CCC, NCC, SSC සහ කෝල්ට්ස් අපරාජිතව ඉදිරියට

274
CCC, NCC, SSC

අන්තර් සමාජ පළමු පෙළ අවුරුදු 23න් පහල විස්සයි-විස්ස තරගාවලියේ අපරාජිත වාර්තාව තරග 3ක් දක්වා දීර්ඝ කර ගන්නට CCC, NCC, SSC සහ කෝල්ට්ස් යන කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ක්‍රීඩා සමාජ වලට හැකියාව ලැබුණි. මේ තරගාවලියේ ඊයේ දිනය තුළ පැවති තරග 12ක තොරතුරු පහත දැක්වෙයි.

කොළඹ NCC ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් NCC ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 196ක් රැස් කරන ලදී. ලහිරු උදාර හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමග අගනා ලකුණු 93ක් ලබා ගත්තේ පන්දු 44ක් පමණක් වැය කරමිනි. පිළිතුරු ලෙස නාවික හමුදා කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 91ක් පමණි.

ලකුණු පුවරුව:

NCC – 168/7 (20): ලහිරු උදාර – 93, පවන් වික්‍රමසිංහ – 27, රමිඳු ද සිල්වා – 25*, දිනූෂ මාලන් – 2/19, කෝසල බණ්ඩාර – 2/29

නාවික හමුදා ක්‍රී.ස. – සියල්ලන් දැවී – 91 (16.5): මධුර මදුශංක – 26, තිමිර ජයයසිංහ – 2/03, අරවින්ද අකුරුගොඩ – 2/14, රවිඳු තිලකරත්න – 2/16, ලසිත් ඇඹුල්දෙණිය – 2/18, සඳුන් සම්පත් – 2/25)

NCC අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 77ක ජයක්.


බදුරලිය ක්‍රී.ස. සහ ගාලු ක්‍රී.ස. අතර තරගය

කොළඹ NCC ක්‍රීඩාංගනයේ දි පැවති මෙම තරගයෙන් සටන්කාමී ජයක් ලබන්නට බදුරලිය ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් බදුරලිය ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 134ක් රැස් කලේ සචින් හේවාවසම් (27) සහ මිලාන් අබේසේකර (25) ගෙන් ලද දායකත්වයද සමගයි. චතුර ලක්ෂාන් ගාලු කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තත් අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයක් නොලැබීම හේතුවෙන් ඔවුන්ට සිදුවුනේ ලකුණු 19ක පරාජයක් උරුම කර ගන්නටයි.

ලකුණු පුවරුව:

බදුරලිය ක්‍රී.ස. – 134/9 (20) : සචින් හේවාවසම් –  27, මිලාන් අබේසේකර – 25, බිනුක වඩුගේ – 2/14, චතුර ලක්ෂාන් –  2/14

ගාල්ල ක්‍රී.ස. – 115/9 (20) : චතුර ලක්ෂාන් –  46*, ආකාශ් සෙනෙවිරත්න – 3/17, චතුර සමන්තිලක – 2/24

බදුරලිය ක්‍රී.ස. 23න් පහල කණ්ඩායමට ලකුණු 19ක ජයක්.


ගුවන් හමුදා ක්‍රී.ස. සහ මුවර්ස් ක්‍රී.ස. අතර තරගය

කොළඹ SSC ක්‍රීඩාංගනයේ පවතී මේ තරගයෙන් 1 ලකුණක තියුණු ජයක් වාර්තා කරන්නට ගුවන් හමුදා ක්‍රීඩකයන් සමත් විය. නාවික හමුදාව කඩුලු 7ක් දැවී රැස් කළ දුර්වල ලකුණු 114 හඹා ගිය මුවර්ස් ක්‍රීඩකයන් සිය ඉනිමේ අවසන් පන්දුව තෙක් සටන් කළත් ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 113ක් පමණයි.

