ප්‍රමෝද් සහ නිපුන් ටැමිල් සිහිනය බිඳ දමයි

375

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ අවසන් සතිය වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානයේ සිටි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ ද අනෙකුත් තරග ප්‍රතිඵල අනුව ශූරතාවට මාන බලමින් සිටිය ද අද ඒ සියලු බලාපොරොත්තු සුන්කර දැමීමට සැරසන්ස් කණ්ඩායමේ ප්‍රමෝද් මධුශංක සහ නිපුන් කරුණානායක අකාරුණික වූහ.

ප්‍රමෝද් මධුවන්ත අද දවසේ දී ද්විත්ව ශතකයක් ලබා ගත් අතර නිපුන් කරුණානායක ශතකයක් ලබා ගත්තේ ය.

ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 276ක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණයක් දක්වා රැගෙන ගියේය. ඒ අනුව එතෙක් ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානයේ සිටි ටැමිල් යූනියන් ක්‍රීඩකයන්ට එම ස්ථානය සැරසන්ස් කණ්ඩායමට ලබා දී ඔවුන් සැරසන්ස් සිටි ස්ථානයට පසු බැසීමට සිදු විය.  

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන දෙකේ සී. සී. සී. සහ එස්. එස්. සී. කණ්ඩායම් රැඳී සිටින අතර ඔවුන් දැනටමත් පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු දිනා ඇති බැවින් තරගාවලියේ ජයග්‍රහණය විවෘත වී ඇති බවක් ද පෙන්නුම් කරයි. කෙසේ වෙතත් තරගාවලියේ තීරණාත්මක හෙට (10) දිනයේ දී කුමන කණ්ඩායමක් කවුරුන් අභිබවා යා දැයි සැක හැර දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

රොන් සහ මිනෝද් තියුණු ගමනට මඟ පාදා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ මේ වන විට තියුණු තරගයක් බවට පත් ව තිබෙන…

එන්. සී. සී. සහ සී. සී. සී. අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 411ක් ලබා ගත්හ.  ඊට පිළිතුරු ලෙසින් සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 427ක් ලබා ගනිමින් පළමු ඉනිමේ වාසිය ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් අද දවසේ දී අශාන් ප්‍රියංජන් අර්ධ ශතකයක දක්වා තම ඉනිම රැගෙන ගිය අතර වනිඳු හසරංග පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී චතුරංග ද සිල්වා ලකුණු 104කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ලකුණු 16ක් පිටුපස සිටිමින් තව දෙවැනි ඉනිම ඇරඹූ එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 243ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් චතුරංග ද සිල්වා පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ලහිරු උදාර සහ පැතුම් නිස්සංක අර්ධ ශතක ලබා ගත්හ.

කඩුලු ලබා ගැනීමේ දී වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගත්තේ ය.  

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 411 (104.3) ලහිරු උදාර 35, පැතුම් නිස්සංක 119, මහේල උඩවත්ත නොදැවී 146, චතුරංග ද සිල්වා 25, ලහිරු මධුශංක 2/52, වනිඳු හසරංග 4/63, අශාන් ප්‍රියංජන් 2/52

සී. සී. සී.; කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 427 (98.3) රොන් චන්ද්‍රගුප්ත 118, මාධව වර්ණපුර 20, මිනෝද් භානුක 104, අශාන් ප්‍රියංජන් 51, ලසිත් අබේරත්න 26, වනිඳු හසරංග 40, අසිත ප්‍රනාන්දු 3/71, චතුරංග ද සිල්වා 5/104

එන්. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 243 (48.3) ලහිරු උදාර 50, පැතුම් නිස්සංක 70, චතුරංග ද සිල්වා නොදැවී 114, වනිඳු හසරංග 3/63


කෝල්ට්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 574ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවි ලකුණු 168ක් පමණි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හිමාෂ ලියනගේ ය. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේ ය.

ලකුණු 406ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය නිමා වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 210.ක් ලබා සිටිය හ.

එම  ඉනිම වෙනුවෙන් අසේල ගුණරත්න පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 88ක් ලබා සිටී. ඔහුත් සමඟින් අනෙක් අන්තයෙන් හිමාෂ ලියනගේ නොදැවී ලකුණු 48ක් ලබා සිටියේ ය. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට මේ වන විට නොදැවුණ ලකුණු 127ක් ලබා සිටී.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 574 (148.1) අවිශ්ක ප්‍රනාන්දු 75, ධනංජය ලක්ෂාන් 141, විශාද් රන්දික 106, ප්‍රියමාල් පෙරේරා 127, ජෙහාන් ඩැනියෙල් 29, නිසල තාරක 55, නුවන් ලියනපතිණ 2/67, අසේල ගුණරත්න 2/40, බුද්ධික මධුශංක 2/91,ධනුෂික බණ්ඩාර  2/124

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (48.5) හිමාෂ ලියනගේ 46, ධනුශික බණ්ඩාර 26, බුද්ධික මධුශංක 24, නිසල තාරක 3/43, ජෙහාන් ඩැනියෙල් 2/33, නලින් ප්‍රියදර්ශන 4/32

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 210 (48) දුෂාන් විමුක්ති 40, කවීෂ් කුමාර 23, හිමාෂ ලියනගේ නොදැවී 48, අසේල ගුණරත්න නොදැවී 88

අවිශ්ක, මදුෂික, සොහාන් හා උපේන්ද්‍රගෙන් වැඩි දස්කම්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (8) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක වූ අතර….

