Home Sinhala පාකිස්තානු අපරාජිකත්වය අවසන්; කැන්ගරුවන් අවසන් සටනට

පාකිස්තානු අපරාජිකත්වය අවසන්; කැන්ගරුවන් අවසන් සටනට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

308
Australia Cricket

2021 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (11) උණුසුම් ලෙස නිමා වුනේ ඕස්ට්‍රේලියාව කඩුලු 5ක සුපිරි ජයක් ලබා ගනිමින්.

ඒ අනුව පාකිස්තානයේ අපරාජිත ගමන නවතා දැමූ ඕස්ට්‍රේලියාව 2010 වසරට පසුව පළමු වරට T20 ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

සුපිරි 12 වටයේ මූලික වටයේ පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් ඕස්ට්‍රේලියාව සහ දෙවැනි කාණ්ඩයේ පළමුවැන්නා ලෙස අපරාජිතව පැමිණි පාකිස්තානය දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කණ්ඩායම් දෙකම අවසන් වරට T20 ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරග වටයට පැමිණ තිබෙන්නේ 2012 දීයි. නමුත් එහි දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය පිළිවෙළින් බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුනා.

ඩුබායි හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඕස්ට්‍රේලියාව – David Warner, Aaron Finch (capt), Mitchell Marsh, Steve Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade, (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood

පාකිස්තානය – Babar Azam (capt), Mohammad Rizwan, Fakhar Zaman, Mohammad Hafeez, Shoaib Malik, Asif Ali, Imad Wasim, Shadab Khan, Hasan Ali, Shaheen Afridi, Haris Rauf

තරගාවලිය පුරාවට පාකිස්තානය වෙනුවෙන් සාර්ථක ආරම්භයන් ලබා දීමට සමත් වුන නායක Azam සහ කඩුලු රකින පිතිකරු Rizwan නැවත වතාවක් සාර්ථක වුනා.

Powerplay අවස්ථාව තුල දී දඟපන්දු යවන්නෙක් සඳහා එක් පන්දුවාරයක් පමණක් ලබා දීමට ඕස්ට්‍රේලියානු නායකයා තීරණය කළා. නමුත් Powerplay අවස්ථාව ක්‍රියාත්මක වන පළමු පන්දුවාර 6 තුල පාකිස්තානය කිසිවෙක් නොදැවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 71ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ අතර Zampa ක්‍රියාත්මක කළ 10 වැනි පන්දුවාරයේ දී එම සබඳතාවය බිඳ වැටුණේ Azamගේ දැවී යාමත් සමඟයි.

Azam 4 පහර 5ක් සමඟ පන්දු 34ක දී ලකුණු 39ක් ලබා ගත් අතර එම පන්දුවාරයේ දී Zampa නිලකුණු පන්දු ක්‍රියාත්මක කරමින් ගොඩනැංවූ පීඩනය එම කඩුල්ල දවා ගැනීමට ඕස්ට්‍රේලියාවට සවියක් වුනා.

අනතුරුව පිටියට පිවිසි Zaman සමඟ එක්වුණු Rizwan දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 72ක තවත් අගනා සබඳතාවයක් ගොඩනැංවූවා. ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 11 වැනි අර්ධ ශතකය ලබා ගත් Rizwan පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 52ක දී ලකුණු 67ක් ලබා ගත්තා.

ඔහුගේ එම සුපිරි සහ සටන්කාමී ඉනිම සඳහා 4 පහර 3ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා. එසේම ඔහු කැලැන්ඩර වර්ෂයක් තුල ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 1000 ඉක්මවා ගිය පළමු සහ එකම ක්‍රීඩකයා බවට ද පත් වුනා.