ලකුණු පුවරුව :

ගුවන් හමුදා ක්‍රී.ස. – 114/7 (20): ලහිරු කුමාර – 40, සචික උදාර – 28*, ශානුක දුලාජ් – 2/17

මුවර්ස් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 113 (20): මින්හාජ් ජලීල් – 20, හේෂාන් උමේන්ද්‍ර – 2/24, දිලිප් තාරක – 2/19, මිලාන් ප්‍රියනාත් – 2/27

ගුවන් හමුදා ක්‍රී.ස. අවුරුදු 23න් පහළ කණ්ඩායමට 1 ලකුණක ජයක්.


වරාය අධිකාරී ක්‍රී.ස. සහ කොල්ට්ස් ක්‍රී.ස. අතර තරගය

කලණ පෙරේරාගේ අර්ධ ශතකයෙන් සවිය ලැබූ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම වරාය අධිකාරී කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයක් ලබන්නට සමත් විය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වරාය අධිකාරී කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 127කි. එම ඉලක්කය කඩුලු 4ක් සහ එක් පන්දුවක් ඉතිරිව තිබියදී සපුරා ගත් කෝල්ට්ස් ක්‍රීඩකයන්, තම තුන්වන ජයග්‍රහණයත් තහවුරු කරගන්නට සමත් විය.

ලකුණු පුවරුව:

වරාය අධිකාරී ක්‍රී.ස. – 127/9 (20): ෂෙහාන් වීරසිංහ – 26, යොහාන් ශානක – 23, අලි ඛාන් – 3/26

කෝල්ට්ස් ක්‍රී.ස.- 130/6 (19.5): කලණ පෙරේරා – 55, තනුර හැලඹගේ – 30*, හෂාන් විමර්ශන – 3/29

කෝල්ට්ස් ක්‍රී.ස. අවුරුදු 23න් පහල කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


ආදී තර්ස්ටන් ක්‍රී.ස. සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රී.ස. අතර තරගය

කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවති මේ තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කරන්නට තරගාවලියේ C කාණ්ඩය නියෝජනය කරන ආදී තර්ස්ටන් ක්‍රීඩකයන් සමත් විය. ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් රැස් කල ලකුණු සංඛ්‍යාව 135කි. C කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායමක් වන බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට පිළිතුරු ලෙස සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 100ක් පමණයි.

ලකුණු පුවරුව:

ආදි තර්ස්ටන් ක්‍රී.ස. -135/8 (20) ඉමේෂ් ලක්ෂාන් – 28, කසුන් අබේරත්න – 27, නවෝද් සමරකෝන් – 22*, චන්දුල ජයමාන්න – 4/29

බ්ලූම්ෆීල්ඩ් ක්‍රී.ස. -සියල්ලන් දැවී – 100 (18.2) සචින් ජයවර්ධන –  38, තරිඳු ලංකාතිලක – 27, සවන් ප්‍රභාෂ් – 3/09, ඩිලාන් මධුසංක – 3/27, නිපුන් ලක්ෂාන් – 2/10)

ආදි තර්ස්ටන් ක්‍රී.ස. අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 35ක ජයක්.


රේගු ක්‍රී.ස. සහ කළුතර නාගරික ක්‍රී.ස. අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේ පැවති මේ තරගය කඩුලු 2කින් ජය ගන්නට කළුතර නාගරික කණ්ඩායම සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රේගු කණ්ඩායමට නියමිත පන්දු වාර 20 තුළ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 105ක් පමණයි. කෙසේ වෙතත් මේ පහසු ඉලක්කය එතරම් පහසුවෙන් සපුරා ගැනීමට කළුතර ක්‍රීඩකයන්ට නොහැකි විය. ඔවුන් තරගය ජය ගත්තේ පන්දු 4ක් සහ කඩුලු 2ක් පමණක් අතැතිවයි.

