සී. සී. සී. ශූරතාවය ඩැහැගනී

955

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය හෙවත් සී. සී. සී. කණ්ඩායම අද (10) සමත් වූහ. තරගාවලියේ අනුශූරතාව හිමි වූයේ සැරසන්ස් ක්‍රිකට් සමාජයට ය.

තරගාවලියේ අවසන් සතිය ආරම්භ වෙන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන දෙකේ සී. සී. සි. සහ එස්. එස්. සී. කණ්ඩායම් රැඳී සිටි අතර සී. සී. සී. ක්‍රීඩකයෝ එම ස්ථානය ස්ථාවර කරගනිමින් ශූරතාව දිනා ගනිද්දී එස්. එස්. සී. ක්‍රීඩකයෝ අද තම අනුශූරතාව අහිමි කර ගත්හ. ඒ සැරසන්ස් කණ්ඩායම ටැමිල් යූනියන් ක්‍රීඩකයන්ට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ හලාවත මේරියන්ස් කණ්ඩායම වෙතින් ලත් පරාජයත් හේතුවෙනි.

ප්‍රමෝද් සහ නිපුන් ටැමිල් සිහිනය බිඳ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ අවසන් සතිය වන

එන්. සී. සී. සහ සී. සී. සී. අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී අද නිමා වූ මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 411ක් ලබා ගත් හ.  ඊට පිළිතුරු ලෙසින් සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 427ක් ලබා ගනිමින් පළමු ඉනිමේ වාසිය තරගාවලියේ ශූරතාවට ද ළඟා වීමේ පෙරනිමිති පහළ කළහ.

Photos: CCC v NCC | Major Super 8s Tournament 2018/19

ලකුණු 16ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ එන්. සී. සී. ක්‍රීඩකයෝ එම ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 305ක් පමණි. එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 80ක් දී දවා ගැනීමට වනිඳු හසරංග සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 290ක ඉලක්කයක් වෙනුවෙන් ගිය සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී එය සපුරා ගත්හ.

එම ඉනිමේ දී අර්ධ ශතක තුනක් වාර්තා විය. ආරම්භක පිතිකරු මාධව වර්ණපුර ලකුණු 56ක් ලබා ගත්තේ ය. ඔහු සහ මිනෝද් භානුක අතර දෙවැනි කඩුල්ලට ලකුණු සබඳතාව 120කි. මිනෝද් භානුක පන්දු 101කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව නායක අශාන් ප්‍රියංජන් තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තේ ය. අනෙක් අන්තයෙන් නොදැවී රැඳී සිටි වනිඳු හසරංග පන්දු 27කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර හය වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව 56කි.

කඩුලු ලබා ගැනීමේ දී සාරංග රාජගුරු ලකුණු 58කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 411 (104.3) ලහිරු උදාර 35, පැතුම් නිස්සංක 119, මහේල උඩවත්ත නොදැවී 146, චතුරංග ද සිල්වා 25, ලහිරු මධුශංක 2/52, වනිඳු හසරංග 4/63, අශාන් ප්‍රියංජන් 2/52

සී. සී. සී.; කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 427 (98.3) රොන් චන්ද්‍රගුප්ත 118, මාධව වර්ණපුර 20, මිනෝද් භානුක 104, අශාන් ප්‍රියංජන් 51, ලසිත් අබේරත්න 26, වනිඳු හසරංග 40, අසිත ප්‍රනාන්දු 3/71, චතුරංග ද සිල්වා 5/104

එන්. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 305 (73.4) ලහිරු උදාර 50, පැතුම් නිස්සංක 70, චතුරංගද සිල්වා 114,  සාරංග රාජගුරු 59, මාලින්ද පුෂ්පකුමාර 3/78, වනිඳු හසරංග 6/80

සී. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 290 (56.3) මාධව වර්ණපුර 56, මිනෝද් භානුක 85, අශාන් ප්‍රියංජන් නොදැවී 60, ලසිත් අබේරත්න 20, වනිඳු හසරංග නොදැවී 48, සාරංග රාජගුරු 4/58

තරංග – තිසර ගැටුම අවසානයේ BPL කිරුළ කොමිලාවරුන්ට!

සයවැනි වරටත් පැවති බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලිය ඊයේ (08) නිමාවට පත්වූයේ ශ්‍රී ලාංකීය තුන් ඉරියව් ක්‍රීඩක තිසර


කෝල්ට්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද නිමා වූ මෙම තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 574ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 168ක් පමණි.

Photos: Colts CC Vs Army SC | Major Super 8s Tournament 2018/ 19

ලකුණු 406ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 446ක් ලබා ගත්හ.

