Home Sinhala චේස්ගේ ප්‍රවේගකාරී ශතකය ඔස්සේ කොදෙව්වන්ට පහසු ජයක්!

චේස්ගේ ප්‍රවේගකාරී ශතකය ඔස්සේ කොදෙව්වන්ට පහසු ජයක්!

65

දඟ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වුවද දිනෙන් දිනම තම පිතිකරණ හැකියාවන් ඔපමට්ටම් කර ගනිමින් සිටින ක්‍රීඩකයෙකු වන රොස්ටන් චේස් අද (20) ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි පුහුණු තරගය තම කණ්ඩායම වෙනුවෙන් දිනවා දීමට සමත් විය. ඒ ප්‍රවේගකාරී ශතකයක් වාර්තා කර ගනිමිනි. 

මේ අනුව කොදෙව් පිළ නුදුරේදීම ඇරඹෙන ප්‍රධාන තරගාවලිය වෙනුවෙන් සූදානම් වීමට ලැබුණු අවස්ථා දෙක හිස් මුදුනෙන් පිළි ගත්තේ එක් ජයග්‍රහණයක් සහ අනෙක් තරගයේ දී හොඳ සටනක් ලබා දෙමිනි.

තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාව ගොඩයයි

නුදුරේදීම ඇරඹෙන උණුසුම් තරගාවලියක් ගැන ඉඟි පළ කරමින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සහ සත්කාරක ශ්‍රී ලංකා…..

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිළ මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කරගත් අතර පැතුම් නිශ්ශංක සමඟ ඉනිම ආරම්භ කළේ උපුල් තරංග වෙනුවට කණ්ඩායමට ඇතුළත් වූ ලහිරු තිරිමාන්නයි. කෙසේවෙතත් තම කණ්ඩායම වෙනුවෙන් පසුගිය තරගයේ දී තරංග ඉටුකළ සේවාවේ හිඩැස පිරවීමට නම් ඔහුට හැකිවූයේ නැත. පන්දු 20කට මුහුණ දෙමින් තිරිමාන්න අද රැස්කර ගත්තේ ලකුණු 4ක් පමණි. පසුගිය තරගයේ දී ලකුණු නොලබා දැවී ගිය පැතුම් නිශ්ශංක අද සාර්ථක වෙමින් පන්දු 43කදී ලකුණු 41ක් රැස්කර ගත්තේය.

මේ වනවිට මැදපෙළ පිතිකරුවන් අතර තරගයකට මැදිව සිටින දිනේෂ් චන්දිමාල් ද අද වැටුනේ අසාර්ථක පිතිකරුවන් ගොන්න අතරටයි. පන්දු 12කට මුහුණ දුන් ඔහු ලකුණු 5ක් ලබා සිටියදී දැවී ගියේ කීමෝ පෝල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. මේ වනවිට නැවතත් දස්කම් අතරට පැමිණෙමින් සිටින අසේල ගුණරත්න අදත් ලකුණු 47ක් ලබා ගත්තේය. ඒ පන්දු 56කට මුහුණ දී හතරේ පහර 4ක් ද එල්ල කරමිනි. කෙසේවෙතත් ප්‍රහාරක පිතිකරුවෙකු ලෙස ලෝක කුසලානයේ දී දස්කම් දැක්වූ භානුක රාජපක්ෂටත් (05) අද දිනය සුබවාදී වූයේ නැත.

Photos: Sri Lanka vs West Indies – Warm-Up Match 2

මේ අතර පසුපෙළ පිතිකරුවන් දෙදෙනෙකු ලෙස ඉහළ දක්ෂතා දැක්වීමට නවක ක්‍රීඩකයින් දෙපළක් වන මිනෝද් භානුක සහ රමේෂ් මෙන්ඩිස් සමත් වූ අතර සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සබඳතාවයක් ගොඩ නැගීමට ද ඔවුන් දෙදෙනාට හැකිවිය. එහිදී අදටත් නිරෝෂන් දික්වැල්ලට වඩා දස්කම් අතින් අඩු යැයි තේරීම් කමිටු නිලධාරීන් විශ්වාස කරන මිනෝද් භානුක තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පන්දු 88කදී ලකුණු 69ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. කෙසේවෙතත් සංචිතයට ඇතුළත්ව සිටින්නේ ඔහු නොව දික්වැල්ලයි!