ටැමිල් යූනියන් සහ සැරසන්ස් අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 330ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 574ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිමේ දෙවැනි දිනය අවසන් වෙන විට ප්‍රමෝද් මධුවන්ත සහ අශේන් බණ්ඩාර 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 145ක සබඳතාවක් ගොඩ නගමින් සිටි අතර අද ඔවුන් එම කඩුල්ලට ලකුණු 162ක් දක්වා රැගෙන ආහ. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණේ අශේන් බණ්ඩාර පන්දු 127කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 94ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනි.

ප්‍රමෝද් මධුවන්ත අද තම ඉනිම ද්විත්ව ශතකයක් ඉක්මවා ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දු 483කට මුහුණ දී හතරේ පහර 18ක් සමඟින් ලකුණු 212ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව නිපුන් කරුණානායක පන්දු 236කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 149ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 276කි.

කඩුලු ලබා ගැනීමේ දී රමිත රඹුක්වැල්ල ලකුණු 96කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (101.4) සිතාර ගිම්හාන් 52, තරංග පරණවිතාන 50, සචිත්‍ර සේරසිංහ 34, කමිඳු මෙන්ඩිස් 41, මනෝජ් සරත්චන්ද්‍ර 68, රමිත රඹුක්වැල්ල 40, සාලිය සමන් 3/40, ගමිඳු කනිෂ්ක 3/74

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 574 (166.4) ඇන්ඩි සොලමන්ස් 77, ප්‍රමෝද් මධුවන්ත 212 , අශේන් බණ්ඩාර 94, නිපුන් කරුණානායක 149, රංගන හේරත් 2/73, රමිත රඹුක්වැල්ල 4/96

ධනංජය, රන්දික, පැතුම් සහ උඩවත්ත ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ අද (7) ආරම්භ වූ තරගවල දී ධනංජය ලක්ෂාන්, විශාද් රන්දික, පැතුම්…

එස්. එස්. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 374ක් ලබා ගත් හ. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වෙද්දී තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 374ක් ලබා ගත්හ.

ලකුණු 100ක් ඉදිරියෙන් සිටිමින් අද දවස ආරම්භ කළ එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 265ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ.

එම ඉනිමේ දී ආරම්භක පිතිකරු නිපුන් ධනංජය පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 61ක් ලබා ගනිමින් හොඳ ආරම්භයක් ලබා දුන්නේ ය. ඊට පසුව කවිඳු කුලසේකර සහ දසුන් ශානක එක් ව තෙවැනි කඩුල්ලට ලකුණු 98ක සබඳතාවක් එක් කරමින් එස්. එස්. සී. ඉනිම ශක්තිමත් කළහ.

එහි දී කවිඳු කුලසේකර පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 71ක් ද දසුන් ශානක පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්හ.  

කඩුලු ලබා ගැනීමේ දී සාගර් උදේශි ලකුණු 107කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව පුලින තරංග කඩුලු 3ක් දවා ගත්තේ ය.

ලකුණු 366ක ඉලක්කයක් වෙනුවෙන් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 57ක් ලබා සිටිය හ.

එස්. එස්. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 374 (101) නිපුන් ධනංජය 46, දසුන් ශානක 34, සම්මු අශාන් 79, ආකාශ් සේනාරත්න 56, සචිත්‍ර සේනානායක 89, හිමේෂ් රාමනායක 22, පුලින තරංග 3/58, සාගර් උදේශි 4/138

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (73.3) තික්ෂිල ද සිල්වා 72, රිසිත් උපමාල් 29, නිමේෂ් විමුක්ති 40, පුලින තරංග 51, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 30, සචිත්‍ර සේනානායක 6/73

එස්. එස්. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 265 (69) නිපුන් ධනංජය 61, දසුන් ශානක 68, කවිඳු කුලසේකර 71, දසුන් ශානක 68, තරිඳු රත්නායක නොදැවී 27, සාගර් උදේශි 5/107, පුලින තරංග 3/42

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 57 (16) යසෝද ලංකා 26, සචිත්‍ර සේනානායක 2/19

මෙම සියලු තරග හෙට (10) සිව්වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<