එම  ඉනිම වෙනුවෙන් අසේල ගුණරත්න පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 123ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඩිල්ෂාන් ද සොයිසා පන්දු 219කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 139ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී නිසල තාරක ලකුණු 74කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 41ක ඉලක්කයක් පසුපස ගිය කෝල්ට්ස් ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී එම ඉලක්කය සපුරා ගත්හ. එහි දී නායක ප්‍රිමෝෂ් පෙරේරා නොදැවී ලකුණු 20ක් ලබා සිටියේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 574 (148.1) අවිශ්ක ප්‍රනාන්දු 75, ධනංජය ලක්ෂාන් 141, විශාද් රන්දික 106, ප්‍රියමාල් පෙරේරා 127, ජෙහාන් ඩැනියෙල් 29, නිසල තාරක 55, නුවන් ලියනපතිණ 2/67, අසේල ගුණරත්න 2/40, බුද්ධික මධුශංක 2/91,ධනුෂික බණ්ඩාර  2/124

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (48.5) හිමාෂ ලියනගේ 46, ධනුශික බණ්ඩාර 26, බුද්ධික මධුශංක 24, නිසල තාරක 3/43, ජෙහාන් ඩැනියෙල් 2/33, නලින් ප්‍රියදර්ශන 4/32

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 446 (48) දුෂාන් විමුක්ති 40, කවීෂ් කුමාර 23, හිමාෂ ලියනගේ නොදැවී 48, අසේල ගුණරත්න 123, ඩිල්ෂාන් ද සොයිසා 139, සීක්කුගේ ප්‍රසන්න 44, නිසල තාරක 3/74, ජෙහාන් ඩැනියෙල් 2/58, ප්‍රවීන් ජයවික්‍රම 2/104, ප්‍රිමෝෂ් පෙරේරා 2/14

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 41 (9) ප්‍රියමාල් පෙරේරා නොදැවී 29

කනිෂ්ක මදුවන්ත පන්දු යැවීමෙන් සුපිරි දස්කම් දක්වයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්


ටැමිල් යූනියන් සහ සැරසන්ස් අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන්ගේ මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ අනුශූරතාව ද ඔවුන් සතු විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 330ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 574ක් ලබා ගත්හ.

ලකුණු 244ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 345ක් ලබා සිටිය හ.

එම  ඉනිමේ දී නායක තරංග පරණවිතාන පන්දු 225කට මුහුණ දී හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 175ක් ලබා ගත්තේ ය. ඊට අමතරව සචිත්‍ර සේරසිංහ පන්දු 199කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 124ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු සබඳතාව 283කි.

කඩුලු ලබා ගැනීමේ ගමිඳු කනිෂ්ක ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (101.4) සිතාර ගිම්හාන් 52, තරංග පරණවිතාන 50, සචිත්‍ර සේරසිංහ 34, කමිඳු මෙන්ඩිස් 41, මනෝජ් සරත්චන්ද්‍ර 68, රමිත රඹුක්වැල්ල 40, සාලිය සමන් 3/40, ගමිඳු කනිෂ්ක 3/74

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 574 (166.4) ඇන්ඩි සොලමන්ස් 77, ප්‍රමෝද් මධුවන්ත 212 , අශේන් බණ්ඩාර 94, නිපුන් කරුණානායක 149, රංගන හේරත් 2/73, රමිත රඹුක්වැල්ල 4/96

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 345 (83.2) සිතාර ගිම්හාන් 22, තරංග පරණවිතාන 175, සචිත්‍ර සේරසිංහ නොදැවී 124, ගමිඳු කනිෂ්ක 2/47


එස්. එස්. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 374ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 374ක් ලබා ගත්හ.

Photos: SSC v Chilaw Marians CC – Major Super 8s Tournament 2018/19

ලකුණු 100ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ එම ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 265ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 366ක් හඹා ගිය හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත් හ. එම ඉනිමේ දී රිසිත් උපමාල් සහ නිමේෂ් විමුක්ති ශතක වාර්තා කරමින් ලැබූ ජයග්‍රහණයේ වැඩි පංගුකාරයෝ වූහ.

රිසිත් උපමාල් පන්දු 199කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 112ක් ලබා ගත්තේ ය. නිමේෂ් විමුක්ති පන්දු 171කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 120ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට ලකුණු 206ක සබඳතාවක් ගොඩ නැගූහ.

කඩුලු ලබා ගැනීමේ දී සචිත්‍ර සේනානායක සහ හිමේෂ් රාමනායක කඩුලු 3 බැගින් දවා ගත්හ.

ස්. එස්. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 374 (101) නිපුන් ධනංජය 46, දසුන් ශානක 34, සම්මු අශාන් 79, ආකාශ් සේනාරත්න 56, සචිත්‍ර සේනානායක 89, හිමේෂ් රාමනායක 22, පුලින තරංග 3/58, සාගර් උදේශි 4/138

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (73.3) තික්ෂිල ද සිල්වා 72, රිසිත් උපමාල් 29, නිමේෂ් විමුක්ති 40, පුලින තරංග 51, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 30, සචිත්‍ර සේනානායක 6/73

එස්. එස්. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 265 (69) නිපුන් ධනංජය 61, දසුන් ශානක 68, කවිඳු කුලසේකර 71, දසුන් ශානක 68, තරිඳු රත්නායක නොදැවී 27, සාගර් උදේශි 5/107, පුලින තරංග 3/42

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 368 (98) යසෝද ලංකා 26, දසුන් සෙනෙවිරත්න 23, රිසිත් උපමාල් නොදැවී 112, නිමේෂ් විමුක්ති 120, සචිත්‍ර සේනානායක 2/100, හිමේෂ් රාමනායක 3/39

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<