ඉන්දීය පුහුණුකරු කණ්ඩායමෙන් වෙන් වී තනිවම යන්න ගිහින්!

India vs Sri Lanka 2023

3865

හිටපු ඉන්දීය නායක මෙන්ම, වත්මන් ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු Rahul Dravid හදිසියේ ඇති වූ රෝගී තත්වයක් නිසා ඉන්දීය කණ්ඩායමෙන් වෙන් වී තනිවම බැංගලෝරය වෙත ගොස් ඇති බව වාර්තා වෙනවා.

අද උදෑසන ඉන්දීය පුහුණුකරු Dravid විසින් මෙසේ ගුවන් මගින් බැංගලෝර් වෙත ගොස් ඇති අතර, ඔහු තනිවම ගුවන් යානයේ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා වල ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා.

නමුත් දැන ගැනීමට ඇති පරිදි ඔහුට අවදානම් සෞඛ්‍ය තත්වයක නොමැති අතර, ඊයේ (12) ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය අතරතුර ඔහු විසින් සිය රුධිර පීඩනය පිළිබඳ ගැට‍ලුවක් වාර්තා කර ඇති අතර පසුව බෙංගාල ක්‍රිකට් සංගමයේ වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මේ හේතුව නිසා අද උදෑසන Dravid බැංගලෝර් වෙත පියාසර කර ඇති අතර, ඔහු නොමැතිව ඉතිරි සියලු කණ්ඩායම් සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය තුන්වැනි එක්දින තරගය පැවැත්වීමට නියමිත Thiruvananthapuram වෙත යනු ඇති බවත්, හෙට දිනයේ Dravid කණ්ඩායම සමග නැවත එකතු වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරනවා.

පසුගිය 11 වැනිදා 50 වැනි වියට පා තැබූ Dravid විසින් ඔහුගේ වෛද්‍යවරුන් මුණ ගැසීමට සහ යම් පරීක්ෂණ කිහිපයක් කර ගැනීමේ බලාපොරොත්තු සහිතව මෙසේ බැංගලෝරය වෙත ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ තරගය ද ජයග්‍රහණය කරමින් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ එක්දින ක්‍රිකට් තරගාවලිය ද ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, මේ වන විට ඔවුන් 2-0ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

තරගාවලියේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ඉරිදා (15) පැවැත්වීමට නියමිතයි.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<