ලකුණු පුවරුව :

රේගු ක්‍රී.ස.- සියල්ලන් දැවී – 105 (20):  තරිඳු සිල්වා – 25, ගිහාන් සංජීව – 3/32, ගයාන් චාමර – 2/03, රුසිරු රවිශංක –  2/25

කළුතර නාගරික ක්‍රී.ස. – 107/8 (19.2): මිලිඳු සම්පත් – 41, ගීත් පෙරේරා – 30, නුශාන් හසරැල් – 2/18, සමිත රංග – 2/18, අරවින්ද වන්නිආරච්චි – 2/20)

කළුතර නාගරික ක්‍රී.ස. අවුරුදු 23න් පහල කණ්ඩායමට කඩුලු 2ක ජයක්.


හලාවත මේරියන්ස් සහ කොළඹ SSC අතර තරගය.

අවුරුදු 23න්  පහල එක්දින තරගාවලියේ ශූරයන්ට අනපේක්ෂිත පරාජයක් උරුම කර දෙන්නට කොළඹ SSC කණ්ඩායම සමත් විය. තීක්ෂිල ද සිල්වා රැස්  කල අගනා ශතකයෙන් සවිමත් වූ මේරියන්ස් පිතිකරුවන් ලකුණු 165ක් දක්වා තම ඉනිම ඔසවා තබන්නට සමත් විය. කෙසේ වෙතත් අනෙක් පිතිකරුවන්ගේ දායකත්වය අවම මට්ටමක පැවතීම හේතුවෙන් ඔවුන්ට නියමිත පන්දුවාර 20 හෝ සම්පූර්ණයෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

මේරියන්ස් පන්දු යවන්නන්ගේද, දුර්වල දායකත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් රමේෂ් මෙන්ඩිස් (61*) සහ කවිඳු කුලසේකර (42) අගනා පිතිහරඹයක යෙදෙමින් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී SSC කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යන්නට සමත් විය.

ලකුණු පුවරුව :

හලාවත මේරියන්ස් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 165 (18.2): තික්ෂිල ද සිල්වා – 106, රිසිත් උපමාල් – 21, ඇන්ඩෲ පරායස් – 3/29, තරිඳු රත්නායක – 3/40, නුවන් තුෂාර –  2/30

SSC ක්‍රී.ස. – 169/5 (19.5): රමේෂ් මෙන්ඩිස් –  61*, කවිඳු කුලසේකර –  42, චරිත් රාජපක්ෂ – 2/28

SSC ක්‍රී.ස. අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.


සෙන්ට්‍රලයිස්ඩ් ක්‍රී.ස. සහ සැරසන්ස් ක්‍රී.ස. අතර තරගය

මේට්ලන්ඩ් පෙදෙස CCC ක්‍රීඩාංගනයේ පවතී මේ තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලබන්නට සැරසන්ස් ක්‍රීඩකයන් සමත් විය. සෙන්ට්‍රලයිස්ඩ් කණ්ඩායම රැස් කළ ලකුණු 60 ට පිළිතුරු ලෙස එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 7ක් ඇතුලත තරගය අවසන් කරන්නට සැරසන්ස් කණ්ඩායමට හැකි විය.

ලකුණු පුවරුව :

සෙන්ට්‍රලයිස්ඩ් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 60 (18):  A අභීත – 18, ඉශාන් නිලක්ෂ – 4/18

සැරසන්ස් ක්‍රී.ස. – 61/1 (6.3):  ඉශාන් නිලක්ෂ – 30

සැරසන්ස් ක්‍රී.ස අවුරුදු 23න් පහල කණ්ඩායමට කඩුලු 9ක ජයක්.