තවත් අවුරුදු 3-4ක් මේ රිද්මයෙන් ක්‍රීඩා කරන්න පුළුවන් – විරාත් කෝලි

පසුගිය වසර 8-9ක කාලය තුල විරාත් කෝලිගේ ක්‍රීඩාවට සම කළ හැකි කිසිවෙකු සිටියේ නැත. එම වසර කීපය තුල ඔහු ලබා ගත්……

මෑත අතීතයේ දේශීය තරගාවලි වලදී මෙන්ම විදෙස් සංචාර කිහිපයකදීම “අඛණ්ඩ දස්කම්” ප්‍රදර්ශනය කළ රමේෂ් මෙන්ඩිස් අද ලකුණු අතරට පිවිසියේ පන්දු 63කදී නොදැවී ලකුණු 64ක් ලබා ගනිමිනි. ඔහුගේ තැනට සුදුසු ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. එම දස්කම් නිසාම ශ්‍රී ලංකාවට තම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 276ක් ලබා ගැනීමට හැකිවිය. එහිදී දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කීමෝ පෝල් සහ දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු වන රොස්ටන් චේස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකු එකතු වී අමාරුවෙන් ගොඩ නැගූ ලකුණු පුවරුව සාර්ථකව හඹා යාමට කොදෙව් පිළේ එක් ශක්තිමත් සබඳතාවයක් ප්‍රමාණවත් විය. ඊට හවුල් වූයේ කොදෙව් කඩුලු රකින පිතිකරුවෙකු වන රොස්ටන් චේස් සහ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට ඇතුළත්ව පිත්තෙන් අවස්ථා කිහිපයකදීම විස්මිත දස්කම් දක්වා ඇති රොස්ටන් චේස් නම් ක්‍රීඩකයින් දෙදෙනායි. ඔවුන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 133ක සබඳතාවය මෙම තරගය සම්පූර්ණයෙන්ම කොදෙව් දේශයේ නමට ලියා දෙන්නට ප්‍රමාණවත් විය.

එහිදී ආරම්භක පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ ශයි හෝප් පන්දු 102කට මුහුණ දෙමින් ලකුණු 85ක් රැස් කළේ අලංකාර හතරේ පහර 11ක් සමඟයි. අද කටුනායක දී ශ්‍රී ලංකාව නිරුත්තර කළ රොස්ටන් චේස් පන්දු 113කදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 136ක් ලබා ගත්තේය. ඔහුගේ මෙම “තරග දිනවන ඉනිම” හතරේ පහර 16කින් සහ එක් හයේ පහරකින් සුපෝෂණය විය. ඔවුන් දෙදෙනාට අමතරව ලකුණු 10 සීමාව පසුකර ගියේ නොදැවී ලකුණු 34ක් ලබාගත් සුනිල් ඇම්බ්‍රයිස් පමණක් වුවත් එය කොදෙව් පිළ කඩුලු 6ක පහසු ජයක් කරා ගෙන යාමට ප්‍රමාණවත් විය.

පුහුණු තරගයේ දී වැඩ පෙන්වපු තරංග දොට්ට; චන්දිමාල්ටත් ඉඩක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර පැවැත්වෙන, නිල පුහුණු එක්දින තරග සඳහා……

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු පමණක් කඩුලු 2කට හිමිකම් කියූ අතර අසිත ප්‍රනාන්දු සහ අමිල අපොන්සු එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. අසේල ගුණරත්න අද පන්දුවාර 6ක් ක්‍රියාත්මක කළ ද කඩුලු දවා ගැනීමට නම් ඔහුට හැකිවූයේ නැත. කොදෙව් පිළ අද තරගය ජය ගත්තේ තවත් පන්දුවාර 3.3ක් ඉතිරිව තිබියදීයි. 

