Video – පළමු පුහුණු තරගයෙන් ජයගෙන ආ තරංගගේ සුපිරි ඉනිම

621

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර පැවති පළමු නිල නොවන පුහුණු තරගය අද (17) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර එම තරගයෙන් කඩුලු 2ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමත් වුනා. එහිදී අගනා ඉනිමක් දියත් කළ උපුල් තරංග ඉනිමේ කොඳු නාරටිය බවට පත් වෙමින් පන්දු 124කදී ලකුණු 120ක් ලබාගෙන දස්කම් පෙන්නුවා.

තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්!

>>Photos : Sri Lanka vs West Indies – Warm-Up Match 1<<