BRC ක්‍රී.ස. සහ CCC ක්‍රී.ස. අතර තරගය

ඊයේ දිනයේදී මේට්ලන්ඩ් පෙදෙසේ පවතී අනෙක් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබන්නට සත්කාරක CCC ක්‍රීඩා සමාජය සමත් විය. මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් BRC කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 120ක් රැස් කළ අතර CCC ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව :

BRC ක්‍රී.ස. – සියල්ලන් දැවී – 120 (20): රමින්ද විජේසූරිය – 36, චෙනුත වික්‍රමසිංහ –  20, ශාලුක සිල්වා –  3/16, රවීන් සේයර් – 2/24, රොෂේන් අනුරුද්ධ – 2/27

CCC ක්‍රී.ස. – 122/6 (19):  රොෂේන් අනුරුද්ධ – 34*, වොශාන්ත සිල්වා – 33, නිපුන ගමගේ – 1/12)

CCC ක්‍රී.ස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


රියෝ ක්‍රී.ස. සහ යුද හමුදා ක්‍රී.ස. අතර තරගය.

කොළඹ NCC ක්‍රීඩාංගනයේ පැවති තරගයකදී රියෝ ක්‍රීඩා සමාජය පහසුවෙන් පරාජය කරන්නට යුද හමුදා ක්‍රීඩකයන් සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් රියෝ ක්‍රීඩකයන් සියල්ලන් දැවී රැස් කල ලකුණු 84 පසු කර යන්නට යුද හමුදාව වැය කළේ පන්දුවාර 14.2ක් සහ කඩුලු 3ක් පමණයි.

ලකුණු පුවරුව :

රියෝ ක්‍රී.ස.  – සියල්ලන් දැවී – 84 (18.2):  කසුන් තාරක – 15, චමිල් මධුසංඛ – 13, දිල්ශාන් ද සොයිසා – 3/15, යොහාන් ද සිල්වා – 2/17

යුද හමුදා ක්‍රී.ස.  – 87/3 (14.2): නලීන් පෙරේරා – 33*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ – 27

යුද හමුදා ක්‍රී.ස. අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.


රාගම ක්‍රී.ස. සහ කුරුණෑගල තරුණ ක්‍රී.ස. අතර තරගය

දැවැන්ත ජයක් සමගින් කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනය දෙවනත් කරන්නට රාගම ක්‍රීඩා සමාජ පිතිකරුවන් සමත් විය. මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 තුළ දැවැන්ත ලකුණු 273ක් රැස් කරන ලදී. තිලක්ෂ සුමනසිරි නොදැවී ලකුණු 121ක් ලබා ගත්තේ පන්දු 41ක් පමණක් වැය කරමින්. තිලක්ෂගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 13ක් ඇතුලත් විය.

පිළිතුරු ලෙස කුරුණෑගල තරුණයන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණයි.

ලකුණු පුවරුව :

රාගම ක්‍රී.ස. – 273/2 (20): තිලක්ෂ සුමනසිරි – 121*, චරිත් සසලංක – 79*, ජනිත් ලියනගේ – 49)

කුරුණෑගල තරුණ ක්‍රී.ස. – 108/6 (20): වනිත වන්නිනායක – 28, කසුන් මධුසංඛ –  20, සැමුවෙල් කර්බර් – 2/18

රාගම ක්‍රී.ස. අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 165ක ජයක්.


ටැමිල් යුනියන් ක්‍රී.ස. සහ පානදුර ක්‍රී.ස. අතර තරගය

කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගන්නට පානදුර ක්‍රීඩකයන් සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යුනියන් ක්‍රීඩකයන් ලබා දුන් ලකුණු 119ක පහසු ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී සපුරා ගන්නට ඔවුන්ට හැකි විය.

ලකුණු පුවරුව :

ටැමිල් යුනියන් ක්‍රී.ස.  -118/8 (20): චාමික කරුණාරත්න – 35*, ඉසුරු ගුණතිලක – 33, මොහොමඩ් ශිල්මි – 1/6, ශානක රොෂාන් – 1/18

පානදුර ක්‍රී.ස. -122/5 (19.1): අකිල ලක්ශාන් – 44, මොහොමඩ් ශිල්මි – 25, මාධව නිමේෂ් – 24, හරිත් මධුවන්ත – 2/16)

පානදුර ක්‍රී.ස. අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට