ක්‍රීඩා සමාජයට ලකුණු 14ක ජයක්

බදුරලිය; සියලුම දෙනා දැවී 213 (48) සඳුන් වීරක්කොඩි 35, Arjun Shetty 32, අලංකාර අසංක 38, ජීවන් මෙන්ඩිස් 38, ලසිත් ලක්ෂාන් 2/41, චලන ද සිල්වා 3/29, චානක රුවන්සිරි 3/46

ගාල්ල; සියලුම දෙනා දැවී 199 (49.1) යශෝධ ලංකා 44, චානක රුවන්සිරි 75, දුලාෂ් උදයංග 25, ජීවන් මෙන්ඩිස් 5/45, අලංකාර අසංක 2/29


Group B, හලාවත මේරියන්ස් සහ Tamil Union (කටුනායක FTZ ක්‍රීඩාංගණය)

Tamil Unionට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 45ක ජයක්

Tamil Union; කඩුලු 9ක් දැවී 251 (50) නවෝද් පරණවිතාන 79, රන්මිත් ජයසේන 28, යොහාන් මෙන්ඩිස් 28, රවිඳු ප්‍රනාන්දු 38, අවිඳු තීක්ෂණ 3/45

හලාවත මේරියන්ස්; කඩුලු 6ක් දැවී 140 (36.2) විශ්ව චතුරංග 46, කසුන් විදුර 27, ඉසුරු උදාන 2/29, ප්‍රමෝද් මධුශාන් 2/17

මේ අතර Group B කාණ්ඩයෙන් අද තර්ස්ටන් පිටියේ දී තරග වැදීමට නියමිතව සිටි රාගම සහ සෙබස්තියනයිට්ස් අතර තරගයත්, පී. සරා Oval පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ Ace Capital සහ පොලිසිය අතර තරගයත්, බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ බ්ලූම්ෆීල්ඩ් සහ කෝල්ට්ස් අතර තරගයත් සහ Group A කාණ්ඩයෙන් කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී තරග පිටියට පිවිසීමට නියමිතව සිටි කුරුණෑගල Youth සහ CCC අතර ද ක්‍රීඩාංගණවල පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් පන්දුවක් හෝ නොයවා නතර කරන ලදි.

ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන් ම ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<