ලෝක කුසලානයට එන ඉන්දීය සංචිතය නම් කෙරේ

797

එළඹෙන ඔක්තෝබර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය අද (08) නම් කෙරුණා. 

මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් වනවා. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාත් කෝලි හට හිමිව ඇති අතර උප නායකත්වය රෝහිත් ශර්මා හට හිමිව තිබෙනවා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Varun Chakravarthy ද මෙම සංචිතය සඳහා එක්ව තිබීම විශේෂත්වයක්. නවක ක්‍රීඩකයන් වන Ishan Krishan සහ Suryakumar Yadav ද මෙම සංචිතය සඳහා ඇතුළත්ව තිබෙනවා. 

පිතිකරුවන් ලෙස Virat Kohli, Rohit Sharma, KL Rahul සහ Suryakumar Yadav නම් කර ඇති අතර කඩුලු රකින ක්‍රීඩකයන් ලෙස Rishabh Pant සහ Ishan Krishan සංචිතය සඳහා ඇතුළත් වනවා. 

තුන් ඉරියව් ක්‍රීඩකයන් වන Hardik Pandya, Axar Patel ද සංචිතය සඳහා නම් කර ඇති අතර Ravichandran Ashwin සහ Varun Chakravarthy දඟපන්දු බලඇණියට එක්ව සිටිනවා. කණ්ඩායම සඳහා විශේෂඥ වේගපන්දු යවන්නන් ලෙස Mohammed Shami, Jasprit Bumrah සහ Bhuvneshwar Kumar ඇතුළත් වනවා.

අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතය සඳහා ඇතුළත් වනවා. එයට Shardul Thakur, Shreyas Iyer සහ Deepak Chahar නම් කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා Shikhar Dhawan, Prithvi Shaw සහ වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Siraj නම් කර නොතිබීම විශේෂත්වයක්. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ උපදේශකවරයා ලෙස හිටපු ඉන්දීය නායක Mahendra Singh Dhoni නම් කර තිබෙනවා. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම දෙවැනි කාණ්ඩය යටතේ තරග වදින අතර එයට පාකිස්තානය, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කණ්ඩායම් දෙකක් එක්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානය සමඟින් ඔක්තෝබර් 24 වැනිදා තරග වැදීමට නියමිතයි.

2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වනවා. තරගාවලිය නොවැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය: Virat Kohli (නායක), Rohit Sharma (උපනායක), KL Rahul, Suryakumar Yadav, Rishabh Pant (කඩුලු රකින ක්‍රීඩක), Ishan Kishan (කඩුලු රකින ක්‍රීඩක), Hardik Pandya, Ravindra Jadeja, Rahul Chahar, Ravichandran Ashwin, Axar Patel, Varun Chakravarthy, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Mohammed Shami.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<