Rizwanගේ දැවී යාමත් සමඟම පාකිස්තානු මැදපෙළ කඩුලු කිහිපයක් බිඳී ගිය නමුත් එහි වාඩුව ලබා ගැනීමට Zaman සමත් වුනා. ඔහු පන්දු 32ක් තුල නොදැවී ලකුණු 55*ක් ලබා ගත් අතර එම ඉනිමට 4 පහර 3ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් පන්දුවාර 4 තුල ලකුණු 54ක් ඕස්ට්‍රේලියාවෙන් උඳුරා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී Starc ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්තා. අවසානයේ දී පාකිස්තානය මෙවර ලෝක කුසලානයේ දී ඩුබායි පිටියේ දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගෙන ඕස්ට්‍රේලියාවට ලකුණු 177ක ප්‍රබල ඉලක්කයක් ලබා දුන්නා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුල දෙවනුව පන්දුවට පහර දුන් තරග සියල්ල ජය ගත් ඕස්ට්‍රේලියාවට මෙවර  එය අපහසු කටයුත්තක් බවට පත් කරමින් පළමු පන්දුවාරය තුල ලකුණක් පමණක් ලබා දෙමින් කඩුල්ල දවා ගැනීමට Shaheen Afridi සමත් වුනා. ඒ අනුව නායක Finch මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගියා.

කඩුල්ල බිඳ වැටුණු නමුත් Powerplay අවස්ථාව තුල හැකි උපරිමයෙන් ලකුණු ලබා ගත් Warner සහ Marsh දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවයක් ගොඩනැංවූවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සිය powerplay පන්දුවාර 6 තුල දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 52ක් ලබා ගත්තේ පාකිස්තානු කණ්ඩායමට වඩා ලකුණු 5ක වැඩි වාසියක් ලබාගෙන වුවත්, ඕස්ට්‍රේලියාවේ කඩුල්ලක් දැවී ගොස් තිබුණා.

කෙසේ නමුත් ඔවුන්ගේ මැදපෙළ කඩුලු කිහිපයක් ඉතාමත් අවම ලකුණු ප්‍රමාණයක් ඇතුළත දැවී යාම නිසා ඕස්ට්‍රේලියානු ඉනිමේ මැද පන්දුවාර කිහිපය තුල ඔවුන් යම් පසු බැස්මකට ලක්වුනා.

Warner සහ Marsh පිළිවෙළින් ලකුණු 49ක් සහ ලකුණු 28ක් ලබාගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයක් දිය හැකි මට්ටමක් වෙතට යාම සඳහා අවශ්‍ය මුල් අඩිතාලම සකස් කර දුන්නා.

අවසානයේ දී Stoinis සමඟ එක්වුණු Wade තවත් පන්දුවාරයක් ඉතිරිව තිබිය දී ම පාකිස්තානය ලබා දුන් ඉලක්කය පසුකර ගියා.

19 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේ දී Wadeගේ උඩපන්දුවක් Aliගේ අතින් ගිලිහී ගිය අතර අවසානයේ දී Wade තමන් මුහුණ දුන් පන්දු 3ට 6 පහර 3ක් එල්ල කළා. නොදැවී ක්‍රීඩා කළ Wade 4 පහර 2ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් පන්දු 17ක දී වේගවත් ලකුණු 41*ක් ලබා ගන්නා විට, Stoinis 4 පහර සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 31ක දී ලකුණු 40*ක් ලබා ගත්තා.

ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව තරගයේ හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්වූ Shadab ලකුණු 26කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා.

තරගයේ ලකුණු සාරාංශය,

පාකිස්තානය – 176/4 (20): Mohammad Rizwan 67, Fakhar Zaman 55*, Babar Azam 39, Mitchell Starc 2/38.

ඕස්ට්‍රේලියාව – 177/5 (19): David Warner 49, Matthew Wade 41*, Marcus Stoinis 40*, Mitchell Marsh 28, Shadab Khan 4/26.

  • තරගයේ වීරයා – Matthew Wade (ඕස්ට්‍රේලියාව)

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය ජය ගත් නවසීලන්තය සහ මේ තරගය ජය ගත් ඕස්ට්‍රේලියාව මේ මස 14 වැනි ඉරිදා ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 2021 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා මුහුණදීමට සූදානමින් සිටිනවා.

එය අවසානයේ දී 7 වැනි T20 ලෝක කුසලානයේ හිමිකරුවන් ලෙස මෙතෙක් කාලයක් පුරාවට T20 ලෝක කුසලානයක් දිනා නොමැති නව ශූරයින් පිරිසක් බිහිවනු ඇත.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once