මේ අනුව දෙරට අතර ප්‍රධාන තරගාවලිය ඇරඹීමට පෙර සූදානම් කර තිබූ පුහුණු තරග දෙක නිමාවට පත්වූයේ 1-1ක් ලෙස “දෙපිළම සූරයින්” බවට පත් කරමිනි. එබැවින් අනිද්දා (22) SSC පිටියේ දී ඇරඹෙන ශ්‍රී ලංකා – කොදෙව් පළමු එක්දින තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

Result


Sri Lanka
276/8 (50)

West Indies
277/4 (46.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c & b Roston Chase 41 43 5 0 95.35
Lahiru Thirimanne c Kieron Pollard b Jason Holder 4 20 0 0 20.00
Dinesh Chandimal b Keemo Paul 5 12 1 0 41.67
Asela Gunarathne c Shai Hope b Fabian Allen 47 56 4 0 83.93
Bhanuka Rajapakse c Darren Bravo, b Roston Chase 5 9 1 0 55.56
Minod Bhanuka c Shai Hope b Keemo Paul 69 88 4 1 78.41
Ramesh Mendis not out 64 63 5 2 101.59
Amila Aponso lbw b Hayden Walsh 1 5 0 0 20.00
Kasun Rajitha run out (Keemo Paul) 6 4 1 0 150.00
Vishwa Fernando not out 3 2 0 0 150.00


Extras 31 (b 0 , lb 3 , nb 2, w 26, pen 0)
Total 276/8 (50 Overs, RR: 5.52)
Fall of Wickets 1-21 (7.2) Lahiru Thirimanne, 2-47 (10.6) Dinesh Chandimal, 3-62 (13.2) Pathum Nissanka, 4-74 (17.2) Bhanuka Rajapakse, 5-143 (29.4) Asela Gunarathne, 6-226 (45.1) Minod Bhanuka, 7-239 (46.5) Amila Aponso, 8-246 (47.4) Kasun Rajitha,

Bowling O M R W Econ
Romario Shepherd 9 0 62 0 6.89
Jason Holder 8 1 34 1 4.25
Keemo Paul 9 0 45 2 5.00
Roston Chase 9 1 57 2 6.33
Hayden Walsh 7 0 44 1 6.29
Fabian Allen 5 1 17 1 3.40
Rovman Powell 3 0 14 0 4.67


Batsmen R B 4s 6s SR
Brandon King c Minod Bhanuka b Asitha Fernando 7 10 1 0 70.00
Shai Hope lbw b Amila Aponso 85 102 11 0 83.33
Darren Bravo, c Minod Bhanuka b Vishwa Fernando 3 10 0 0 30.00
Roston Chase b Vishwa Fernando 136 113 16 1 120.35
SW Ambris not out 34 44 1 1 77.27
Fabian Allen not out 0 0 0 0 0.00


Extras 12 (b 0 , lb 3 , nb 0, w 9, pen 0)
Total 277/4 (46.3 Overs, RR: 5.96)
Fall of Wickets 1-20 (4.3) Brandon King, 2-35 (7.6) Darren Bravo,, 3-168 (30.5) Shai Hope, 4-276 (46.3) Roston Chase,

Bowling O M R W Econ
Asitha Fernando 7.2 0 39 1 5.42
Vishwa Fernando 8.3 0 56 2 6.75
Kasun Rajitha 10 0 66 0 6.60
Amila Aponso 10 0 47 1 4.70
Ramesh Mendis 4.4 0 25 0 5.68
Asela Gunarathne 6 0 41 0 6.83



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<