පාකිස්තාන අගමැතිගෙන් Azam හා කණ්ඩායමට පණිවිඩයක්

1459
(IndianExpress)

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසුණු දෙවැනි කණ්ඩායම බවට පත් වෙන්නට ඕස්ට්‍රේලියාව ඊයේ (11) සමත් වුනා. ඒ ප්‍රබල පාකිස්තානය පරජය කරමිනුයි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, Babar Azamගේ නායකත්වයෙන් තරග වැදුණු පාකිස්තාන කණ්ඩායම අස්වසන්නට පණිවිඩයක් නිකුත් කර තිබුණා.

1992 වසරේ දී පාකිස්තානයට පළමු වතාවට ලෝක කුසලානයක් ගෙන ආවේ ද ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් තරග වැදුණු පාකිස්තාන එක්දින ක්‍රිකට් කණ්ඩායමයි. ඉම්රාන් ඛාන් පවසා තිබුණේ විස්සයි විස්ස ලෝක කුසලානය තුළ ඔවුන් දැක්වූ දක්ෂතා පිළිබඳව පාකිස්තාන කණ්ඩායම ආඩම්බර විය යුතු බවයි. අවසන් පූර්ව වටයට එන තෙක්ම තරගාවලිය පුරා අපරාජිතව සිටි එකම කණ්ඩායම වුනේ ද පාකිස්තාන කණ්ඩායමයි.

“Babar Azam හා කණ්ඩයම වෙතටයි: මම දන්නවා ඔබට දැන් හැඟෙන සිතෙන දේවල් මොකද මමත් ක්‍රිකට් පිටියේ දී මේ වගේම බලාපොරොත්තු කඩවීම්වලට මුහුණ දීලා තිබෙනවා. නමුත් ඔබ හැමදෙනාම ඔබ ක්‍රීඩා කළ විදිය ගැන සතුටු වෙන්න ඕනේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් සුබ පැතුම්”, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

Mohammad Rizwan හා Fakhar Zamanගේ වේගවත් පිතිකරණය නිසා පාකිස්තානය දැවැන්ත ලකුණු 176ක ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට ලබා දුන්නා. කෙසේ වෙතත් Matthew Wade 19 වැනි පන්දුවාරයේ දී දැවැන්ත හයේ පහර පහර තුනක් එල්ල කරමින් තරගයේ ජය පකිස්තානයෙන් උදුරා ගන්නට සමත් වුනා. ඒ ප්‍රබල පාකිස්තාන පන්දු යවන්නෙක් වූ Shaheen Shah Afridiගේ පන්දුවාරයේ දීයි.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා (14) පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරෙන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<