“එදත් අදත් හෙටත් මම තමයි Universal boss.” – ක්‍රිස් ගේල්

699

බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් වසර ගණනාවක් මුළුල්ලේම ආරම්භක පිතිකරු භූමිකාවට පණ පොවමින් ලොව සිටින ප්‍රබලතම පන්දු යවන්නන් පවා තමා ඉදිරියේ දණ ගැස්වූ, සුවහසක් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගත් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදීමට තීරණය කර ඇති බව කියැවන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා පළ කොට තිබුණි.

ක්‍රිකට් කවුන්සිලය අකිලට කොළ එළි දල්වයි!

ශ්‍රී ලංකා පිළේ ප්‍රධානම දඟපන්දු තුරුම්පුව වන අකිල ධනංජයගේ නව පන්දු යැවීමේ ඉරියව්ව ජාත්‍යන්තර තරග සඳහා භාවිතා කිරීමට අන්තර්ජාතික…….

කෙසේ නමුත් එංගලන්තය සමඟ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියේ දී එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට තමන් සූදානම් බව ඔහු පසුගිය දිනක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණු අතර එම පුවත එංගලන්ත පන්දු යවන්නන් හට නම් එතරම් සුභදායී පණිවිඩයක් නොවන බව බොහෝ දෙනාගේ මතයයි.

39 හැවිරිදි ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරගවල දී ශතක 23ක් සහ අර්ධ ශතක 49ක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඔහු විසින් ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් වශයෙන් එංගලන්තය සමඟ ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය යොදාගැනීමට අපේක්ෂාවෙන් පසු වේ.

තමන්ගේ දිනයේ දී ලොව විශිෂ්ටතම පන්දු බලඇණියට වුවද පහර පිට පහර එල්ල කරමින් ඔවුන්ගේ බල පරාක්‍රමය සුනුවිසුනු කර දැමීමේ අපූර්ව හැකියාවක් ගේල් සතුවන අතර එංගලන්ත කණ්ඩායමට මෙවර තරගාවලිය තුල දී ඔහුගෙන් එල්ල විය හැකි අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නම් වඩාත් හොඳ සැලසුමක් සමඟින් තරග බිමට පිවිසීමට සිදු වනු ඇත.

තවද සිය ශාරීරික යෝග්‍යතා මට්ටම පිළිබඳ තමා ඉතාමත් සෑහීමකට පත්වන අතරවාරයේ යොවුන් ක්‍රීඩකයින් සමඟ එකට අත්වැල් බැඳ ගනිමින් තරගාවලිය කෙසේ හෝ ජය ගැනීම තම අභිප්‍රාය බව ගේල් ඊයේ (17) කෙන්සින්ග්ටන් ඕවල් හිදී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කර සිටියේය.

Video – Dressing රූම් එකේ සිදුවීම ගැන ඇමතිතුමා පහදයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එම…….

“මම මේ දවස්වල ඉතාමත් හොඳින් පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා වගේම මගේ ෆිට්නස් ලෙවල් ඉහළ මට්ටමක පවත්වා ගන්නත් සෑහෙන උනන්දුවකින් කටයුතු කරනවා. තරුණ ක්‍රීඩකයින් එක්ක පුහුණුවීම් කටයුතුවල දී එකට සෙල්ලම් කරන කොට තේරෙන දෙයක් තමයි තාමත් මගේ ඇඟේ ක්‍රිකට් කියන දෙය නැති වෙලා නැහැයි කියන එක, මොකද සමහර වෙලාවට තාමත් එයාලට මාත් එක්ක තරග වදින්න අමාරු අවස්ථා ගොඩක් තියෙනවා.”

“එංගලන්තයේ ආරම්භක පන්දු යවන්නා කවුරු වුනත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි, මොකද ඕනෑම පන්දු යවන්නෙක් ක්‍රිස් ගේල් කියන්නේ කවුද කියලා හොඳින් දන්නවා ඇති කියලා මම හිතනවා. ගොඩක් අය හිතනවා දැන් නම් ගේල්ගේ රැවුලත් පැහිලා, මේක තමයි හොඳම අවස්ථාව ‘Universal boss’ට හොඳ පාඩමක් උගන්නන්න. හැබැයි ඒක නම් හිතන තරම් ලේසි වෙන එකක් නැහැ.”

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇපත් නැති වෙයි

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර (17) පැවති තෙවැනි සහ අවසාන එක්දින තරගයේ දී ද පහසු…….

“ඔයලා අද මේ වෙලාවේ බලාගෙන ඉන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම ක්‍රීඩකයෙක් දිහා. මම තමයි Universal Boss. ඒක එදත් අදත් හෙටත් එහෙමයි. ලෝක කුසලාන තරගාවලිය මගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්. ලෝක කුසලාන තරගාවලිය අවසානයේ දී මගේ ක්‍රිකට් දිවියේ ඉදිරි ගමන පිළිබඳ අවසන් තීරණය ගන්න මම අපේක්ෂාවෙන් ඉන්නවා.”

සිය මාතෘ භූමිය තුල දී සටන් වදින අවසන් එක්දින තරගාවලිය ඉතා සාර්ථක අයුරින් නිම කිරීමේ අපේක්ෂාව පෙරදැරිව තමා ක්‍රීඩා පිටියට පිවිසෙන බව වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ගේල් ප්‍රකාශ කර සිටියේය.

“මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව බටහිර කොදෙව් වර්ණයන්ගෙන් සැරසිලා මගේ රටේ දී ම ක්‍රීඩා කරනවා බලන්න වෙන අවසන් වතාව බොහෝ දුරට මෙය වේවි. මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වුණු අන්තිම දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයේ දී ශතකයක් රැස්කරන්න මට පුළුවන් වුනා. ඒ රිද්මය නැවත වතාවක් ක්‍රියාත්මක කරලා සුවහසක් ප්‍රේක්ෂක ජනතාව සතුටු කරන එකයි තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<